බැද්ද බැන්ද නන් තොරන් ද මල් කමින්ම සෑදි යා - දද
පින්ද මින්ද තන්හි පුන්කලස් යනාදු යා
තුන්ද මෙන්ද ඉස්සවාලුකා රැසින් පෑදි යා - මන
නන්ද අන්ද මින් සෑදිය ඒ පුරේහි විදි යානේක ගම්හි වාසියන්ද මාමැතින්ද රැස්ක රා - යුද
සේවයන්ද ඇත් අසුන්ද නාටකාදි රැස්ක රා
සංක ගීත හේරි සිංදු නාදයෙන් නිරන්ත රා-පුර
ඒක කෝලහාලවී මඟුල් සිරිනි ගම්බි රා
මාල මාල බේර බේර සේල රැල්ල ලා ඇ දා-දිගු
නීල නීල කොන්ඩ පීර පීරලා ගොතා බැ ඳා
ආල ලීල මාලදාම ආදි ලංකරින් න දා-මන
මාල ලීල යෙන් පුරංගනාවො උන්නු ඒ ස ඳා
දුන් දනින්න නේ දුගින්නේ සිත්හි ලෝබ බින්දු වා-ගණ
නින් පෙනෙන්න සූසැටක්ම රන් බඩුත් පැළැන්ඳු වා
පුන්‍ය වන්ත ඒ තුමානො පෝරු මත්හි ඉන්දු වා-ගණ
රන් ඔටුන්න සත්සිරිත්සෙ අත් දෙකින් පැළැන්ඳු වා
පාර නෑර ජාති ජාති ආව බාරි වීමෙ නා-ගුණ
සාර මද්‍රි රාජ දෝනි දෙව්කතාසෙ සෝබ නා
වීර සාර ඒ තුමාට අග්‍ර මෙහෙසිකා මෙ නා- සුබ
කාර බන්දවා දුනීය රාජ තේජ පාමි නා
මාලිගාවේදී හිඟන්නො දැක්ම බෝම තෝස මැයි-ලොකු
රාජකාරි ඒ තුමාගේ සෑම වස්තු දීම මැයි
දේස දෙසයෙන් හිඟන්නො එන්නෙ රංචු රංචු මැයි-මහ
වට්ටි පෙට්ටි පැස්පුරා අරන්ම යන්න දුන්නෙ මැයි
මේම මේම සෑමදාම චිත්ත තෝසයෙන් යෙදී-පුර
දූම සේම යාචකාදියන්ට ඕනෑ දේ දි දී
ජාලියදි පුත්‍ර දෝනි ලාබ තෝසයෙන් සැ දී-දස
රාජ ධර්මසේම රාජශ්‍රීය දේවි හා වි ඳී
