නීරමුල්ලි : | Hygrophlla spinosa | |
පර්යාය නාමය : | Asteracantha Longifolia Barleria Longifolia |
|
කුලය : | Acanthaceae (Zygophylleae) | |
සිංහල නාමය | නීරමුල්ලි / ඉකිරිය / ගොකටු | Neeramulli – Ikiliya- Gokatu |
සංස්‌කෘත නාමය | ගොක්‌ෂුර | Gokshura |
දෙමළ නාමය | නීර්මුල්ලි | Neermulli |
ඉංග්‍රීසි නාමය | තල්මක්‌හන් | Talmakhan |
බෙංගාලි නාමය | කන්ඨකෝලිත | |
තෙලඟු නාමය | නීරුගොබ්බි | |
වැවෙන ස්‌ථාන :- පහතරට තෙත් බිම්වල සරුවට වැවෙන පැළෑටියකි. ස්‌වභාවික ලක්‌ෂණ :- අඩි 2-4 පමණ උසට සෘජුව වැවෙන මෙම ශාකය වසරකට වැඩි කාලයක් පවතී. කඳ පිහිටා ඇත්තේ පොළොව යටය. කඳෙහි තැනින් තැන ගැට පිහිටා ඇත. ශාඛා නොමැත. පත්‍රවලට නටු නොමැතිය. කඳවට පිහිටන පත්‍ර වැඩිම වුවොත් 6කි. දිගින් ඒ අගල් 5 පමණ වේ. කටු සහිතය. කරල් දම් පැහැතිය. මල් තරමක් විශාලය. ලා රතට නිල් පැහැයක් ගනී. සුදු පැහැති මල් වර්ගයකට අයත් නීරමුල්‍ය පැළෑටි ද ඇත. ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- මල්, කොළ, බීජ. සුවකළ හැකි රෝග :- මූත්‍රාබාධ, ආමවාත, සෙංගමාලය, ශොථ දාහ, පිපාස, අශ්මරී, හෘද රෝග. නිෂ්පාදිත ඔසු :- 1. ඉකිරිය භෂ්මය ![]() |
![](/sayura/images/logo2.png)