කලාදුරු
 


































කලාදුරු Cyperus Rotundus
පර්යාය නාමය Cyperus Hexastachyos
කුලය Cyperaceae
සිංහල නාමය කලාදුරු Kaladuru
සංස්‌කෘත නාමය මුස්‌තක Mustaka
දෙමළ නාමය කොරායි Koral-Kilangu
හින්දි නාමය මුට්‌(චි)චෝ Mootchhoo













වැවෙන ස්‌ථාන :-


      ජලාශ්‍රිත පසෙහි හොඳින් වැවේ. වැඩුණු ශාක වසර ගණනාවක්‌ පවතී. හෙල්ලයක හැඩය ගන්නා පත්‍ර අඟල් 3 ½ (සෙ.මී.8) ක්‌ පමණ දිගය. ඵස හා ගැටෙන කොටස කෙඳි රැසකින් සමන්විතය. ඒවා කෙළවරෙහි අල පිහිටයි. සියල්ල කඳ කෙළවරෙහි ගොනුව පවතී. ණටු රහිත මල් කිනිති දුඹුරුවන්ය. වර්ෂය පුරාම පවතී. බෝවීම සිදුවන්නේ අලවලිනි. වීර්&යෙන් සීත වූ කළාදුරු රසයෙන් කටුක හා තිත්තය.


ඖෂධ සඳහා යොදා ගන්නා අංග :- අල සහිත මුල්


සුව කළ හැකි රෝග :- උදරාබාධ, තෘෂ්ණා, මූත්‍ර අඩස්‌සිය, අග්නිමාන්දය, වමනය, ක්‍රීම් රෝග, අරුචිය.

කළාදුරු අල කල්කය ආබාධිත ස්‌ථානයේ ගෑමෙන් උරස්‌ථ ශුලය, ගෝනුසු විෂ අලුත් තුවාල ආදිය සුවවේ.
සිරුරේ උණුසුම දුරුකර ගැන්ම පිණිස කළාදුරු අල ප්‍රමුඛ 'ෂඩංග පානය' යහපත් බීමකි.


1. කළාදුරු අල
2. රත් හදුන්
3. සුවඳහොට හෙවත් සැවැන්දරා මුල්
4. පත්පාඩගම්
5. ඉරිවේරිය
6. සිධිගුරු

    ඩ්‍රෑම් 1 පමණ බැගින් ගෙන ජලය අවුන්ස 32 පිරවූ මැටි බදුනකට දමා මඳගින්නේ අවුන්ස 16 දක්‌වා සිඳවා පානයට දීමෙන් දරුණු උණ රෝගයෙන් පෙලී සුව වූ පසු ඇතිවන පිපාසයස ංසිදුවා ගැනීම පිණිස ඉතා කදිම පානයකි.


රක්‌තාතීසාරට (ලේ අතීසාරය) ඉතාමත් අනගි කසායක්‌

කොත්තමල්ලි, ඉඟුරු, කලාදුරු, ඉරිවේරිය, බෙලි ගැට මද සාම්ප්‍රානුකුලව සිඳගත් කසාය තිප්පිල් කුඩු සමඟ දිනකට දෙවරක්‌ හෝ තෙවරක්‌ පානය කිරීමෙන් බලාපොරොත්තු නොවූ ගුණයක්‌ ලබා ගත හැකිය.


නිෂ්පාදිත ඔසු :

1. මුස්‌තකාදි ක්‌චාතය
2. මුස්‌තාදි සප්තකය
3. මුස්‌තාදි චටී.
4. මුස්‌තකාරිෂ්ටය
5. මුස්‌තකාදි අකීය (මුස්‌තාදි අකීය)

(c) Shilpa Sayura Foundation 2006-2017