දසවැනි කොටස
 


 

කුමාරවරු ඔවුනොවුන් සමඟ සුරතල් දොඩමින් වනාන්තරයේ ගිය ලීලාව

අඹයි දඹයි බෙලි දිවුලුයි කඩන්න ලේ සී-යස
පලුයි මොරයි පැනි දොඩමුයි තිබෙන්නෙ පැ සී
යසයි රසයි හොඳ සුවඳයි ලොකු අන්නා සි-හිමිහට පැවතුම්
උඩයි බිමයි කදිම හැඩයි පලවැල රා සි

පේර දෙලුම් ජවනාරම් අගෙයි ඉදි ව් වා-මේ
සාර වගේ අපි නුදුටිමු වෙරලු වැටි වා
මීර රසයි දන් හිඹොටුත් හුඟයි පැහි ව් වා-අනෙ
පාර දෙපස වතුකැන් හොඳ හැඩයි ඉඳිව් වා

අයියෙ අන්න පුංචි ගහක ජම්බු ඉඳී ලා-ඔහො
අයියෙ මෙන්න ලොවි රඹුටන් බරට නැමී ලා
අයියෙ දෙන්න මේ සේරම මටම කඩා ලා-තව
අයියෙ ඔන්න එරමිනියා බිමට වැටී ලා

නංගියෙ අපි කිනිති පිටින් රඹුටන් කඩ මු-මේ
වංගියේ අපි බිම බැහැලා තරගෙට දුව මූ
නංගියෙ කිරි බොන්න නොගොස්‌ පලවැල කඩමු-වට
වංගියෙ ඇවිදින්න එපා හෙවනේ ඉඳි මු

කඩා දෙන්න අම්මේ අම්මේ ඇඹිල ඉඳි ව් වා-අනෙ
කඩා ගන්න අම්මේ බැරිය කරඹ පැහි ව් වා
කඩා ගන්න අපට හැකිය බිමට නැමි ව් වා-මල්
කඩා දෙන්න සමන්පිච්ච හොදට පිපි ච් චා

බැද්ද හොදයි අද අපටත් සැපයි තාත්තේ-සුදු
රෙද්ද වගෙයි මල් පිපිලා පාර දෙපැ ත්තේ
බැද්ද මැදින් මේ කොතනට යමුද තාත්තේ-අවු
රුද්ද වගෙයි සන්තෝසයි ඉතින් තාත්තේ

කන්න පුතේ පැණිවරකා නොකර පෙරැ ත්තා-මේ
යන්නෙ පුතේ රෑ වෙනකොට දකින්න මුත්තා
එන්න පුතේ බතුත් දේවි-එහේ ආ ත්තා-බැස
පන්න පුතේ පයින් යමින් රිදේ ලැ පැත්තා

ගිරා මලිත්තෝ පැන පැන මී අඹ කනවා-බඩ
පුරාම දෑකැති කුරුල්ලො මල් පැනි බොනවා
පුරාම මල් රේනු කකා නාද කර නවා-ඇස
පුරා නංගි බලපන්කො කුරුල්ලො යනවා

නාද කරති අතු අඟ ඉඳ ගිරා කොබෙ යියෝ-මහ
යෝද පැටව් බඩ බැඳගෙන පනිති රිළයියෝ
හාද වෙලා හිස කසමින් සිටිත එරයියෝ-දුටු
වාද සැරෙන් පියඹා යන නීල කොබෙයියෝ

මලින් මලේ රොන් ගනිමින් බඹරු අඬන්නා-තව
පලින් පලේ පිලි විදහා මොනරු නටන්නා
රැලින් රැලේ ගෝන මුවෝ පොර ඇන ගන්නා-මේ
දොලින් දොලේදිය පිරිලා ගලා බසින්නා

කුමාරවරු පලවැල දැක කඩන සිතින්නේ-දිගු
කලාම අත ගස්‌වල අතුබිමට නැමෙන්නේ
බොහෝම හුරතල් දොඩමින් හිනා වෙමින්නේ-සිත
මනාප තරමක්‌ පලවැල කඩති අතින්නේ

දාර පිඹුරු නා පොළොගුන් සහ අලි ඇත්තු-නෙක
ගෝර සිංහ දිවි වලසුන් යනාදි සත්තු
දිර තෙදැති දෙවියෝ එම කැලේ අරක්‌ ගත්තු-යන
පාර අසල එන්ට නොදී පන්නා ගත්තු

(c) Shilpa Sayura Foundation 2006-2017