වෙස්සන්තර කුමාරයාණන්ගේ ක්රීඩා කාලය
කුමරු වෙසතු රා-පෙරපස
සඳසේ මනහ රා
ළඳරු පිරිව රා-සමඟින්
වැඩුනි රීසි යු රා
තෙපුල් දොඬමි නේ
බලන බැලුමෙ නේ-සැමටම
මැනික වගෙ උ නේ
වයස එකව ගේ-පිරිවර
සමග නොවද නෙ
ඇතුල් මාලි ගේ-සෙල්ලම්
කරයි සිතුර නේ
රෝද පොඩි යොදා-එක වගෙ
පුන්චි රත හ දා
ඒව ඇද ඇ දා-ඇවිදිති
යාලුවන් මැ දා
පන්දු ගහන වා- දිනලා
ජල්ලි දමන වා
කල්ලි ගහන වා-ගු-චූදි
පස්සෙ දවන වා
අපි බලා ගනි න්-කියලා
අයෙක් හැන්ගෙමි න්
හූ කියා හෙමි න්-තුටු වෙති
හැංගිමුත්තමි න්
බඹර ගහන වා-එළුවන්
දිරේ අදින වා
සින්දු කියන වා-හොද බට
කප්වෙති කි යා
ඇපල් ගෙඩි තියා-බටනල
වලින් වෙඩි තියා
සද්ද නැත කියා-හොඳ බට
කප්වෙති කියා
නොහිම් සුවඳැ ති-අතිරස
කැවිලි රුති රු ති
ගෙන්නමින් ක තී-කවුරුත්
බෙදාගෙන කති
එක්ව එක තැනේ-සෙල්ලම්
කරන ලමයි නේ
මොකුත් ලත් තැනේ-එකතුව
කෑම හොද ගුනේමෙහෙම එකම රූ-සෙල්ලම්
කරන තුරු හ රූ
එකිරි මව්ව රූ-රැකගත
සිටිති නොම දු රු
බැණුම් ගහගැනු ම්-උනුනුන්
ඇඬුම් පොර බැදු ම්
කියුම් හිත් රිදු ම්-වන වැඩ
බැරිය එහි කෙරු ම්
එක්ව මෙලෙසි නේ-සෙල්ලම්
කරන ලමයි නේ
දබර නොවමි නේ-සෙල්ලම්
කරනු සතුටි නේ
බණින්නට එපා-ගහගන
අඬන්නට එපා
කිපෙන්නට එපා-ගස් උඩ
නගින්නට එපා
