සාරණ
 







































සාරණ : Boerhavia dittusa
පර්යාය නාමය : Baerhaavia procumbers
කුලය : Nyctagineae
සිංහල නාමය :   සාරණ  : Sarana
සංස්‌කෘත නාමය :  පුනර්නවා (සුදු - රතු) : Punarnawa (W / Red)
දෙමළ නාමය :   මුකවෙල්ලායි රට්‌ටා  :  Mookavellai Rattai
ඉංග්‍රීසි නාමය :   ස්‌ප්‍රිඩිං හොග්වූඩ් : Spreading Hoog Wood
හින්දි නාමය :   පුරනා / ගඩා  : Purana / Godha






image


වැවෙන ස්‌ථාන :-
පහත රට මුහුදු තීරයේ විශේෂයෙන්ම තෙත සහිත මුඩුබිම්වල හොඳින් වැවේ.

ස්‌වාභාවික ලක්‌ෂණ :-
කුඩා පැළෑටියකි. මුල් සිහින්ය. දීර්ඝය. බහුවාර්ෂික ශාකයකි. ශාඛා බිමට නැමී පවතී. බෙදී පවතියි. දම් පැහැති ළපටි අතු නෙත් සිත් ඇදගනී. වැඩුණු අතු අඩි 2-4 පමණ දිගය. පත්‍ර දාරය කඩතොලු රහිතයි. නො නැමී පවතී. කලාතුරකින් රත් පැහැති කොළ දක්‌නට ලැබේ. සාමාන්‍යයෙන් ඒ කොළ පැහැතිය. හෘදයාකාරය. සිනිදුය. විශාලම පත්‍රයක්‌ සෙ.මී. 11 ½ පමණ දිගය. මල් හටගන්නේ කිනිත්තක එකම ස්‌ථානයේය. වර්ෂයේ සෑම කාලයකම මල් දක්‌නට හැකිය. ඝනකමින් අධික ගෙඩි ඉතා කුඩාය. මල්වල පැහැයට අනුව සාරණ වර්ග දෙකකි. සුදු හා රතු සාරණ යනුවෙනි. ගුණයෙන් උෂ්ණ වන මේවා රසයෙන් තික්‌කා හා මධුර වෙයි.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- මුල්, කඳ, කොළ.


සුවකළ හැකි රෝග :- ජලෝදරය, සෙංගමාලය, ගොනෝරියාව, ඇදුම, පාණ්‌ඩුව, ගොථ, මූත්‍රාබාද


නිෂ්පාදිත ඔසු :-
1. පුනර්නවාෂ්ටකය.
2. පුනර්නවාදි යොගය.
3. පුනර්නවාදි තෛලය
4. පුනර්නවා අර්කය.
5. පුනර්නවාසවය.
6. පුනර්නවා මණ්‌ඩුරය.
7. පුනර්නවාදි වටකය.


වෙව්ලීම සහිත උණට (ශීත ජවරයට)


සාරණ මුල්, දේවදාර, වැල් මී, සුදු හදුන් සමව ගෙන හොදින් අඹරා ඩ්‍රෑම් 3 බැගින් දවසට 3 වරක්‌ උණු දියෙන් පාවිච්චියට ගැනීම යහපත්ය.

(c) Shilpa Sayura Foundation 2006-2017