රණවරා | Cassia auriculata | |
කුලය | Leguminosae | |
සිංහල නාමය | රණවරා | Ranawara |
සංස්‌කෘත නාමය | ආකුලී / ටලපොට | Ahkulee / Talapota |
දෙමළ නාමය | අවරායි | Avarai |
ඉංග්‍රීසි නාමය | ටනෑස්‌කුසියා | Tanners Cassia |
හින්දි නාමය | වාවර් | Tawar |
තෙලඟු නාමය | ටන්ගෙයිදු | Tangaedu |
වැවෙන ස්‌ථාන :-
ස්‌වාභාවික ලක්‌ෂණ :-
පදුරු විශේෂයකි. කඳෙහි බොර පැහැති සිනිදු පොත්තකි. දසත විහිදෙන ශාඛා රැසකි. පත්‍ර එකක දිග සෙ.මී. 9-12 අතර වේ. එක ඉත්තක පත්‍ර ජෝඩු 8ක් හෝ 12ක් පවතී. ඒවා සමපක්‌ෂ ආකාරයෙන් සංයුක්‌තව පිහිටා ඇත. මල් රැසකි. දීප්තිමත් කහ පැහැයෙන් යුක්‌තය. කරල් සිහින්ය. කෙටිය. බොර පැහැතිය. බීජ සිනිදුය. පැතැලිය. ඕවලාකාරය.
ඖෂධ සඳහා ගනු ලබන අංග :- මුල් පොතු, කඳේ පොතු, කොළ, මල්, බීජ.
සුවකළ හැකි රෝග :- පිපාසය, මූත්‍රාබාධ, අක්‌ෂි රෝග, මධුමේහය.
දියවැඩියාව හෙවත් මධුමේහයට :- රණවරා මල් මොට්‌ටු කසාය කර පානය කිරීම.
අක්‌ෂි රෝගවලට බාහිරලේපයක් :- වියළි රණවරා බීජවලින් සාදා ගන්නා චූර්ණයට ජලය මුසුකර ආබාධිත ස්‌ථානයේ තවරන්න.
සියලුම වර්ගයේ මූත්‍රාබාධවලට :-
රණවරා කොළ, කෝවක්‌කා කොළ, මසන් කොළ, කජු ඇට මද, එක් වර්ගයකින් ඩ්‍රෑම් 1 බැගින් ගෙන උදේ ආහාරයට පෙර මෝරු සමඟ ගැනීම ගුණදායකය.