වස්තුවක් මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය එම වස්තුවේ බර ලෙස හැදින්විය හැක.දැන් අපි යම් වස්තුවක බර ලබා ගැනීම පිළිබඳව සමීකරණයක් ගොඩනගමු.
වස්තුවක බර = ස්කන්ධය × ගුරුත්වජ ත්වරණය යන සමීකරණය මඟින් ඕනෑම වස්තුවක බර සොයාගත හැක.
තනමු එදිනෙදා ජීවිතයේදී ඔබ වෙළද සැලකින් බඩු (සහල්,පිටි,සීනි වැනි) ගන්නා විට එහි කිරන්නේ බර වන අතර එහි සකන්ධය රැගෙන ගුත්වජ ත්වරණයෙන් ගුණ කර ගැනීම සාමාන්‍ය ජීවිතයේදී නොකරයි.
ඉහත සමීකරණයේ සම්මත සංකේත ලෙස ස්කන්ධය = m ද, ගුරුත්වජ ත්වරණය = g ද, ලෙස ගත් විට මෙහි සමීකරණය වන්නේ.
වස්තුවක බර = m × g වේ.
එනම් වස්තුවක බර = mg වේ.
වස්තුවක බර සෑම විටම සිරස්ව පහළට ක්‍රියා කරයි.
දැන් අපි වස්තුවක් මත බර ක්‍රියා කරණ ආකාරය පහත රූපසටහින් මඟින් දකක්වා ඇත.