කුලය | Asclepiadeae | |
සිංහල නාමය | ඉරමුසු | Iramusu |
සංස්කෘත නාමය | ශාරිඛා / ශාරිවා | Saariva |
දෙමළ නාමය | නන්නාර් | Nannar |
ඉංග්‍රීසි නාමය | ඉන්දියන් සර්සපාරිල්ලා | Indian Sarsaprilla |
හින්දි නාමය | මග්රාබු | Magrabu |
බෙංගාලි නාමය | අනන්තුමූල | Anantamoola |
තෙලඟු නාමය | සුගන්ධිකා | Sugandika |
වැවෙන ස්ථාන :- ලංකාවේ සෑම පළාතකම පිහිටි වනාන්තරවල වැවේ. වියළි හා මධ්‍යස්ථ දේශගුණය වඩාත් ප්‍රිය කරයි.
ස්වභාවික ලක්ෂණ :- යමක එතී වැඩෙන පැළෑටියකි. ධක සමාන කඳන් (කඳවල්) දෙකක් එකම මුලකින් ඉහළට ඇඳේ. බූව සහිතය. පසට හිමි කොටස ගැට සහිතය. පත්‍ර එකකින් එකක් වෙනස්ය. ඕවලාකාරය. කෙළවර අර්ධ උල් හැඩය ගනී. දෙපසම සියුම් බූවක් ඇත. වර්ග දෙකකි.
1. මහ ඉරමුසු හෙවත් තික්ත වැල්
2. ඉරමුසු
මෙම දෙවර්ගයේම සංස්කෘත නම 'ශාරිඛා' ය. එම නිසාම මෙම වර්ග දෙක හැදින්වීමට 'ශාරිඛද්වය' වෛද්‍ය ව්‍යවහාරයේ පවතී.
1. මහ ඉරමුසු හෙවත් තික්ත වැල්
2. ඉරමුසු
මෙම දෙවර්ගයේම සංස්කෘත නම 'ශාරිඛා' ය. එම නිසාම මෙම වර්ග දෙක හැදින්වීමට 'ශාරිඛද්වය' වෛද්‍ය ව්‍යවහාරයේ පවතී.
සුවකළ කැකි රෝග :- උණ, සිපිලිස්, හමේ රෝග, කල්ගිය ආමවාත, ශ්වේත ප්‍රදරය, කැස්ස, අතීසාරය.
උණට :-
ඉරමුසු මුල්, ග්රිවේර, කලාදුරු අල, සිඬිගුරු, කටුකරෝසන එක සමානව ගෙන ජලයෙන් අඹරා සදාගනු ලබන කල්කයෙන් ඩ්රෑම් 3 ක ප්‍රමාණයක් (වරකට) ජලය සමඟ පානය කිරීමෙන් මළ බද්ධය පහවී උණෙන් පෙළෙන රෝගියා සුව බවට පත්වේ.
නිෂ්පාදිත ඔසු :-
1. ශාරීඛාද්යාසවය (අවුන්ස 1 බැගින්) සියලුම වර්ගයේ ප්‍රමේහ රෝගවලටත් හමේ රෝගවලටත් ලේ ගෙඩි සහිත රුධිරගත රෝගවලටත් ආමවාතය සග ගුද භ්රංගයටත් හිතකරය.