රසකිඳ | Tinospora cordifolia | |
පර්යාය නාමය | Cocculus CordifoLius / Menispermum Cordifo Lium | |
කුලය | Menispermaceae | |
සිංහල නාමය | රසකිඳ | Rasakinda |
සංස්‌කෘත නාමය | ගුඩුවි | Guduchi |
දෙමළ නාමය | අමරාඩ්වල්ලි | Amarad Valli |
ඉංග්‍රීසි නාමය | හිට්‌ලීව්ඩ් / මුන් සීඩ් | Heart Leaved / Moon Seed |
හින්දි නාමය | ගුලන්ච | Gulancha |
බෙංගාලි නාමය | ගුලන්ච | Gulancha |
තෙලඟු නාමය | ටිප්පටීග | Tippateega |
වැවෙන ස්‌ථාන :-
ශ්‍රී ලංකා භුමියේ සෑම කැලෑවකින්ම සොයාගත හැකි වැල් විශේෂයකි. විශ්ෂ්ඨ ගණයේ ඖෂධ ශාකයක් වන රසකිඳ, මධ්‍යම පළාතෙත් උතුරේ සහ නැගෙනහිර පළාතේත් වගා කරවන්නකි.
ස්‌වාභාවික ලක්‌ෂණ :-
එතී වැඩෙන වැලකි. එතී පවත්නා කවර වර්ගයේ හෝ ගසක කෙළවර දක්‌වාම වැඩේ. බොහෝ විට එක සමාන වැල් දෙකක් ඉහළට නැඟේ. එසේ වැඩෙන වැල් වල අවසානය දක්‌වාම ශාඛා බෙදී පවතී. කඳේ මධ්‍යයේ (අභ්‍යන්තරයේ) බොහෝ ඉස්‌ම පවතින මෙම වැල් වර්ගය වර්ෂාධික කාලයක් පවතී. පත්‍ර සරලයි. හෘදයාකාරයි. සෙ.මී. 6භ4 පමණ දිග පළලකින් යුක්‌තයි. පත්‍ර නටුවේ කඳට යාවූ පෙදෙස තරමක් පිම්බුණු ස්‌වභාවයක් ගනී. මල් රැසකි. කොළ පාටට හුරු කහ පැහැතිය. මාංශලීය කුඩා ගෙඩි තුළ ඇත්තේ බීජ එකකි.
වෙනත් විස්‌තර :-
පැරණි සංස්‌කෘත පුරාවෘත්තයන්හි රසකිඳ ශාකයේ උපත සිදුවී ඇති ආකාරය විස්‌තර කර ඇත්තේ මෙසේය.
ලක්‌දිව පාලනය කළ රාවණා රජුගේ නායකත්වයෙන් යුත් සේනාව විසින් භාරත පාලකයාව සිටි රාමා කුමරුගේ වානර (හමුදා) බල ඇණිය සමූලඝාතනය කරනු දුටු ශක්‍ර දිව්‍යරාජයා (සක්‌දෙව්දු) රාම කුමරුට පිහිට වනු පිණිස මළ වානරයන්ට නැවත ප්‍රාණය ලබාදීම සඳහා අහසේ සිට අමෘත වර්ෂාවක් ඉපැදැවීය. එම අමෘත ජලයෙන් තෙමුණු (නැහැවුණු) සියලුම මළ වානරයන්ට යළි ප්‍රාණය ලැබිණි. එහෙත් සිරුරු මත නොවැටී පොළොව මත වැටුණු සෑම අමෘත බිංදුවකින්ම එක්‌තරා නව පැළෑටියක් පෘථිවියේ ජනිත විණි. ඒ අනෙකක් නොවැ රසකිඳ ශාක වේ. අමෘත බිංදුවලින් ජනිත වු හෙයින්ම යඑට 'අමෘත' නම ලැබිණි.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- මුල්, කොළ, කඳ
සුවකළ හැකි රෝග :- උණ, ආමවාත, මූත්‍රා දැවිල්ල, කුෂ්ඨ, අග්නිමාන්දය, සෙංගමාලය, ශ්වේත ප්‍රදරය, සර්ප විෂ, ශාරීරික දුබලතා.
සෙංගමාලයට :- රසකිඳ අවුන්ස 64, රසකිඳ කල්කය අවු.16,– එළකිරි අවුන්ස 64, එළඟිතෙල් අවුන්ස 16. සියල්ල එකට මිශ්‍ර කර මදගින්නේ රත්කර පදමට සිඳවා ගන්න.
(ඩ්‍රෑම් ½ ක් එළකිරි සමඟ දිනකට දෙවරක් උදේ සවස පාවිච්චි කිරීමෙන් දින 3 ක් පමණ) සෙංගමාලය රෝගයෙන් දුබල වූ සිරුරට බලාපොරොත්තු රහිත වූ ගුණයක් ලැබේ.
නිෂ්පාදිත ඔසු :-
1. අමෘතාරිෂ්ටය.
2. අමෘතාදි අවලේහය
3. අමෘතාදි සෘතය.
4. ගුඩුවි තෛලය.