හිඟුරුපියලි
 




























හිඟුරුපියලි : Kaempferia galangal
කුලය : Zingiberaceae
සිංහල නාමය  : හිඟුරුපියලි / ඉඟුරුපියලි : Hingurupiyali / Ingurupiyali
සංස්‌කෘත නාමය : සුගන්ධා (සුගන්ධි) ශටි : Suganda Shatti
දෙමළ නාමය : කන්ච්චෝලා / කෙලෙන්ගු  Kanchchola / Kalangu






වැවෙන ස්‌ථාන :-
මුහුදු මට්‌ටමෙන් අඩි 3000 (මීටර්) ක්‌ පමණ උස්‌ බිම්වල වැවේ. කලාතුරකින් දක්‌නට ලැබෙන ශාකයකි.

ස්‌වභාවික ලක්‌ෂණ :- 
පළමු වසර තුළ ශාකය වැඩී ඵල දරා විනාශයට පත්වන පැළෑටියකි. මුල් සහ අල ඉතා සුගන්ධවත්ය. පිටින් දෘශ්‍යමාන වන කඳක්‌ නොමැත. පත්‍රිකා දෙකක්‌ ලම්බාකාරව පිහිටයි. ඒවායේ කෙළවරවල් පොළොවට බරව පිහිටයි. දාර තරමක්‌ දැඩිය. දිගින් සෙ.මී. 12 පමණ වන පත්‍රයක පළල සෙ.මී. 8ක්‌ තරම් වෙයි. තද කොළ පැහැය ගනී. ද්විලිංගික මල් සුදු පාටය. එකක පෙති 3 කි. පොකුරු වශයෙන් හටගන්නා එම පුෂ්පයෝ පීදෙනුයේ ජූනි සහ ජූලි මාසයන්හිදී ය. ස්‌ඵොටික (මේරු පසු පුපුරා සුළඟේ පාවෙන) ගණයට අයත් වන ගෙඩි ආවරණය වී ඇත්තේ තුනී පටලවලිනි. අලයක්‌ වටා සියුම් කඳ පවතී.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- අල සහ කොළ


වෙනත් විස්‌තර :-
හිඟුරුපියලි වලට සංස්‌කෘත බසින් ශටී – සුගන්ධා - චන්ද්‍ර මූලිකා ආදී නම් භාවිතයේ පවත්නා අත රඉපැරණි ලාංකික වෛද්‍යවරු " නිඹාවර " නම් සංස්‌කෘත නමකින් ද ඒ හදුන්වනු ලැබේ. එදා මෙන්ම අදත් බොහෝ හෙල කතුන් මුඛය සුවඳවත් කරගැනීම පිණිස තමන්ගේ බුලත් විටට හිඟුරුපියලි යොදා ගැනීමට අමතක නොකරත්.


සුවකළ හැකි රෝග :-
කැස්‌ස, – වමනය, – අරුචිය, ඇදුම, මුඛරෝග, වාතරක්‌තය, පීනස.


 

(c) Shilpa Sayura Foundation 2006-2017