වලඟසාල්
 






































වලඟසාල් Embelia Ribes
පර්යාය නාමය Ribesioides
කුලය Myrisinaceae
සිංහල නාමය වලඟසාල් / වැල් ඇඹිලිය Walagasal / val Ambiliya
දෙමළ නාමය විලංගම් Vilangam
ඉංග්‍රීසි නාමය බාබෙරැන්ග්ට්‍රී Bargeran Tree
හින්දි නාමය බාබෙරෑනග් Baberang
බෙංගාලි නාමය බිරන්ග Biranga






වැවෙන ස්‌ථාන :-
කුරුණෑගල, අනුරාධපුරය, කඩුගන්නාව, මාතලේ, රත්නපුරය හා ගාල්ල ආදී  ප්‍රදේශවල වැවේ.


ස්‌වභාවික ලක්‌ෂණ :-


        වැලක්‌ මෙන් ඇදී යන පදුරු විශේෂයකි. යහතින් වැඩුණු කඳක වරප්‍රමාණය අඩි 2 පමණ වේ. අතු රිකිලි රැසකි. ඒවා ආරුක්‌කු හැඩය ගනී. ශාඛාවල සුදු පැහැති කෙඳි දක්‌නට ලැබේ. පත්‍ර සරලයි. සෙ.මී. 8-12 අතර දිගින් යුක්‌තය. ඒකාන්තරයි. ඳාර කඩතොලු රහිතයි. නටුව කෙටිය. කුඩා මල් රාශියකි. සියුම් කෙඳි පවතී. කොළ පැහැයට හුරු කහ වර්ණයෙන් යුක්‌තය. සංයුක්‌තයි. ගෝලාකාර ගෙඩි වියළි ස්‌වභාවයක්‌ දක්‌වයි. එතුළ ඇත්තේ එක බීජයකි.


ඖෂධ සඳහා ගනු ලබන අංග :- වියළි බීජ.


සුවකළ හැකි රෝග :- උදරාබාධ, කෘමි, චර්ම රෝග


නිෂ්පාදිත ඔසු :-


1. මානිභද්‍ර චටකය.
2. චිඩංගාදි චූර්ණය.
3. චිඩංගාරිෂ්ටය
4. චිඩංගාදි ලෞහය
5. චිඩංගාදි තෛලය.

(c) Shilpa Sayura Foundation 2006-2017