බැබිල
 














































බැබිල Sida cordfolia
පර්යාය නාමය Malva Tomentosa
කුලය Malvaceae
සිංහල නාමය බැබිල / බැවිල / සුළු බූ බැබිල Babila / Bavila / Sulu Buu Babila
සංස්‌කෘත නාමය බලා Bala
දෙමල නාමය මයිර්මනික්‌කම් MayirManikkam
ඉංග්‍රීසි නාමය හාට්‌ ලිව්ඩ් සිඩා Heart Leaved Sida
හින්දි නාමය කන්ගි Kangi
බෙංගාලි නාමය බරෙලා Barela
තෙලඟු නාමය චීට්‌මුට්‌ට Chitimutta













 වැවෙන ස්‌ථාන :-
වියළි පසෙහිය. පහත රට තණ කොළ හා මිශ්‍රව වැවේ.

ස්‌වාභාවික ලක්‌ෂණ :- පදුරු විශේෂයකි. සෘජුව වැඩේ. වසර ගණනාවක්‌ පවතී. ඉතා මෙලෙක්‌ කේශර කඳවටා ඇත. පත්‍රයක දිග සෙ.මී. 5ක්‌ පමණ වෙයි. කඩතොලු රහිතව නො නැමුණු දාරවලින් යුක්‌තය. ත්‍රිකෝණාකාරය. මල් කුඩාය. කහ පැහැතිය. අවුරුද්ද පුරාම පුෂ්පයන් දක්‌නට හැකිය. රසයෙන් හා විපාකයෙන් මධුරය. වීර්&යෙන් සිසිල්ය.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- මුලේ පොතු, ඇට සහ කොළ.


සුවකළ හැකි රෝග :- නාඩිගත රෝග, මූත්‍රාබාද, අර්ශස්‌, රක්‌තාසිස්‌, ගොනෝරියාව, පක්‌ෂඝාත අර්දිත, ශ්වේත ප්‍රදර, උණ, වාතාබාද, අධික ලේ ගැලීම.


මූත්‍රා සමඟ ලේ පිටවීම – කල්ගත උණට සහ අර්ශස්‌ වලට :- බැවිල මුලේ පොතු කසාය.


ශ්වේත ප්‍රදරය / අධිකව ලේ වහනය වීම මූත්‍ර කෘචජ්‍රය – රක්‌තාසිස්‌ :- බැබිල මුලේ පොතු හොඳින් අඹරා ගාන්න. එම ඔසුවට එළකිරි හා මීපැණි මිශ්‍රකර දිනකට දෙවරක්‌ පාවිච්චියට ගන්න.


නිෂ්පාදිත ඔසු :-


1. බලාදි ක්‌වාතය
2. බලාරිෂ්ටය
3. බලාදි සෘතය
4. බලාදි තෛලය


 

(c) Shilpa Sayura Foundation 2006-2017