ලුණුවරණ | Cratoeva religiosa | |
පර්යාය නාමය | Crataeva religiosa | |
කුලය | Capparidaceae | |
සිංහල නාමය | ලුණුවරණ | Lunuwarana |
සංස්‌කෘත නාමය | වරුණ / අස්‌මරිග්න | Varuna / Asmarighna |
දෙමළ නාමය | මවිලිංගු | Mavilungu |
ඉංග්‍රීසි නාමය | හොලිගාලික්‌පෙයා | Holygarlicpear |
හින්දි නාමය | ටපියා | Tapia |
බෙංගාලි නාමය | බාරුම් | Barum |
වැවෙන ස්‌ථාන :- යාපනය, ත්‍රිකුණාමලය, හම්බන්තොට හා දඹුල්ල ආදී වියළි ප්‍රදේශවල වැවෙන්නකි.
ස්‌වභාවික ලක්‌ෂණ :-
කුඩා පැළෑටියකි. සුදුමැලිය. සෘතුවකට වරක් පත්‍ර හැලීයයි. කොළ පැහැයට හුරු සුදු වර්ණයෙන් නිර්මිත වූ මල් නිසා ගස අලංකාර කරවයි.
ඖෂධ සඳහා ගනු ලබන අංහ :- පොතු, මුල්, කොළ, මල්.
සුවකළ හැකි රෝග :- උණ, වමනය, ආමවාත, මූත්‍රාශවරී හා වෙනත් මූත්‍රාශගත රෝග.
මූත්‍රාශ්මරී වලට :-
1. ලුණුවරණ පොතු කසාය උක් හකුරු සමඟ
2. ලුණුවරණ පොතු, සාධිගුරු, ගොටකු ඇට අවුන්ස 2 බැගින් ගෙන ජලය අවුන්ස 32 කට මුසුකර මඳ ගින්නේ ¼ කට සිඳ උදේ / සවස යවක්‍ෂාර ලුණු සමඟ පානය කිරීමෙන් සුවිශේෂ ගුණයක් ලැබේ.
සැ.යු. :- අස්‌මරිසන යන සංස්‌කෘත පර්යාය නාමය මෙම ශාකයට නම් කර ඇත්තේ මූත්‍රා පද්ධතියට අයත් කිනම් ස්‌ථානයක හෝ රැදී පවත්නා අස්‌මරී හෙවත් ගල් දියකර හෝ කුඩා කැබලිවලට කඩා සිරුරින් පිටකරවීමේ ප්‍රබල ගුණයක් මෙහි පවත්නා බැවිණි.