ස්‌වභාවික ලක්‌ෂණ :- මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. උස අඩි 36½ (මීටර් 10) පමණ වෙයි. සිව් දිශාවටම අතු බෙදී පවතී. පත්‍ර කුඩාය. සිව් දිශාවටම අතු බෙදී පවතී. පත්‍ර කුඩාය. දාරය නො නැමී කඩතොලු රහිතව පවතී. පිහිටීම එකිනෙකට විරුද්ධවය. ෂිනිදුය. දිගින් සෙ.මී. 5 පමණ වනාතර පළලින් ඒ 3/4 – 1” පමණ වේ. කුඩා මල් රුසකි. මේරූ පසු ඒවා දම් පාටට හුරු රතු පැහැයක් ගන්නා මුත් ළපටි පොහොට්‌ටු ලා කොළ පැහැතිය. සිලින්ඩරාකාර කෙළවරක් ඇති ගෙඩි කුඩාය. ඉදුණු කල්හි ඒ කළු පැහැයක් ගනී. එතුළ ඇත්තේ බීජ එකකි. ඉන්දියාවේ මලය ජනපදයේ අධිකව වැවෙන හෙයින්ම 'මලයජ' නම් පර්යාය ශබ්දය ද සුදු හදුන් ගසට යොදා ඇත. ඒ ඉතාමත්ම සුවඳවත්ය. තිත්ත මධුර රසැති සුදු හදුන් ගුණයෙන් ශීතලය. ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- කොළ, මුල්, තෙල් සහ කඳේ අරටුව. සුවකළ හැකි රෝග :- අතීසාරය සහ දාහයට :- නිෂ්පාදිත ඔසු :- 1. චන්දනාදි චටි
සුදු හදුන් :
Santalum album
කුලය :
Satalaceae
සිංහල නාමය :
සුදු හදුන් :
Sudu hadun
සංස්‌කෘත නාමය :
චන්දන / මලයජ් :
Chandana / Malayaja
දෙමළ නාමය :
චන්දනකට්‌ටායි :
ChandanaKattai
ඉංග්‍රීසි නාමය :
වයිට් සැන්ඩල් වූඩ් :
White Sandal Wood
හින්දි නාමය :
චන්දාල් :
Chandal
බෙංගාලි නාමය :
ස්‌වෙට් චන්දන :
Sweet Chanana
වියළි කලාපයේ වැවෙන ශාකයක් මුත් දක්‌නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.
වමනය, උණ, පිපාසය, අතීසාරය, උෂ්ණාධික රෝග, හිසරුදාව, කෘමි, උණ, ශ්වේතප්‍රදරය හා ගොනෝරියාව.
සුදු හදුන් කල්කය ඩ්‍රෑම් 3ක් සීනි, මීපැණි සමඟ මිශ්‍රකර හාල් පානු දියෙන් රෝගියාට පානය කිරීමට සැලැස්‌වීමෙන් බලාපොරොත්තු රහිත ගුණයක් ලබාගත හැකිය.
2. චන්දනාදි ක්‌වාතය
3. චන්දනාදි තෛලය
4. චන්දනාසවය.