පර්යාය නාමය | Physalis Flexuosa | |
කුලය | Solanaceae | |
සිංහල නාමය | අමුක්‌කරා | Amukkara |
සංස්‌කෘත නාමය | අශ්වගන්ධ | Aswagandha |
දෙමළ නාමය | අචිමගන්ධිව | Achmagandi |
ඉංග්‍රීසි නාමය | වින්ට චෙරි | Winter Cherry |
හින්දි නාමය | අශ්ගන්ධි | Asgandh |
බෙංගාලි නාමය | අශ්වගන්ධ | Aswagandha |
තෙලඟු නාමය | අශ්වගන්ධ | Aswagandha |
|
වැවෙන ස්‌ථාන | ශ්‍රී ලංකාවේ සෑම වියළි ප්‍රදේශයකම දක්‌නට ලැබේ. |
ස්‌වභාවික ලක්‌ෂණ :
වර්ෂසථායි පැළෑටියකි. ඳීර්ඝ මුලකින් යුක්‌තය. ඝූලේ සිට සිවිය බොර පැහැයෙන් යුක්‌ත වන අතර අභ්‍යන්තරයේ පවතින්නේ පැහැදිලි සුදු පාටකි. මීටර් එකක් පමණ උසට වැවේ. කඳ සෘජුය. පදුරු සහිතය. එක ළඟ කොළ දෙකකි. නටු කෙටිය. පත්‍රයක දිග සෙ.මි. 10 (අගල් 4) පමණ වේ. අණ්‌ඩාකාර ස්‌වරූපයක් ගන්නා පත්‍රයක කේශර රැසක් දක්‌නට හැකිය. පුෂ්පයෝ අදුරු කොළ පැහැයකින් යුක්‌තය. ඛ;ඩාය. කුඩා ගෙඩි රතු පැහැතිය. සිනිදුය. මල් පූදින්නේ ජූනි - ජූලි –- අගෝස්‌තු හා සැප්තැම්බර් මාසයන්හි ය. ව්‍යාප්තිය සිදුවන්නේ බීජ මගිනි.
වෙනත් විස්‌තර :
අමුක්‌කරාවලට සංස්‌කෘත පර්යාය ශබ්ද වශයෙන් “'තුරගී', 'තුරංගි' ගන්ධ', අශ්ව ගන්ධ', වරහකර්ණි' ආදී නම් රැසකි. මෙම ශාකයේ මුලෙන් අශ්ව ශරීරයකින් නික්‌මෙන ගඳක් වහනය වන බැවින්ම අශ්වගන්ධ නම මෙයට ලැබී ඇත. මධුර කසාය හා තිත්ත රසැති මෙය වීර්&යෙන් උෂ්ණාධිකය.
ඖෂධ සඳහා යෙදිය හැකි අංග | මුල්, අල සහ කොළ |
සුව කළ හැකි රෝග | ක්‍ෂය රෝගය, වයස්‌ගත අයගේ දුබලතා, ආමවාත, ඉදිමුම, ද්වජභංගය. |
ක්‍ෂය රෝගයට :-
අමුක්‌කරා මුල් චූර්ණය, ගම්මිරිස් කුඩු සමව ගෙන මීපැණි, එළඟිතෙල් හා සීනි සමඟ හොඳින් මිශ්‍රකර දිනකට දෙවරක් ගැනීම යහපත් ය.
නිෂ්පාදිත ඔසු :
1. අශ්වගන්ධාදි සෘතය.
2. අශ්වගන්ධ රසායනය.
3. අශ්වගන්ධාදි චූර්ණය.
4. අශ්වගන්ධාරිෂ්ටය.
5. අශ්වගන්ධාදි තෛලය.