පාර්ලිමේන්තුවට ඇති නීති සෑදීම පිළිබඳ බලතල සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභාපතිවරයා තෝරා ගැනීම මෙන්ම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම වැනි පාර්ලිමේන්තුව සතු වගකීම් ඉටුකිරීමේ දී ද අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය "ස්‌ථාවර නියෝග" වල සඳහන් කර ඇත. ස්‌ථාවර නියෝග සකස් කර ගැනීම පාර්ලිමේන්තුව විසින්ම කරගත හැකි බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 74 වන ව්‍යවස්‌ථාවේ දක්‌වා ඇත. විටින් විට යෝජනා සම්මතයන් මගින් එම ස්‌ථාවර නියෝග සංශෝධනය කිරීමට ද පාර්ලිමේන්තුවට බලය ඇත. (පාර්ලිමේන්තුවේ කටයුතු කෙරෙන ආකාරය පාලනය කරනුයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඇති ප්‍රතිපාදන මගින් සහ ස්‌ථාවර නියෝගවල සඳහන් ප්‍රතිපාදන
අනුවය. පාර්ලිමේන්තුවේ කාර්ය පටිපාටිය විස්‌තර කරන ස්‌ථාවර නියෝග පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයන් මගින් සම්මත කරගෙන ඇත.)
٠ පාර්ලිමේන්තුවේ පළමු රැස්‌වීම
පාර්ලිමේන්තු මැතිවරණයකට පසුව පාර්ලිමේන්තුව රැස්‌වනු ලබන ප්‍රථම දිනයේ දී කථානායකවරයෙකු ඡන්දයෙන් තෝරා ගැනීම ප්‍රථමයෙන් සිදු කළ යුතුය. අනතුරුව කථානායකවරයා දිවුරුම් දී තම තනතුර භාරගත යුතුය. ඉන් අනතුරුව අනෙකුත් සියලු මන්ත්‍රීවරු විසින් දිවුරුම් දී ධූරය භාරගැනීම සිදු කරයි. කථානායකවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම පවත්වනු ලබන්නේ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට පළමුව වීම විශේෂ කරුණකි. ඉන්පසුව නියෝජ්‍ය කථානායකවරයාව ඡන්දයෙන් තෝරා ගනු ලබයි. කාරක සභා සභාපති ලෙස හදුන්වන්නේ ද නියෝජ්‍ය කථානායකවරයාම ය. ඉන් අනතුරුව නියෝජ්‍ය කාරක සභාපතිවරයාව ඡන්දයෙන් තෝරා ගනු ලබයි.
٠ පාර්ලිමේන්තුවේ ආසන පැනවීම
පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ ක්‍රමය පිළිබඳව සහ ඉදිරිපෙළ අසුන් හිමිකර දීම ස්‌ථාවර නියෝග යටතේ සිදු කෙරේ. පාර්ලිමේන්තුව තුළ ආසන පැනවීමේ ක්‍රමය කථානායකවරයාගේ අභිමතය පරිදි සිදු කළ යුතුය. ඒ පිළිබඳව කථානායකවරයාගේ තීරණය අවසානවත්ම වන අතර එය අභියෝග කළ නොහැකිය. නමුත්, කථානායකවරු සෑම විටම පාර්ලිමේන්තුවේ @ජ්‍යෂ්ඨ මන්ත්‍රීවරුන්ට සහ පක්‌ෂනායකවරුන්ට ප්‍රමුඛතාව ලැබෙන අන්දමට ආසන පැනවීමේ ක්‍රමය තීරණය කරනු ලබයි.
٠ කථානායකවරයා තෝරා පත් කර ගැනීමේ ක්‍රමය
වර්තමාන කථානායක වි.ජ.මු. ලොකු බණ්‌ඩාර ඇමතිතුමා පත් කර ගැනීමේ අවස්‌ථාවේ දී ඇති වු අර්බුදකාරී තත්ත්වය අනුව කථානායකවරයා තෝරා ගැනීමේ ක්‍රමය පිළිබඳව බලවත් සැකයක් සාමාන්‍ය ජනතාව තුළ ඇතිවිය හැකිය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 64(1) ව්‍යවස්‌ථාවේ දක්‌වා ඇත්තේ කථානායකවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් තෝරාගත යුතු බව පමණී. කාර්ය පටිපාටිය එහි දක්‌වා නැත.
කාර්ය පටිපාටිය සම්පූර්ණයෙන්ම දක්‌වා ඇත්තේ පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග තුළ ය. එම කාර්ය පටිපාටිය පිළිබඳව කිසිදු අපැහැදිලිතාවයක් නොමැති අතර ඉතා සවිස්‌තරව එම ප්‍රතිපාදන දක්‌වා ඇත.
කථානායක ධූරය සඳහා නම් කීපයක් යෝජනා වී ඇති විට ඡන්ද පත්‍රිකා මාර්ගයෙන් කථානායකවරයා තෝරා පත් කර ගත යුතු බව 4(3) ස්‌ථාවර නියෝගයේ සඳහන් වේ. ඉන් පසුව අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය මෙසේය.
පාර්ලිමේන්තු මහලේකම් විසින් එක් එක් මන්ත්‍රීවරයාට තමා ඡන්දය දීමට කැමැති කථානායක ධූර
අපේක්‌ෂකයාගේ නම ලිවීම පිණිස ඡන්ද පත්‍රිකා එක බැගින් ලබා දීම-මන්ත්‍රීවරයා විසින් පත්‍රිකාව
මත තමා කැමැති කථානායක ධූර අපේක්‌ෂකයාගේ නම ලිවීම-ඒකී ඡන්ද පත්‍රිකාව මත ඡන්දය දෙන මන්ත්‍රීවරයා විසින් අත්සන් කිරීම-ලියා තිබෙන නම නොපෙනෙන ලෙස ඡන්ද පත්‍රිකාව නමා මහලේකම් වෙත ලබා දීම-මහලේකම් විසින් ඡන්දය ගණන් කර ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීම.
කථානායකවරයා තෝරා ගැනීම "රහස් ඡන්දයෙන්" කළ යුතු බවක් ස්‌ථාවර නියෝගයන්හි විශේෂයෙන් දක්‌වා නැත. නමුත් 4(4) ස්‌ථාවර නියෝගයේ මන්ත්‍රීවරයා විසින් ඡන්ද පත්‍රිකාවේ ලියා ඇති නම නොපෙනෙන සේ පත්‍රිකාව නැමිය යුතු බව දක්‌වා ඇත. වර්තමාන කථානායකවරයා තෝරා ගැනීම පිළිබඳ අවස්‌ථාවේ දී ඇතැම් මන්ත්‍රීවරු තමන්ගේ පක්‌ෂපාතිභාවය තම තමන්ගේ පක්‌ෂ නායකයන් වෙත පෙන්වීම සඳහා තම ඡන්ද පත්‍රිකාවල සඳහන් නම් ප්‍රසිද්ධියේ පෙන්වන විට ඒ පිළිබඳ විරෝධතාවයන් මතුවිය. එම අවස්‌ථාවේ පාර්ලිමේන්තු මහලේකම්වරිය වූ ප්‍රියානි විජේසේකර මහත්මිය විසින් තීරණය කරන ලද්දේ ඡන්දය ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම රහසේ සිදු විය යුතු බවත්, ඡන්ද පත්‍රිකාව බාහිර තැනැත්තන්ට පෙන්වීම නොකළ යුතු බවත්ය. ඒ අනුව පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට තම පක්‌ෂයේ මතයට පටහැනිව කථානායක ධූර අපේක්‌ෂකයන් සඳහා ඡන්දය පාවිච්චි කිරීමට හැකියාව ලැබිණ.
නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභාපති තෝරා ගැනීම සඳහා ද ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවන්නේ නම් එවැනි විටක තෝරා ගැනීමේ ක්‍රමය කථානායකවරයා තෝරා ගැනීමේ ක්‍රමය හා සමාන වේ.
٠ පාර්ලිමේන්තුවේ රැස්‌වීම්
පාර්ලිමේන්තුව එක් එක් මාසයේ පළමුව යෙදෙන ඉරිදාට පසුව එළඹෙන සතියෙන් ආරම්භ වන, එම සතියේ අඟහරුවාදා, බදාදා, බ්‍රහස්‌පතින්දා සහ සිකුරාදා යන දිනවලදී රැස්‌වේ. මෙසේ රැස්‌වීම් පැවැත්විය යුතු වන්නේ සෑම මාසයකම පළමුවන සතියේ සහ තුන්වන සතියේ පමණී. පාර්ලිමේන්තුවේ රැස්‌වීම් පෙරවරු 9 ට ආරම්භ විය යුතුය. නමුත්, ජනාධිපතිවරයා විසින් යම් රැස්‌වීමක් කැඳවන්නේ නම් එම රැස්‌වීම ආරම්භ වන වේලාව ජනාධිපතිවරයා විසින් තීරණය කළ හැකිය. තවද, දහවල් 12 ට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු නතර කර නැවත පස්‌වරු 1.30 ට ආරම්භ කළ යුතුය. ඉන්පසුව පස්‌වරු 4.30 ට පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයා විසින් කටයුතු කළ යුතුය.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවට අවශ්‍ය පරිදි රැස්‌වීම් පවත්වන දින සහ රැස්‌වීම් පවත්වන වේලාවන් වෙනස් කරගත හැකිය.
٠ මහලේකම්ගේ වගකීම්
පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත පාර්ලිමේන්තු කටයුතුවලට අදාළව අතිවිශාල වගකීම් සම්භාරයක් පැවරී ඇත. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සහ පාර්ලිමේන්තුවේ පූර්ණ කාරක සභාවන්හි වැඩ කටයුතු පිළිබඳව කාර්ය සටහන් පවත්වාගෙන යාම මහලේකම්වරයාගේ වගකීමයි.
එම සටහන් සෑම රැස්‌වීමකටම පසු දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දීමට මහලේකම්වරයා උත්සාහ කළ යුතුය. තවද පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදුවන විට ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ගේ නම් සහ ඡන්දය දීමෙන් වැළකී සිටින මන්ත්‍රීවරුන්ගේ නම් පිළිබඳ සටහන් පවත්වාගෙන යාම ද මහලේකම්වරයාට පැවරී ඇති වගකීමකි. පාර්ලිමේන්තුවේ කාර්ය සටහන් ද වෙනත් ලේඛන ද සුරක්‌ෂිතව තබා ගැනීම මහලේකම්වරයාගේ වගකීමයි.
٠ ඝන පූරණය
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 73 වන ව්‍යවස්‌ථාව අනුව ඝන පූරණය 20 කි. එනම් පාර්ලිමේන්තුවේ රැස්‌වීමක් පවත්වාගෙන යාම සඳහා අවම වශයෙන් මූලාසනාරූඩ මන්ත්‍රීවරයා ද ඇතුළත්ව මන්ත්‍රීවරුන් 20 දෙනෙකු සභාව තුළ සිටිය යුතුය. පාර්ලිමේන්තුව තුළ ප්‍රමාණවත් න්ත්‍රීන් ගණනක් නොසිටින බවට කථානායකවරයාගෙ අවධානය යොමු කළ විට කථානායකවරයා විසින් "බෙදුම් සීනුව" ලෙස හදුන්වනු ලබන සීනුව නාද කරන ලෙසට අණ කළ යුතුය. එම සීනුව නාද කිරීමෙන් විනාඩි 5 ක් ගත වීමෙන් පසුවත් මන්ත්‍රීවරුන් 20 දෙනෙකු සභා ගර්භය තුළ නොසිටින්නේ නම් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල් තැබීමට කටයුතු කළ යුතුය. පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවක ද ඝන පූරණය 20 කි.
٠ පාර්ලිමේන්තුවේ භාවිත කරන භාෂා
පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් කරගෙන යා යුතුය. මේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ කරන කථාවක් එම කථාව පවත්වන භාෂාවෙන්ම පාර්ලිමේන්තු විවාද පිළිබඳ නිල වාර්තාවේ පළ කළ යුතුය. "හැන්සාඩ්" වාර්තාව ලෙස ප්‍රකටව හදුන්වනු ලබන්නේ එකී පාර්ලිමේන්තු විවාද පිළිබඳ නිල වාර්තාවයි. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා 3 න් ම පැවතිය යුතුය. පාර්ලිමේන්තුවේ කතාවක් පවත්වන විට එම අවස්‌ථාවේ දී ම එම කතාව අනෙකුත් භාෂා 2 න් පරිවර්තනය කර අවශ්‍ය මන්ත්‍රීවරුන්ට ඇසීමට සැලැස්‌විය යුතුය.
උදාහරණයක් ලෙස යම් මන්ත්‍රීවරයෙකු දෙමළ භාෂාවෙන් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන්නේ නම් එම මොහොතේම එම කතාව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලට පරිවර්තනය කර ශ්‍රව්‍ය උපකරණ හරහා හරහා අවශ්‍ය මන්ත්‍රීවරුන්ට ඇසීමට සැලැස්‌විය යුතුය. නමුත්, හැන්සාඩ් වාර්තාවේ එම කතාව පළ කරනු ලබන්නේ දෙමළ භාෂාවෙන් පමණී. කෙසේ වෙතත්, හැන්සාඩ් වාර්තාවේ ඉදිරිපස කවරය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා 3 න් ම මුද්‍රණය කළ යුතුය. තවද අදාළ කථිකයාගේ නම පමණක් භාෂා 3 න් ම පළ කළ යුතුය.
٠ පාර්ලිමේන්තුවේ කටයුතවල අනුපිළිවෙළ
පාර්ලිමේන්තු රැස්‌වීමක දී කටයුතු සිදු කළ යුතු අනුපිළිවෙළ 19 වන ස්‌ථාවර නියෝගයේ නිශ්චිතව දක්‌වා ඇත. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය එම අනුපිළිවෙළ අනුව සකස් කළ යුතුය. එම අනුපිළිවෙළ පහත සඳන් පරිදි වේ.
1. අභිනව මන්ත්‍රීන්ගේ ප්‍රතිඥාව හෝ දිවුරුම් දීම.
2. ජනාධිපතිගේ සන්දේශ ඉදිරිපත් කිරීම.
3. කථානායකගේ නිවේදන ප්‍රකාශයට පත් කිරීම.
4. ලිපි ලේඛන පිළිගැන්වීම.
5. කාරක සභා වාර්තා පිළිගැන්වීම.
6. පෙත්සම් සලකා බැලීම.
7. ප්‍රශ්න ඉදිරිපත් කිරීම.
8. ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම.
9. නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම.
10. අමාත්‍යාංශ නිවේදන ඉදිරිපත් කිරීම.
11. පෞද්ගලික පැහැදිලි කිරීම් සිදු කිරීම.
12. වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න ඇසීම.
13. ප්‍රධාන කටයුතු (ඒ ඒ දිනයට නියමිත කටයුතු සහ යෝජනා පිළිබඳ දැනුම් දීම)
٠ වරප්‍රසාද කඩවීම් පිළිබඳ යෝජනා සඳහා ප්‍රමුඛතාවය
පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිබඳ හදිසි යෝජනාවක් යම් මන්ත්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කරන්නේ නම් එම වරප්‍රසාද පිළිබඳ යෝජනාව අන් සියලුම වැඩකටයුතු අබිබවා ප්‍රමුඛ ස්‌ථානයට ගත යුතුය. අනෙකුත් පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා එම යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තුව විසින් කටයුතු කළ යුතුය.
٠ පෙත්සම් ඉදිරිපත් කිරීම
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පෙත්සමක් කථානායකතුමාගේ නමට යොමු කළ යුතුය. එම පෙත්සම ඕනෑම පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කළ හැකි නමුත්, එම පෙත්සම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හරහා පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට කටයුතු කළ යුතුය. බොහෝ විට රටේ පුරවැසියන්ට මුහුණ දීමට සිදුවී ඇති අසාධාරණකම් මෙවැනි පෙත්සම් මගින් පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කිරීමට සිදුවේ. එවැනි පෙත්සමක භාෂාව ගෞරවාන්විත විය යුතු බව ද, පැහැදිලිව කියවිය හැකි ලෙස ඉදිරිපත් කළ යුතු බව ද අපේක්‌ෂා කරන සහනය එම පෙත්සමේ නිශ්චිතව සඳහන් කර තිබිය යුතු බවට ද 25 වන ස්‌ථාවර නියෝගයේ දක්‌වා ඇත. තවද එම පෙත්සමට පෙත්සම ඉදිරිපත් කරන්නා විසින් අත්සන් කර තිබිය යුතුය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුයෙකු විසින් තමාගේම පෙත්සමක් ඉදිරිපත් කළ නොහැකි නමුත් වෙනත් මන්ත්‍රීවරයෙකු හරහා තම පෙත්සම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයිතිය ඇත. එලෙස ඉදිරිපත් කරන පෙත්සම් පාර්ලිමේන්තුවේ "මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට" ඉදිරිපත් කරන අතර එම පෙත්සමේ සඳහන් කරුණු පිළිබඳ සොයා බලා සුදුසු සහන නිර්දේශ කිරීමට එම කාරක සභාවට හැකියාව ඇත.