ඉරිවේරිය
 


















ඉරිවේරිය Splectranthes Zeylanicus
කුලය Labiatae
සිංහල නාමය ඉරිවේරිය Iriweriya
සංස්‌කෘත නාමය වාලකන් Vaalakan



















IMAGE













වැවෙන ස්‌ථාන :- ශ්‍රී ලංකාවේ සෑම පළාතකම වගා කළ හැකි ශාකයකි.

 

ස්‌වභාවික ලක්‌ෂණ :-

        අඟල් 36 (සෙ.මී.90) පමණ උස, වසර කිහිපයක්‌ ජීවය රඳා පවත්නා ශාකයකි. සෘජුව වැවේ. සරල වූ පත්‍රයක දිග සෙ.මී. 6ක්‌ පමණ වෙයි. පළල ඉතාම ආසන්න වශයෙන් අඟල් 2 (සෙ.මී. 5) පමණ වෙයි. පත්‍ර පිහිටන්නේ එකිනෙකට විරුද්ධවය. ෂිහින් කෙඳි දක්‌නට හැකිය. මසින් පිරුණු පත්‍රවලින් සිත් ගන්නා සුළු සුගන්ධයක්‌ විහිදේ. හැඩයෙන් අණ්‌ඩාකාරය. මල් පිහිටන්නේ කිනිති වශයෙනි. ඉතා කුඩා එම පුෂ්පයෝ 8-10 අතර එක කිනිත්තක දක්‌නට හැකිය. නිලට හුරු සුදු පැහැයක්‌ ගනී. පිහිටන්නේ ශාඛා කෙළවරෙහිය. තෙල් සහිත බීජ බොර පැහැයෙන් යුක්‌තය.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග :- පංචාංගයම.


සුවකළ හැකි රෝග :-
අජීර්ණ, බඩ පිපුම, අතීසාරය.


උණ සහිත අතීසාරයට :- කලාදුරු අල. සුදුහදුන්, ඉරිවේරිය, රසකිඳ, මීමල්, ඉරමුසු කසායකර මී පැණි සමඟ දවසට දෙවරක්‌.


අතීසාරයට :-

      ඉරිවේරිය, ඉඟුරු, කලාදුරු අල කලං 4 බැගින් වතුර කෝප්ප අටකට මුසුකර කෝප්ප 1 කට සිදුවා උදේ / සවස බීමට දීම.


ලේ අතීසාරයට :-

       ඉරිවේරිය, කලාදුරු අල, බෙලිමද, අතිවිඩයන්, කෙලිදහාල් ක්‍රමාණුකුලව කසායකර (අවස්‌ථාවට උචිත පරිදි 'මලිත මල්' ද මුසුකර) දවසට දෙවරක්‌ පාවිච්චි කිරීම යහපත්ය.


නිෂ්පාදිත ඔසු :-

1. ඉරිවේරිය භස්‌ම
2. ඉරිවේරිය සිරප්
3. ඉරිවේරිය ස්‌වරසය.

(c) Shilpa Sayura Foundation 2006-2017