පර්යාය නාම | Synonym : | Myrobolona Chebula, Myrobolona Indica. |
කුලය | Family | Cambretaceae |
සිංහල නාමය | අරළු | Aralu |
සංස්කෘත නාමය | හරිතකී | Hareethaki |
දෙමළ නාමය | කඩුක්කායි | Kadukkai |
ඉංග්‍රීසි නාමය | වෙබ්යුලික් | Chebulic Myrobalan |
හින්දි නාමය | හර්ඩා | Harda |
බෙංගාලි නාමය | හරීතකී | Harithaki |
තෙලඟු නාමය | කරක්කාය | Karakkaya |
වැවෙන ස්ථාන : | ශ්‍රී ලංකාවේ වනාන්තරවල කලාතුරකින් දක්නට ලැබෙන වෘක්ෂකි. |
ස්වාභාවික ලක්ෂණ :-
ගසේ කඳ සෘජුව වැඩෙන්නේ ඉඳහිටය. කඳේ ප්‍රමාණයට අනුව වැඩීම බාලය. ශාඛා රැසකි. දසතට පිහිටයි. කෙටි නටුවල පිහිටා ඇති පත්‍ර දාර නොනැමී කඩතොලු රහිතව පිහිටා ඇති බව මනාව දර්ශනය වේ. එහෙත් කලාතුරකින් සමහර පත්රයන්හි දාර කෙළවරෙහි කුඩා ගැටිති පිහිටන අවස්ථා ද නැත්තේම නොවේ. ඒවා දිගින් සෙ.මී. 15 පමණ ද පළලින් සෙ.මී. 12 ½ පමණ ද වේ. වසරකට වරක් පිපෙන මල් ඉතා කුඩාය. එම පුෂ්පයෝ හට ගන්නේ අතු කෙළවරෙහි හෝ ශු#ති මධ්‍යයේ ය. ද්විලිංගික එම මල් පැහැයෙන් සුදුය. පෙති 5කින් නිර්මිත වන්නේ මුත් ඉන් විහිදෙන්නේ අමිහිරි ගඳකි. නටු නොමැත. දිගින් සෙ.මී. 2 ½ පමණ හා සෙ.මී. 2 ක පමණ විෂ්කම්භයෙන් යුත් ඵලයක හැඩය බිජුවකට සමාන වන අතර සුඹුලුව (පාදය) සිහින් වී අග කොටස පළල්ව පිහිටයි. ඉතා විමසිල්ලෙන් ඵලයක් නිරීක්ෂණය කිරීමේදී නො පැහැදිලි පැති පහක් හෝ හයක් දක්නට ලැබේ. පිටපොත්ත කහ මිශ්‍ර බොර පැහැතිය. රළු ගතියෙන් තොරය. ගෙඩිය මධ්‍යයේ පිහිටා ඇති අභ්‍යන්තරාවරණය ඉතා සවිමත් කටුවකින් නිර්මාණය වී ඇත. එය ප්‍රමාණයෙන් මි.මී. 5ක් පමණ වේ. එතුළ පිහිටා ඇති මදය ශක්තිමත් සුදු පැහැති ද්‍රව්‍යයකින් නිර්මිතය.
ඉමහත් තෘප්තියකින් පානය කරමින් පැවැති එම අමෘතය පොළොවමත වැටීමෙන් කම්පාවට පත්වනවා වෙනුවට සක් දෙව්දුන් කළේ අනගි පැතුමකි. "මා අතින් ගිලිහුණ ඒ අමෘත බිංදු වලින් මිනිසාගේ හිත සුව පිණිස ඉතිමත් අනගි වු යමක් පහළ වේවා'යි යන පැතුමයි ඒ. ප්‍රාර්ථනය සාර්ථක වීමේ ප්‍රතිඵලයෙන් මෙලොවට ජනිත වූයේ වර්ග හතක අරළු ගස්ය.
පසු කලෙක පඬිවරුන් විසින් නම් කරන්න වූයේ මෙසේය.
2. ගෝලාකාර ගෙඩි හටගන්නා ශාකය රෝහිණී නමින් ද
3. තරමක් විශාල එහෙත් තුනී මාංශලය සහිත ගෙඩි හටගන්නා ශාකය අමෘත නමින් ද
4. රේඛා තුනකින් සමන්විත ගෙඩි හටගන්නා ශාකය වේතැකී නමින් ද
5. බීජය කුඩා එහෙත් විශාල මාංශවලින් යුත් ගෙඩි හටගන්නා ශාකය අමෘත නමින් ද
6. රේඛා පහකින් සහිත ගෙඩි හටගන්නා ශාකය අභයා නමින් ද
7. රන්වන් පැහැයෙන් පොහොසත් ගෙඩි ඇති ශාකය ජීවන්ති නමින් ද ආදී වශයෙනි. ඒ.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග : | ගෙඩි, පොතු, ඇට, මද, කොළ |
සුව කළ හැකි රෝග :-
වමන, අක්මාවේ රෝග, හිසරදය, කුෂ්ඨ.
2. අභයාරිෂ්ඨය.
3. හරිතකා ඛණ්ඩය.
4. පත්යාදි වටී.
5. ව්‍යාඝ්‍රී හරිතකි.
6. අගස්ති හරිතකි.
රසායනික සංයෝග :- | ටැනික් අම්ලය, ගාලික් අම්ලය, මියුසිලේජ| හා බොර පැහැති වර්ණයක් ද වෙති. |