සිව්වන කොටස
 


 

ගෙන-නිරතුරූ
නල-වන දරූ
හිරි-හැර කරූ
නොම-වෙයි සරූ

මළ-මුත් රැදී
ඇඳු-මුත් රෙදී
හැර-යුත් විදී
කර-වන් බුදී

බඩ-ගින්නටත්
ඇඟ-සීතටත්
අස-නීපෙටත්
දරු-වෝ හඬත්

පිරි-සිදු සුලන්
සැප-එළි මහන්
වැසි-අව් සුළන්
ලෙඩ-දෙයි නොමින්

විසි-තුරු තතු
දැන-තම පුතු
තැනු-වොත් මතු
වෙයි-ඉස්‌ මතු

නම්-වෙසතුරා
රජ- එ කුමරා
සැප-සිරි දරා
වැඩූ-නිසි යුරා

ළඳරු කුමරු සමඟ මව් බිසව සුරතල් දෙඩීම

අතුට මල් පෙ තී -මේ
යහණ තුළ රු තී
කව්ද සැතපෙ තී-මගෙ
පුතුද පින් ඇතී

පිපුන මලි න්නේ-දැන්
සුවඳ හමන්නේ
පුතුගේ කටින්නේ-කිරි
පුස්‌ඹ හමන්නේ

අනෙ මී මැස්‌සේ-රොන්
ගෙණියන විස්‌සේ
පුතු ඇඟ අස්‌සේ-එ;ඩු
නොලන්න පස්‌සේ

රොන් අරගල්ලා-හොද
මී බැඳ පල්ලා
පුතුට සියල්ලා-පැනි
ගෙන දී පල්ලා

(c) Shilpa Sayura Foundation 2006-2017