පස්වන කොටස
 


 

මලෙයි සිතාලා-මූ
නට රැවටිල්ලා
එහි තුඩු දීලා-නොක
රව් කොල හාලා

හිනා වෙන්න කෝ-පුත
මේ බලන්න කෝ
ඇහැ අරින්න කෝ-මට
හාදු දෙන්න කෝ


කිරි දෙන අම්මා-මේ
ඉන්නේ ලඟි ම්මා
බඩ ගිනි යෙම් මා-පුත
ඉන්නෙද බුම්මා

ජය තුරු පුර මේ-රන්
ඔටුන්න උරු මේ
මගෙ පුතු දෝ මේ-මගෙ
රන් කඳ දෝ මේ

අනංග ලී ලේ-පුතු
ලොකු උන තා ලේ
රිසි රිසි කා ලේ-සැප
දෙවමි විසා ලේ

ඔටුන්න දෙ ඤඤ-මෙහි
රජකම දෙ ඤඤ
රජුට කිය ඤඤ- හොද
රත ගෙන දෙඤඤ

ඇතු ගෙන්න ඤඤ-සර
සවලා දෙ ඤඤ
පිට ඉන්ද ඤඤ-රටේ
ඇවිද්ද වඤඤ

ලොකු බෝනික්‌කො- ඇත
නුබුරන කුක්‌කො
ඒවා දැක්‌ කෝ- ගෙණ
යති මහ ලොක්‌කෝ

පුතුට මනා පා-ඒ
කෙලි බඩු රූ පා
දෙමි තොස පා පා-අනෙ
අඬන්න ඒ පා

පුතු දැක සතො සී-ඒ
මව් රජ මෙහෙ සී
සුරතල් පෑව සී-හැටි
පවසමි කෙලෙ සී

(c) Shilpa Sayura Foundation 2006-2017