ඉඟුරු
 










































පර්යාය නාමය Zingiber Majus
කුලය Zingiberaceae
සිංහල නාමය අමු ඉඟුරු
සිඬිගුරු
Amu Inguru (Fresh)
Siddiguru (Dried)
සංස්‌කෘත නාමය සුන්ටි අද්‍රක Sunti / Adraka(D)
දෙමළ නාමය අදුක Aduka
ඉංග්‍රීසි නාමය ජින්ජර් Ginjer
හින්දි නාමය සොන්ත් / අධාර්ක
(වියළි) (අමු)
Sonth (Dried)
Adharka (F)
බෙංගාලි නාමය (වියළි) (අමු)
තෙලඟු නාමය වියළි / අල්ලාම් Allam






වැවෙන ස්‌ථාන :-  දිවයිනේ උෂ්ණාධික පළාත්හි වැවෙන්නකි. ගෘහස්‌ථව වවනු ලබන්නේ අලවල ඇති විවිධ වටිනාකම් නිසාය.


ස්‌වභාවික ලක්‌ෂණ : 


 අල සහිත පැළෑටියකි. පළමු වසරේ පැළෑටිය ක්‍රමාණුකුලව වැඩේ. දෙවන වසරේ මල් හට ගනී. වර්ෂාවසානයේ ඵල දරා පොකුරු සහිත අල එරේ. ඉන්පසු පැළෑටිය මැරේ. කඳ ඇලව හෝ සෘජුව පිහිටයි. සාමාන්‍යයෙන් අඩි 3 ½ (සෙ.මී.105) පමණ උසට වැඩේ. ඉතා කෙටි නටුවක්‌ සහිත පත්‍ර දිගය. මෙම කුලයට අයත් වෙනත් ශාකයන්හි පවතින මල්වලට වඩා ඉඟුරු පුෂ්පයෝ කුඩාවට පිහිටයි.


ඖෂධ සඳහා යෙදිය හැකි අංග : අල හෝ මල්.


ගුණ : ගින්න ඇති කරයි. නාඩිගත රෝග දුරු කරයි. ශරීර ශක්‌තිය වර්ධනය කරයි.


සුව කළ හැකි රෝග :  අග්නිමාන්ද්‍ය, අතීසාරය, උදර ශුල, වමනය, සෙම්රෝග, අර්ශස්‌, ආමවාත, ශීතෝදය, උදරයේ ඉදිමුම, කාස, පීනස, ගැස්‌ම, ජවර.


කල් නොගිය අතීසාරයට : කොත්තමල්ලි, සිඬිගුර, ඉරිවේරිය, කලාදුරු අල, බෙලිගැට මද, එක සමානව ගෙන කසාය කර බීමෙන් යහපත් ප්‍රතිඵල ලද හැකිය.


දරුණු හිසරදයට : අමු ඉඟුරු යුෂට සමාන වන පරිදි එළකිරි රැගෙන දෙවර්ගය ඉතා හොඳින් කලතා ස්‌වල්පය බැගින් නාසයෙන් ඉරීමට දීමෙන් ගුණ ලැබේ.


කර්ණ ශුලයට : අමු ඉඟුරු යුෂ, මී පැණි, සහිඳ ලුණු, තලතෙල් සමව ගෙන සියල්ල හොදහැටි කලතා ස්‌වල්පය බැගින් කනට දැමීම.


නිෂ්පාදිත ඔසු :


1. නාගරාදි චූර්ණය
2. සෛභාග්‍ය ශුණ්‌ඩි (ධී)
3. නාගරාදි අර්කය

(c) Shilpa Sayura Foundation 2006-2017