ඇත්දෙමට
 


























කුලය Verbenanceae (නිර්ගුණ්‌ඩී කුලය)
සිංහල නාමය ඇත්දෙමට Ethdemata
සංස්‌කෘත නාමය ගම්භාරී Gambhari
දෙමළ නාමය ගුමඩී Goomadee
හින්දි නාමය කම්බ්හාර් Kambhar












වැවෙන ස්‌ථාන :- මුහුදු මට්‌ටමේ සිට මීටර් 1500 ට පහළ වියළි උෂ්ණ කලාපයේ වැවෙන්නකි.

ස්‌වභාවික ලක්‌ෂණ :-


 බීජවලින් හටගන්නා මෙම ශාකය හොඳින් වැඩුණු විට මීටර් 20-25 අතර වේ. සෙමෙන් වැඩෙන්නකි. ගසේ ප්‍රාථමික කොටස විශාල වන අතර සෘජු කඳකි. අණ්‌ඩාකාර පත්‍ර තද කොළ පැහැය ගනී. ඒවායේ නටු සෙ.මී. 12 පමණ දිගැටිය. නාරටි හයකින් සමන්විත පත්‍ර රාශියක්‌ පිහිටයි. ළපටි කොළ ලා කොළ පැහැය ගන්නා අතර සියුම් බූවක්‌ පවතී. ක්‍ෂිකිලි හටගන්නේ වසරකට වරකි. මල් හට ගන්නේ වසන්තයේදීය. මංජරිය පුෂ්පයෝ 12ක්‌ පමණ වෙයි. පෙති පහකින් නිර්මිත වන ඒවා (මල්) කහ පැහැතිය. සුවඳවත්ය. එක මලක රේණු 4 බැගින් පිහිටයි. පෙත්තක දිග සෙ.මී. 03 කි. කෙළවර උල් සහිත වන ගෝලාකාර ඵලයක භාහිරාවරණය කොළ පාට වේ. එහෙත් ඉදුණු විට ඒ ළා කහ පැහැයකින් දිස්‌වේ. මාංශලය ලොද සහිතයි. ගසේ පොත්ත අළු පැහැතිය. ඒ තරමක්‌ ඝනය. පොත්තට අභ්‍යන්තරයෙන් පිහිටා ඇති කඳ සුදු පැහැතිය. ගෙඩි වෙදකමේ දී ප්‍රබලව යොදා ගනී.


වෙනත් විස්‌තර :-


  ආයුර්වේදයේ අති ප්‍රසිද්ධ දශමූලාරිෂ්ටය හා මහ පස්‌ මුල් කසායට අනිවාර්යයෙන්ම අවශ්‍ය වන ඖෂධීය ශාකයකි.


විශේෂ ඖෂධ සංයෝගයක්‌ (දාහය සහ දැඩි පිපාසයට)


 ඇත්දෙමට ගෙඩි කිහිපයක්‌ ඉතා සියුම්ව කපා හොඳ හැටි අඹරා ගන්න. අවුන්ස 2ක ප්‍රමාණයට එනම් පිරිසිදු ජලය අවුන්ස 32කට ඒ දියකර මඳ ගින්නේ ¼ ¼ ක ප්‍රමාණයට සිදුන පසු උක්‌ හකුරු දමා කලවම් කර රෝගියාට පානය පිණිස දෙන්න.







ඖෂධ සඳහා රෝග සහ ගුණ :- පංචාංගයම.

 

සුව කළ හැකි රෝග සහ ගුණ :-

 (සිරුරේ දැවිල්ලටත්, උණෙන් පසු ඇතිවන පිපාසයටත් ඉතා හිතකරය.) ගින්න වඩවයි. ඝූත්‍රාකාරකයි. ඝල බද්ධයට, උදරාබාධ, ආමවාත, වාතරෝග, උණ, රසයෙන් තිත්ත හා කසට වෙයි. ඪාතාදික රෝගවලට ඉතාමත් හිතකර ඔසුවක්‌ වන මෙහි පොත්ත ගෙඩි වෙදකමේ දී ප්‍රබලව යොදා ගනී.


නිෂ්පාදිත ඖෂධ :-

 දශමූලාරිෂ්ටය
 දශමූල ක්‌වාතය
 මහ පස්‌ මුල් ක්‌වාතය

(c) Shilpa Sayura Foundation 2006-2017