හාතාවාරිය
 











































හාතාවාරිය Asparagusracemosus
පර්යාය නාමය Asparagus
කුලය Liliaceae
සිංහල නාමය සාතාවාරිය / හාතාවාරිය Sathawariya / Hathawariya
සංස්‌කෘත නාමය ශාතාවාරී Sathawari
දෙමළ නාමය Puniyanahu
ඉංග්‍රීසි නාමය ඇස්‌පරගස්‌ Asparragus
හින්දි නාමය සතාවාරී Sathawari
බෙංගාලි නාමය සතාමුලී Sathamuli







වැවෙන ස්‌ථාන :-


       මධ්‍යම දේශගුණයක්‌ සහිත උස්‌ බිම්වලත් පහත රට තෙත් කලාපයෙත් වැවේ.


ස්‌වභාවික ලක්‌ෂණ :-


         වැල් වර්ගයකි. කටු සහිත සියුම් එහෙත් ශක්‌තිමත් කඳකින් යුක්‌තය. එතී වැඩෙන්නක්‌ වුවත් පදුරු විශේෂයක්‌ වශයෙන් ද සැලැකිය හැකිය. ශාඛා ඇත. සෙ.මී. 9 දක්‌වා දිගැති පත්‍ර අඟලකින් සෙ.මී. 0.3 තරම් කුඩා පළලකින් නිර්මිතය. තද කොළ පැහැතිය. මල් රැසකි. පැහැයෙන් සුදුය. මල් හටගන්නේ සැප්තැම්බර් හා ඔක්‌තෝබර් මාසවලදීය. අංගුලාකාර අල රැසක්‌ හටගනී. සංස්‌කෘත නාමය වන ශතාවරී යන්නෙහි අර්ථය අල සියයකින් යුක්‌තය යන්නය.


ඖෂධ සඳහා ගනු ලබන අංග :- අල සහ කොළ


සුවකළ හැකි රෝග :-


        අථිසාරය, අග්නිමාන්ද්‍ය, මූත්‍රාබාද, ප්‍රමේභ, වකුගඩු හා සම්බන්ධිත රෝග, ගොනෝරියාව, අර්සස්‌, ශ්වේත ප්‍රදරය, මලබද්ධය.


සැ.යු. :-


     පිරිමින්ගේ ධාතු ශක්‌තිය වර්ධනය කරවන හෙයින් හාතාවාරිය අලවලට හිමිවන්නේ ශ්‍රේෂ්ඨතම ස්‌ථානයකි. ඒ සඳහා එම අලවලින් පිසගනු ව්‍යාංජනයක්‌ හෝ වෙනත් ආකාරයකට සකසා ගත හැකි ආහාරයක්‌ම වුවත් ප්‍රමාණවත් වෙයි. එසේම කිරිවඩවන ගුණයෙන් ද අනූන බැවින් කිරි දෙන මවුවරුන්ට ද ඉහත කී ආහාර ඉතා ප්‍රයෝජනවත් වෙයි.


නිෂ්පාදිත ඔසු :-


1. ශතාවරී සෘතය
2. ශතාවරී චූර්ණය.
3. ශතාවරී ක්‌වාතය.
4.ශතාවරී ස්‌වරසය.


 

(c) Shilpa Sayura Foundation 2006-2017