සැවැන්දරා
 














































සැවැන්දරා Vetiveria zizaniodes
පර්යාය නාමය Andropogon squarrosus
කුලය Graminaceae
සිංහල නාමය සැවැන්දරා / සුවඳහොට Savandara / Suwadahota
සංස්‌කෘත නාමය උශීර Useera
දෙමළ නාමය වෙට්‌ටිවේර් Vettiver
ඉංග්‍රීසි නාමය කස්‌කස්‌ / ග්‍රාස්‌ Cuscus / Grass
හින්දි නාමය පන්නිකාෂ් Pannikash
බෙංගාලි නාමය කාස්‌කාස්‌ Khaskhas
තෙලඟු නාමය වට්‌ටිවේරු Vattiveru






වැවෙන ස්‌ථාන :-


       ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැවෙන තෘණ වර්ගයකි. ජලය ගලා බසින ඇළ - දොළ අද්දර බැවුම් සහ තරමක්‌ වියළි පසත් ඉතා ප්‍රිය කරයි.


ස්‌වභාවික ලක්‌ෂණ :-


        වර්ෂ ගණනාවක්‌ පවත්නා පදුරු විශේෂයක්‌ වශයෙන් ද සැලැකිය හැකිය. තෙතමනයෙන් යුත් සියුම් කෙඳි රැසකින් නිර්මිත මුල් දක්‌නට පුළුවන. ඒවා ඉතාමත් සුවඳවත්ය. අඩි 3-4 උසින් යුත් සියුම් එහෙත් ශක්‌තියෙන් අනූන පත්‍රිකා රැසකි. ඒවායේ පළල අඟලකින් 1/3 – ¾  පමණ වෙයි. කුඩා පුෂ්පයෝ ජෝඩු වශයෙන් පවතී.


ඖෂධ සඳහා යොදා ගන්නා අංග :- කොළ, මුල්.


සුවකළ හැකි රෝග :- උණ, පිපාසය, මූත්‍රාබද්ධය, ලේ වමනය, වියළි කැස්‌ස, හමේ රෝග, අර්සස්‌, ඉඳිමුම.


උණ සන්නිපාතයට (Typhold Fever) ප්‍රත්‍යක්‍ෂ කසායක්‌


සැවැන්දරා මුල්, ලුණු කැටිය වැල්, කොතඹුරු, කලාදුරු අල, කටුවැල් බටු, රසකිඳ, අරළු, සිඬිගුරු, රත් හදුන්.
සියල්ල සමව ගෙන (අවුන්ස 2 බැගින්) ඉතා සියුම්ව කපා හෝ තලා භාජනයක දමා පිරිසිදු ජලය අවුන්ස 32ක්‌ ඒමට හෙලා එම ජල ප්‍රමාණය අවුන්ස 8 දක්‌වා මඳ ගින්නේ සිදුවා ගන්න. උණ සන්නිපාතයෙන් පීඩා විඳින රෝගියකු හට අවුන්ස 2 කේ මාත්‍රාවෙන් දවසකට සිවුවරක්‌ පානය පිණිස දෙන්න


නිෂ්පාදිත ඔසු :-


1. උශිරාදි ක්‌වාතය
2. උශිරාදි චූර්ණය
3. උශිරාසවය

(c) Shilpa Sayura Foundation 2006-2017