අත්තික්කා | Flcus Glomerata | |
කුලය | Moraceae | |
සිංහල නාමය | අත්තික්කා | Attikka |
සංස්කෘත නාමය | උදුම්බරා / දිඹුල් | Udumbara / Dimbul |
දෙමළ නාමය | අට්ටි | Atti |
ඉංග්රීසි නාමය | කන්ට්රිෆිග්ට්රී | Country Fig Tree |
හින්දි නාමය | ගුලාර් | Gular |
බෙංගාලි නාමය | ජයිනා ඩුමාර් | Jaina-Dumar |
තෙලඟු නාමය | අට්ටිමානු | Attimanu |
වැවෙන ස්ථාන :- පහතරට උස් තෙත් බිම්වලත්, ගංගා අද්දර සරුවට වැවේ.
ස්වභාවික ලක්ෂණ :-
තරමක් විශාල වෘක්ෂයකි. කඳ සෘජුව වැඩෙන්නේ කලාතුරකිනි. පෙනුමෙන් මෘදු පොත්තක් සේ දර්ශනය වූවත් අතට දැනෙන්නේ ගොරැහැඩි ගතියකි. කොළ පැහැයට බර දුර්වර්ණයෙන් යුක්තය. පළලට වඩා දිගින් අධික පත්ර දැඩි නටුවක් මත සවි වී පවතී. සෑම පත්රයකම නාරටි තුන බැගින් පිහිටා ඇත. දෙපසම සිනිදුය. දාරය පැහැදිලිය. කඩතොලු රහිතය. හෙල්ලයක හැඩය ගනී. යටි පැත්ත සුදුමැලිය. දිගින් සෙ.මී. 10-15 පමණ වේ. මල් පිහිටා ඇත්තේ කඳෙහි ය. කඳෙහි හා අතුවල පිහිටා ඇති ඵල කුඩාය. රාශියක් හටගනී. අදුරු කොළ පැහැයක් ගන්නා එම ගෙඩි ඉදුණු කල්හි තද පැහැයෙන් වර්ණවත් වේ.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- පොතු, ගෙඩි, මුල්.
සුවකළ හැකි රෝග :- ලේ වමනය, වේදනාව සහිත මාස් ශුද්ධිය, මූත්රාබාද.
අත්තික්කා ගෙඩි චූර්ණයට හෝ ගෙඩි යුෂට මී පැණි මිශ්රකර බීමට දීමෙන් ලේ වමනය සහ වේදනාධික මාස් ශුද්ධියෙන් මිදිය හැකිය.
නිෂ්පාදිත ඔසු :-
1. උදුම්බරා පැණිය.
2. උදුම්බරා චූර්ණය.
3. උදුම්බරා ක්වාතය.