| පර්යාය නාම | Hygrofila Spinosa Longifolia Babel-Schulli Balerja Longifolia | |
| කුලය | Acathaceae | |
| සිංහල නාමය | ඉකිරිය | Ikiriya |
| සංස්‌කෘත නාමය | කෝකිලාක්‌ෂි | Kokilakshi |
| දෙමළ නාමය | නීරමුල්ලි | Neeramulli |
| හින්දි නාමය | තල්මක්‌හන් | Talmakhan |
| බෙංගාලි නාමය | කණ්‌ඨකෝලිකා | Kantakolika |
| තෙලඟු නාමය | නීරුනොබ්බි | Neerugobbi |
|
| වැවෙන ස්‌ථාන :- | පහත රට වියළි කලාපයට අයත් තෙත් භුමිවල වැවේ. |
ස්‌වභාවික ලක්‌ෂණ :-
පොළොව යට පිහිටන කඳකින් යුත් පැළෑටියකි. ළුස අඩි 2-4 දක්‌වාය. වසර ගණනක් පවතී. සෘජුය. ශාඛා නොමැත. පත්‍ර කඳටම ඇලී පවතී. සෙ.මී. 7ක් පමණ දිගය. සෙ.මී. 1 ½ පමණ පළලය. කහ පැහැති කටු පවතී. පෙති 5කින් සමන්විත මල් තරමක් විශාලය. ඳීප්තිමත්ය. නිලට හුරුය. දම් පැහැති කරල් තුළ බීජ ඇත්තේ ස්‌වල්පයකි. පැළෑටි හටගන්නේ බීජ වලිනි.
| ඔසු සඳහා යෙදිය හැකි අංග :- | මුල්, කොළ, බීජ, පැළෑටියේ අළු. |
| ගුණ :- | පැණි රස මිශ්‍ර තිත්ත රසයෙන් යුක්‌ත වන ඉකිලිය වීර්යයෙන් ශීතය. විපාකයෙන් මධුරය. |
සුව කළ හැකි රෝග :- මූත්‍රා කෘච්ජ්‍රය – රත්පිත් - වාත රක්‌ත - අශ්මරී - තෘෂ්ණා - හෘද් රොග -
සෙංගමාලය ශොථය.
මූත්‍රාශගත රෝගවලට හා ඉඳිමුමට :- ඉකිරිය මුල් කසාය අවුන්ස 2 බැගින් උදේ / සවස.
සෙංගමාලය ශොථය.
මූත්‍රාශගත රෝගවලට හා ඉඳිමුමට :- ඉකිරිය මුල් කසාය අවුන්ස 2 බැගින් උදේ / සවස.
නිෂ්පාදිත ඔසු :-
1. ඉක්‍ෂුර ලේපය
2. කෝකිලාක්‍ෂි චූර්ණය.
3. කෝකිලාක්‍ෂි ක්‌ෂාරය.
2. කෝකිලාක්ෂි චූර්ණය.
3. කෝකිලාක්‍ෂි ක්‌ෂාරය.
ශිල්ප 64