අලු පුහුල්
 














































අලු පුහුල් Benicasa Cerifera
පර්යාය නාමය Cucurbita Pepo
කුලය Cucurbitaceae
සිංහල නාමය අලු පුහුල් Alu Puhul
සංස්‌කෘත නාමය කුෂ මාණ්‌ඩ Kuusha manda
දෙමළ නාමය පුචිනි Puchini
ඉංග්‍රීසි නාමය ඈෂ්පම්ප්කින් Ash Pumpking
හින්දි නාමය ගොල් කණ්‌ඩු Gol Kandu
බෙංගාලි නාමය කුම්රා Kumra
තෙලඟු නාමය බූඩිගුම්මාඩි Boodigummadi






ස්‌වභාවික ලක්‌ෂණ :-


          වර්ෂයක පමණ කාලයක්‌ නොමැරී පවත්නා වැල් විශේෂයකි. කඳ වටකුරුය. වැඩුණු වැලක කඳෙහි විෂ්කම්භය අඟල් 1 හො 1 ½ පමණ වෙයි. අඩි 20-80 දක්‌වා දිගට වැවේ. සිහින් කෙඳි සහිත මෙම කඳෙන් බෙදී පවතින ශාඛා වල විෂ්කම්භය ද ප්‍රධාන කඳේ විෂ්කම්භයට සමානය. ඒවායේ කෙඳි (රෝම) පවතී. ඝල් තරමක්‌ විශාලය. කහ ලැහැතිය. වැඩුණු ඵල අඟල් 12-18 දිගැතිය. පළල අඟල් 8-10 අතර වේ. පහළ මුහුණත මොටය. ලපටි අවස්‌ථාවේ රෝම වලින් ඒ ගැවසී පවතී. ළපටි ඵලවල මෙන්ම පැසුණු විට ද පොත්ත වටා අලු වර්ගයක්‌ දක්‌නට ලැබේ. මදයට ඇලී පවතින (අධික සංඛ්‍යාවකින් සමන්විත වූ) බීජවල හැඩය දෙපසම උල් සහිතය.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- ගෙඩි, බීජ, කඳ.


ගුණය :- ලේ කැටි ගැසීමේහි ගුණය, මැලේරියා මර්ධනයට හිතකරය, සිසිල් කාරකය.


සුව කළ හැකි රෝග :- ලේ වමනය, ක්‍ෂය රෝගය, අපස්‌මාරය, නාඩිගත ව්‍යාධි, ආහාර විෂ වීමෙන් ඇතිවන උපද්‍රවයයන්.


වෙනත් රෝගී අවස්‌ථාවකට යෙදිය හැකි පිළියම් :-


1. ආහාර විෂ වූ අවස්‌ථාවක පුහුල් යුෂ බීමට දීම.
2. ආහාර විෂ වූ අවස්‌ථාවක පුහුල් වැලේ කඳ කැබලි වලට කපා කසාය කර පානය කරවීම.


නිෂ්පාදිත ඔසු :-


1. කුෂ්මාණ්‌ඩ සෘතය
2. ඛණ්‌ඩ කුෂ්මාණ්‌ඩය
3. කුෂ්මාණ්‌ඩ රසායනය.

(c) Shilpa Sayura Foundation 2006-2017