නෙල්ලි : | Phyllanthus emblica | |
පර්යාය නාමය : | Emblica Offcinalis Myrobalana emblica | |
කුලය : | Euphorbiaceae | |
සිංහල නාමය : | නෙල්ලි / ඇඹුල | Nelli-Embula |
සංස්‌කෘත නාමය : | ධාත්‍රී | Dhatri |
දෙමළ නාමය : | වෙල්ලිකේ | Vellikey |
ඉංග්‍රීසි නාමය : | එම්බ්ලික් මයිරොබලන් | Emblic Myrobalan |
හින්දි නාමය : | අම්ලිකා | Amlika |
බෙංගාලි නාමය : | අම්ල | Amla |
තෙලඟු නාමය : | නෙල්ලි | Nelli |
වැවෙන ස්‌ථාන :- සාමාන්‍යයෙන් කැලෑවල වැවෙන්නකි. ඖෂධීයමය ගුණය ගැන සලකා බොහෝ උද්‍යානයන්හි ද මෙය වවනු ලැබේ.
ස්‌වභාවික ලක්‌ෂණ :-
තරමක් උසට වැවෙන ගසක් වුවත් විශාල වෘක්‌ෂයක් වශයෙන් සැලැකිය නොහැකිය. අතු දසත විසිරී පවතී. ධම ශාඛාවල පොත්ත සිහින්ය. අළු පැහැතිය. කුඩා පත්‍රිකා එකට සම්බන්ධව පවතී. (හෙවත් සංයුක්‌තය) මල් කොළට හුරු කහ පැහැය ගනී. ගෙඩි මසින් පිරී පවතී. ළා කොළ පැහැති කහ පැහැයක් ගන්නා ගෙඩියක් තුළ බීජ 6 කි.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- ගෙඩි, පොතු, කොළ, මල්, ඇට, මද.
අම්ල රසය ප්‍රධාන කොටගෙන අනෙක් රස පහම ඇති මුත් ලුණු රසයෙන් තොරය. ගුණයෙන් ශීතලය.
සුවකළ හැකි රෝග :- අතීසාරය, පාණ්‌ඩුව, සෙංගමාලය, ඉක්‌කාව, ගොනෝරියාව, ක්‌ෂය රෝගය, කාස සහ ශ්වාසය, අර්ශස්.
නිෂ්පාදිත ඔසු :-
1. ධාත්‍ර&`දි සෘතය
2. ධාත්‍ර&`දි චූර්ණය
3. ධාත්‍රිසාරිෂ්ටය
4. ව්‍යවනප්‍රාස ලේහය
5. බ්‍රාෂ්මී රසායනය.