කටු ඉඹුල්
 










































කටු ඉඹුල් : Bombax Malabaricum
පර්යාය නාමය : Salmalia Malabarica
කුලය : Bombacaceae
සිංහල නාමය : කටු ඉඹුල් Katu Imbul
සංස්‌කෘත නාමය : සායී මලි (ශාල්මලී) Saimalee
දෙමළ නාමය : මලිවම් Malivam
ඉංග්‍රීසි නාමය : රෙඩ් සිල්ක්‌ කොට්‌න් ට්‍රී Red Silk Cotton Tree
හින්දි නාමය : හුට්‌ටියන් Huttian
බෙංගාලි නාමය : රක්‌තා සිනල් Raktha Sinal













වැවෙන ස්‌ථාන :- උඩරට ප්‍රදේශයේ කැලෑබදව වැවේ. විශේෂයෙන්ම කදුපාමුලය.


ස්‌වභාවික ලක්‌ෂණ :-


          විශාල වෘක්‌ෂයකි. ංඩි 80ක්‌ පමණ උසට වැඩේ. කඳ සෘජුය. පොත්ත සිනිදුය. පොත්තේ තැනින් තැන කටු වැනි තුඩුවලින් ගැවැසී ඇත. එම නිසාම සංස්‌කෘත බසින් මෙම වෘක්‌ෂය කණ්‌ටක ද්‍රැම නමින් ද හදුන්වයි. ංතු (ශාඛා) විහිදී පවතී. පත්‍ර විශාලය. අංගුලාකාරය මල් විශාලය. ශ්වේත රක්‌ත පැහැයෙන් අලංකාර වී ඇත. මල් හටගන්නේ ශීත සෘතුවේදීය. එම සමයේ දී පත්‍ර හැලේ. එනිසාම ඈත සිට බලන්නෙකුට කටු ඉඹුල් ගස අවට ඇති ගස්‌වලින් වෙන්කර හදුනාගැනීම ඉතා පහසුය. කඳෙන් ගලා හැලෙන මැලියම සංස්‌කෘතයෙන් හදුන්වනු ලබන්නේ 'මෝචරස' නමිනි. සිංහලයෙන් ඒ කටු ඉඹුල් මැලියම නමි.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- පොතු, කොළ, මැලියම සහ මල්.


සුව කළ හැකි රෝග :- අතීසාරය, වේදනා සහිත මාස්‌ ශුද්ධිය, මූත්‍රාශගත රෝග.


නිෂ්පාදිත ඔසු :


1. ශාල්මලී චූර්ණය
2. ශාල්මල් ස්‌වරසය
3. ශාලම්ලි අර්කය.

(c) Shilpa Sayura Foundation 2006-2017