ඒකාවේරිය
 






































ඒකාවේරිය Rauwolfia Serpentina
පර්යාය නාමය Ophioxylon
කුලය Apocynaceae
සිංහල නාමය ඒකාවේරි Ekaveriya
සංස්‌කෘත නාමය සර්පගන්ධා Sarpaganda
දෙමළ නාමය Covahnamilporc
හින්දි නාමය Chota-Chand
බෙංගාලි නාමය චන්ද්‍රාපාටාල ගන්ධි Chandra patala Gandi

















වැවෙන ස්‌ථාන :- අඩි 2500 ට වැඩි සෙවැනැති තෙත පසෙහි හොඳින් වැඩේ.


සාමාන්‍ය ලක්‌ෂණ :-

         වසර කිහිපයක්‌ පවත්නා ඉහළට ඇඳී යන පදුරු විශේෂයකි. සෙ.මී. 70 (අඟල් 28) පමණ දිගය. කඳෙහි පොත්ත සිනිදුය. ශාඛා ඇත. ඒවායේ කෙළවරෙහි පත්‍රිකා තුනකි. හෙල්ලයක හැඩය ගනී. දිගින් ඒ සෙ.මී. 12 (අඟල් 5) පමණ වෙයි. දෙකෙළවරම සිහින්ය. අත්ත කෙළවරෙහි මල් එකකි. අක්‍රමත්ව පිහිටා ඇති පුෂ්පයේ නටුව දිගැතිය. පෙති ලා රෝස පැහැති වුවත් කලාතුරකින් සුදු මල් ද දකිත හැකිය.


වෙනත් විස්‌තර :-

       ඒකිවේරිය පැළෑටියට රෞචුෆ්ෆියා නමැති උද්භිද විද්‍යා නාමය ලැබී ඇත්තේ රොචුෆ්ෆියා නම් ජර්මන් ජාතික තෘණ විද්‍යාඥයා සමරනු පිණිසය. 17 වන සියවසේ මුල් භාගයේ දී මෙම ශාකය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ රැසක්‌ ඉටු කළ ඔහු තිර වශයෙන්ම එළිදරව් කර සිටියේ ඒකාවේරිය ශාකය තුළ රෝග රාශියකට මුල්ව පවතින හේතු සාධකයන් නසාලිය හැකි ඖෂධීමය සංඝටකයන් බොහෝමයක්‌ ඇති බවය. එම රෝගයන් අතර බටහිර (නවීන) වෛද්‍යවරුන්ට හිසරදයක්‌ව පැවැති අධි රක්‌තචාපය (Hඉගහ ඹලඔඔඩ ඵරඑසසඋරඑ) ජයගැනීමේ ප්‍රබල සංඝටකයන්ගෙන් ද මේ පොහොසත් බව පසු කාලීන වෛද්‍ය විශාරදයින්ට පෙනිණි. නවීන වෛද්‍යවරුන්ට එම ආරංචිය අලුත් දැයක්‌ වූවත්, පෙරදිග වෛද්‍යවරුන් ඒ දැන සිටියේ ඉතා ඈත අතීතයේ සිටය.

ඇමරිකා එක්‌සත් ජනපදයේ ජීවත් වන වෛද්‍යවරුන්ගේ ඉමහත් ගෞරවාදරයට පත්ව ඇති ‘ක්‍ෂඅඋතඔඉෆඉඅ ෂටඔරය’ හෙවත් ඒකාවේරිය 'වෘත්තාන්තය' නම් කෘතියෙන් ද වැඩි විස්‌තර කියා පානුයේ අධික රුධිර පීඩනයට එරෙහිව දිව්‍යමය ඔසුවක්‌ ලෙස ක්‍රියාකිරීමේ හාස්‌කමක්‌ ඒකාවේරිය තුළ පවතින බවය. මෙම පැළෑටියේ වර්ධනයට ඉතාමත් සුදුසුම පස්‌ පිහිටා ඇත්තේ බුරුමය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, අන්දමන් දූපත්, ජාවා සහ මලයාසියාවේ බැව් පැවසීම ද කෘතිය ලියූ කතුවරයා අමතක කර නොමැත.
සර්ප විෂ නසාලිය හැකි ශ්‍රේෂ්ඨතම ඔසු පැළෑටියක්‌ වන හෙයින්ම මෙම ශාකය නාගදමනී, නාකුලී, සර්පාක්‌ෂි, නකුලේෂ්ටා, නාගසුගන්ධා විෂනාසිනී යන පර්යාය ශබ්දයන්ගෙන් ද වැහැරේ.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- කොළ, මල්, පොතු, මුල්, ගෙඩි.


සුව කළ හැකි රෝග :-

     අපස්‌මාරය, උන්මාදය, අධි රුධිර පීඩනය, ක්‍රිට්‌රෝග, සර්ප විෂ, අරුචිය, (ගැබිනි කාලයේ හා ප්‍රසව අවස්‌ථාවේ සිදුවන අපහසුතා දුරලීම පිණිස අවස්‌ථානුකුලව යොදාගණිත හැකි ශ්‍රේෂ්ඨ ඔසුවකි)

අධික රුධිර පීඩනයට :- ඒකාවේරිය මුල් චූර්ණය එළකිරි සමඟ පානය කිරීම.


නිෂ්පාදිත ඔසු :-

1. සර්පගන්ධාදි චටී.
2. සර්පගන්ධාපාත චටී.
3. සර්පගන්ධාදි චූර්ණය.
4. චන්දාර චටී.
5. චාන්දර පැණිය.

(c) Shilpa Sayura Foundation 2006-2017