නිශ්විත කාලයකදී යම් වස්තුවක් ගමන් කරන දුර එම වස්තුවේ වේගය නම් වේ.
වේගය මනින ඒකකය වනුයේ,
දුර මීටර් වලින් හා කාලය තත්පර වලින් ගත් විට වේගය මනින සම්මත ඒකකය " තත්පරයට මීටර් "ලෙස වේ.
මෙය සංකේත මඟින් දක්වන්නේ ms-1 ලෙසය.
නමුත් මෝටර් රථයක වේගය දැක්වෙන්නේ පැයට කිලෝමීටර (kmh-1) ලෙසයි.
මීට හේතුව වන්නේ මෝටර් රථයක් වැනි යන්ත්රයක් ගමන් දුර ප්රමාණය බහෝය,මෙය මැනීමටනම් කුඩා මිනුම් පරාසයක් ඇති මානයකට වඩා තරකම විශාල මිනුම් පාරාසයක් ඇති මානයක් භාවිතා කිරීම එය කියවීමට පහසුවන බැවිනි.
ඔබ මෝටර් රථයක ගමන් කරන්නේ නම් එහි වේගය පවත්නා ආකාර ගැන බලන්න.
එවිට ඔබට පැහැඳිලි වෙයි වේගය ටිකෙන් ටික වෙනස් වන බව.
ඒකාකාර වේගයකින් ගමන් කරන්නේ නම් වේගය නොවෙනස්ව පවති.
ඒකාකාර වේගයකින් ගමන් කරන වස්තුවක් සමාන කාච්ජේදයක් තුළ සමාන දුරක් ගමන් කරයි.
ඒකාකාර වේගයකින් ගමන් කරන වස්තුවක වේගය සෙවීමේ සමීකරණය වන්නේ.
වේගයට විශාලත්වයක් පමණක් ඇත. දිශාවක් නැත.
එමනිසා වේගය අදිශ රාශියකි.
එමනිසා වේගය අදිශ රාශියකි.