තිප්පිලි | Piper Longum | |
පර්යාය නාමය | Chavica roxburghu | |
කුලය | Piperaceae | |
සිංහල නාමය | තිප්පිලි / වගපුල් | Tippili / Wagapul |
සංස්‌කෘත නාමය | පිප්පලි | Pippali |
දෙමළ නාමය | තිප්පිලි / තිප්පලී | Tippili / Tippali |
ඉංග්‍රීසි නාමය | ලෝං පෙප(ර්) | Long Peper |
හින්දි නාමය | පිපුල් | Pipul |
බෙංගාලි නාමය | පිප්ලි | Pipli |
තෙලඟු නාමය | පිප්පලි කට්‌ටේ | PippaliKatte |
වැවෙන ස්‌ථාන :- තෙත පසෙහි මනාව වැඩෙන ශාකයකි. මධ්‍යම පළාතේ උස් භුමිවලත් කළුතර හා කොළඹ දිස්‌ත්‍රික්‌ක වලත් දක්‌නට ලැබේ.
ස්‌වභාවික ලක්‌ෂණ :- මෙම ශාකය බිම දිගේ හෝ වෙනත් පැළෑටියක් බදාගෙන ඇදෙන්නකි. කඳ අරටුව සහිතය. වර්ෂයකට වඩා ආයු පවතී. පදුරු සහිතයි. කඳ අඩි 3 දක්‌වා උසට වැඩේ. තැනින් තැන පුරුක් ඇත. ශාඛා පවතී. පත්‍රයක දාර කඩතොලු රහිතයි. අණ්‌ඩාකාරයි. නොනැමී පවතී. හෙවත් සරලය. පත්‍රයක දිග අඟල් 3 ½ පමණ වෙයි. පත්‍ර හටගන්නා ස්‌ථානයෙන්ම කරල් හටගනී. බීජ ගම්මිරිස් වලට සමාන කිරීමට අපහසුය. ඊට වඩා බොහෝ කුඩාය. මල්, කිනිති වශයෙන් පිහිටයි. ඒවා ළපටි කාලයේ කොළ පැහැති මුත් මේරූ පසු කළු පැහැයක් ගනී. වර්ෂයේ සෑම මාසයකම මල් දකින්ට හැකිය.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- මුල්, කරල්.
සුවකළ හැකි රෝග :- කාස, ශ්වාස, අරුචි, අග්නිමාන්දය, අර්සස්, අජීර්ණ, ආමවාත.
නිෂ්පාදිත ඔසු :-
1. පිප්පලී සෘතය
2. පිප්පල්‍යාදී ක්‌වාතය.
3. පිප්පල්‍යාදී ලෙ^හය.
4. පිප්ල්‍යාද්‍යාසවය
5. පිප්පල්‍යාදි ඛණ්‌ඩය
6. පිප්පල්‍යාද්‍යාවලේහය.