අලරිය
 














































අලරිය Nerium odorum
පර්යාය නාමය Belutta Areh
කුලය Apocynaceae
සිංහල නාමය අලරිය / කනේරු Alariya / Kaneru
සංස්‌කෘත නාමය කරවීර Karaweera
දෙමළ නාමය කනවීරම් Kanaweeram
ඉංග්‍රීසි නාමය ස්‌වීට්‌ ඔලි ඇන්ඩර් Sweet Scented Oleander
හින්දි නාමය කනේර් Kaner
බෙංගාලි නාමය කරබි Karabi
තෙලඟු නාමය ගයුනේරු Gauneru






වැවෙන ස්‌ථාන :-


     කඳ කොළ පැහැති මෙම පදුරු වර්ගය ගෘහස්‌ථ උද්‍යානයන්හි වවා ගැනීමට බොහෝ ලාංකිකයන් ඉමහත් රුචියක්‌ දක්‌වති. එසේ වවනු ලබන්නේ ශාකයෙන් පිදෙන අලංකාර මල්වලට දැඩි කැමැත්ත නිසාය. වඩාත් බහුලව දක්‌නට ලැබෙන්නේ උතුරු මැද පළාතේය.


ස්‌වභාවික ලක්‌ෂණ :-


      කඳ සෘජු, පැළෑටියේ පහළ කොටසින් ශාඛා රැසක්‌ සිව් දෙසට විහිදේ. පත්‍රයක දිග අඟල් 2-6 අතර ය. පළල අඟල් 1-1½  පමණ වේ. පත්‍ර කෙළවර උල්ව පිහිටා ඇත. දෙපසම මෘදුය. තද කොළ පැහැතිය. පොකුරු සහිත මල් රැසකි. මල්වල පාට අනුව කනේරු වර්ග දෙකකි. සුදු මල් වර්ගය හා රෝස පැ#ති වර්ගයන්ය ඒ. මිහිරි සුවදක්‌ විහිදේ.


වෙනත් විස්‌තර :-


        භය මාරක හෙවත් අශ්ව මාරක නමින්ද මේ කනේරු හදුන්වනු ලබන්නේ සියලුම සිවුපාවුන් වෙසෙසින්ම අශ්වයන් හට මරණ තර්ජන එල්ල කරවන සුළු දරුණු විෂක්‌ කනේරු අලයේ පවතින බැවිනි.
කනේරු බීජයේ පවත්නා මදෙහි 'කැඩියක්‌ ග්ලයිකොසයිඩ්' නම් එන්සයිමය නොමදව පවතින බව නවීන විද්‍යාත්මක පර්යේෂණ වලින් ඔප්පු වී ඇත. එම එන්සයිමයෙන් කෙරෙනුයේ හෘදය අකර්මන්‍ය කරවීමයි. නවීන වෛද්‍ය ක්‍රමයේදී හදවත් රෝගීන් උදෙසා ප්‍රතිකාරයක්‌ වශයෙන් යොදා ගනු ලබන ඩිගොක්‌සින් නමැති ඔසුව අධික මාත්‍රාවකින් ශරීරගත වූවොත් ද සිදුවනුයේ කනේරු ඇට අධික ප්‍රමාණයක්‌ සිරුර ගත වූ කෙනෙකුට මුහුණදීමට සිදුවන දේ මය. එනම් හදවතේ ස්‌වභාවික රිද්මය වියවුල් වී ඒ අකර්මන්‍ය වීමයි. ඉහත සඳහන් කළ ඖෂධය අධික මාත්‍රාවකින් සිරුර ගත වූ රෝගීන් උදෙසා ප්‍රතිකාරයක්‌ වශයෙන් දැනට යොදාගන්නා විශේෂිත වූ ප්‍රතිදේහක්‌ සහිත ඔසුව කනේරු ඇට ආමාශගත වීමෙන් අසාධ්‍ය තත්ත්වයන්ට මුහුණ දෙන, ලාංකික රෝගීන් උදෙසා ද (බටහිර) නවීන වෛද්‍යවරුන් (විශේෂයෙන් අනුරාධපුරය, පොළොන්නරුව ආදී පළාත් හි පිහිටා ඇති රෝහල්වල) යොදා ගනී. එම ඔසුව ඔවුන් නම්කර ඇත්තේ කනේරු ටැබ් නමිනි.


මෙම කරුණු ගැන සිතා බලන විට අද වැනි විද්‍යාත්මක දැනුමක්‌ හෝ වෛද්‍ය උපකරණ හෝ නොතිබුණු ඉපැරණි ආයුර්වේද ශාස්‌තෘවරුන්හට ද කනේරු ශාකයේ පවත්නා මාරාන්තික විෂ පිළිබඳ තීක්‌ෂණ වැටහීමක්‌ පැවති බවට හොඳම නිදසුනකි. "භය මාරක" නම් පර්යාය ශබ්දයකින් ද ඒ නම් කිරීම.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- කොළ, මල් සහ මල්.


සුව කළ හැකි රෝග :- පණු කැවිලි, කල්ගත වූ තුවාල, අක්‌ෂි රෝග, ඇස තුළ සිදුවන විශේෂිත ප්‍රදාහිත අවස්‌ථාවක්‌ වන "ඔප්තැල්මියා" නම් රෝගය.


ඔප්තැල්මියා හෝ ඇසෙහි ප්‍රදාහිත අවස්‌ථාවට :-


1. කනේරු දළු යුෂ ස්‌වල්පය බැගින් අක්‌ෂි ගෝලය මතට හෙලීම. (දක්‌ෂ අක්‌ෂි වෛද්‍යවරයෙකුගේ අනු දැනුම ලබා ගන්න)


නිෂ්පාදිත ඔසු :-


1. කරවිද්‍ය තෛලය.


 

(c) Shilpa Sayura Foundation 2006-2017