අළි ඇතු දන් දීම හා නුවර වැසියන් විසින් මාලිගාව අසල කෝළාහල කිරීම
වෙසතුරු නම් නිරිඳු සිරිම තා-පින් මහිමෙන් ලද
පිවිතුරු සුදු කදිම මගුලැ තා
ලොවු තුරු බුදු බවම පත ප තා-දුනි කළිඟු රටට
අනතුරු දුරුවෙන්නටයි සි තා
ඇවිදින් රජ මාලිඟා ල ගා
අඬමින් වැලපෙමින් නෙක ර ඟා-සඳමහ නිරිදුට
මෙළෙසින් කිව්වෝය මොර ග ගා
අකලට වැසි වස්‌ස වන සො ඳෝ-ඇතු දුන්නේ ඇයි
දෙනවට වෙන ඇත්තු නැතුව දෝ
එතකොට වෙන වස්‌තු හිඟව දෝ-ගරුතර නිරිඳුනි
අපහට කළ විපත නොදනි දෝ
මෙරට ඔබෙ පුතා රජකොළො ත්-වනසයි මුළු රට
යකෙකුට වත් දේය අප හැම ත්
අපහට කරුනා හිතක් ඇතො ත්-වෙසතුරු රජතුම
වෙන රට කට කරනු මැන පිට ත්
තුංග බලැති එසද මහ ර දා-රට සනසන ලෙස
දුන්නේ කිම බාරගෙන ර දා
වංග ගිරිය කියන හිම මැ දා-වෙසතුරු මහිමිට
යන්න නියම කරපි දුක ලෙ දා
පිළිගෙන පිය රජගෙ අනතු ටා-සත්සියය බැගින්
දෙවමින සෑම වස්‌තු දන හ ටා
සමුගෙන වැඳ දෙමව්පියන ටා-සැරසී යන්නට
මෙලෙසින කිව්වේය බිසව ටා
සොබමන් මන පිණන බිසවු නේ-තොප අත්හැරලා
මෙරටින් මට යන්ට සිදුල නේ
දරුවන් නෙත විලස රැක ග නේ-ඉඳුවයි කී කල
අඬමින් කිව් බිසව මෙලෙසි නේ
ගුණතුම් හිමි රජුනි පනස රී- ඔබගෙන් වෙන්වී
මටනම් මෙහි ඉන්ට අනෙ බැ රී
එහෙනම් වෙන සැපත දුක හ රී-විඳගෙන ඉන්නට
එමිමම ඔබ සමඟ කොයි හ රී
මෙලෙසින් කී නමුත් නෙක ක තා-නවතිනු බැරිතැන
සමගින් දරු මෙහෙසි පෙම් යු තා
අඬමින් සිටි සෙනඟ හිම් නැ තා-නොබලා තපසට
සතුටින් නික්‌මුනේ බෝස තා
දෙව් ලියවැනි බිසෝවරු රැ සා-පුර වැසියන් සහ
මව් පියවරු ළයෙහි අත්ග සා
කිව් දුක්‌මුසු තෙපුල් අස අ සා-වැඩියේ තපසට
ලෙව් සත සනසන්ට හිත නි සා
කතෙකුට ඇති එකම හොඳ ගු නේ-දුක සැප දෙකෙහිම
හිමිහට පැවතුමයි වි සේ නේ
කමතට ලය පැලෙයි දෙවිය නේ-හිමිහට පැවතුම්
දුටු විට ලය පැලෙයි දෙවිය නේ
