එකොළොස්වන කොටස
 


 

වෙසතුරු රජතුමා වංකගිරියට පැමිණ අඹුදරුවන් සමඟ තාපස වෙස්‌ ගැනීම

වඩා දෙදෙන දරුදෙන්නා සමගින් තිස්‌ යොදුනක්‌ ගොසිනේ-හැර
විඩා සවස වේතිය අගනුවරට පත්වුනි සිත් තොසිනේ
කුඩා කළෝ මහ වන දෙවියෝ වෙසතුරු නිරිඳුගේ තෙදිනේ-දැක
අඬා දොඬා වේතිය රට රජවරු කිව්වෝ මේ ලෙසිනේ

තුංග තෙදැති වෙස්‌සන්තර සමිඳුනි නොයන්න ඔය ගමනා-නෙක
චණ්‌ඩ සතුන් ඇති බියකරු වනයකි වංගගිරිය කියනා
ඉන්ඩ හැකිද මේ බිසවට සහ දරුවන්ටත් සොමි නසිනා-මෙහි
ඉන්ඩ හොඳයි රජකම අත්කරගන සැප විඳ රිසි ලෙසිනා

මේ ගැන කිසිවෙක්‌ අසතුටු නොම් වෙනු මෙගමනයමි පවසා-එම
රැදින එහි ඉඳ පසුඳා උදයම සහ එම රජ පිරිසා
ඒ වන පසළොස්‌ යොදුනක්‌ තැන් ගොස්‌ නවතා එම පිරිසා-නිසි
සේදැන මග තතු වංකගිරියටම පත්උනි එම දවසා

හතක්‌ වංගි ඇති යොදුන් ගණන් වට විසාල ගල් වල ලු-එම
නොයෙක්‌ සුවඳ ඇති මල් පිපි සපුනාතුරු පෙල හොඳරුව ලු
සතෙක්‌ නපුරු ඇස දක්‌නට නම් නැත දෙව් තෙදබල වැඩිලු-යස
එසත් රජුගේ අණමෙන් විස්‌කම් මැව් පන්සලටම ගියෙලු

විසල් ජටා බැඳ තවුස්‌ පැවිදිව අඹුදරුවන් සමගේ-අති
නිමල් සීල රැක උන්නා වෙසතුරු හිමි සිත්කර එකගේ
දවල් දවස පළවැල ගෙනදීමෙන් බිසවද නොවම ලගේ-යස
කිරල් දෙනක්‌ වගෙ දරු දෙන්නා රැක උන්නා වෙන මවගේ





ජූජක බමුණුගේ පිළිවෙල කතාව-බමුණුගේ අන්දම

නිකට උලයි දික්‌ හ;ගුරැවුලයි කට දත් ඇදිලයි පොල්මුල් වාගේ
පයබකලයි බරවා කඩියයි ලොකු බඩගෙඩියයි කලයක්‌ වාගේ
ඇඟ කොරලයි ඇස්‌ කබ පිරිලයි කොදු ඇටමහගොඩයි කිඹුලා වාගේ
වකගැහිලයි හිස පැතැටියයි දුට බඩ දගලයි හැටි බමුණාගේ

(c) Shilpa Sayura Foundation 2006-2017