කෝමාරිකා
 














































කෝමාරිකා Aloevera
පර්යාය නාමය Alive indica
කුලය Lilaceae
සිංහල නාමය කෝමාරිකා Komarika
සංස්‌කෘත නාමය කුමාරි Kumari
දෙමළ නාමය කට්‌ටාලියා Kattalia
ඉංග්‍රීසි නාමය ඇලෝයි පෑෆෝලීයේටා Alove Perfoliata
හින්දි නාමය කුමාරි Kumari
බෙංගාලි නාමය කුමාරි Kumari
තෙලඟු නාමය කලබන්ධ Kalabandha









වැවෙන ස්‌ථාන :-
      
       ගෙවතුවල මෙන්ම මිදුලේ මල් පෝච්චිවල ද වවනු ලබන්නකි. යාපනය, මන්නාරම, ආදී වියළි ප්‍රදේශවල බහුලබ දක්‌නට හැකිය.


ස්‌වභාවික ලක්‌ෂණ :-


     පදුරු විශේෂයකි. උසට නොවැඩේ. අඩි 1 ½ (සෙ.මී. 45) පමණ වන්නේ කලාතුරකිනි. කෙදි සහිත මූලයකින් යුක්‌තය. වසර ගණනාවක්‌ පවතී. ඝසින් පිරුණු ඝන පත්‍ර නටු රහිතය. පළලින් ඒ සෙ.මී. 3 ක්‌ පමණ වෙයි. පටන් ගැන්මට වඩා කෙළවර උල් සහිතය. තියුණු නොමැති කටු පත්‍රයේ දෙපසම දෙ අද්දර පිහිටා ඇත. සිනිදුය. අක්‍රමවත් පුල්ලි දෙපසෙහිම පිහිටයි. ඝල්වල නටුව රත් පැහැයක්‌ ගනී.


වෙනත් විස්‌තර :-


       'තික්‌තාබින්' නමැති ඔසුව සාදාගැනීම පිණිස උපයෝගි කරගනු ලබන්නේ පත්‍රයන්හි යුෂත් මල්වල නටුත්ය. මෙම තික්‌තාබින් පැහැයෙන් කළුය. රසයෙන් තිත්තය. දර්ශනයෙන් අබිං වැනිමය. ඳිවට දැනෙන රසයද අබිංවල මෙනි. (අබිං හා සමානය). කෝමාරිකා හෙවත් කුමාරිකා යනුවෙන් සිංහලෙන් මේ හදුන්වනු ලබන්නේ සංස්‌කෘත භාෂාවෙන් දී ඇති කුමාරි යන්නට කිට්‌ටුම අරුත ගෙන දීමටය. ඛ;මාරි යනු තරුණියන්ට ආදේශ කරනු ලබන නමයි.


සුව කළ හැකි රෝග :-


        උණ, අක්‌ෂි රෝග, ශුල, අර්සස්‌ පිත්තාශගත හා අක්‌මා රෝග, අග්නිමාන්ද්‍ය ගුල්ම, දාහ, කාමලා, රන්පිත්, පිත්තාශ්මරී, ඇසේ නගනයට, අක්‌ෂි ශොථය.


තුවාල හේතු කොට ගෙන අවට ඇතිවන ඉදිමුම දුරලීම පිණිස ඇඹුල් දොඩම් ඉස්‌මෙන් අඹරා ගනු ලබන තික්‌තාබින් ඉදිමුම පවතින ස්‌ථානයේ ගෑම යහපත්ය.


නිෂ්පාදිත ඔසු :-


1. කුමාරි ආසවය.
2. කුමාරි පද්ම තෙල.
3. කුමාරිකා චටී.
4. රජස්‌ ප්‍රවර්තිනී චටී.

(c) Shilpa Sayura Foundation 2006-2017