ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ අධිකරණ 7ක් ක්‍රියාත්මකවේ.
ඒවා නම් :
1. ප්‍රාථමික අධිකරණය
2. මහේස්‌ත්‍රත් අධිකරණය
3. දිසා අධිකරණය
4. මහාධිකරණය
5. පළාත්බද අධිකරණය
6. අභියාචනාධිකරණය
7. ශ්‍රේෂ්ඨාධිකරණය
මේ එක් එක් අධිකරණය සඳහා පත්කිරීම සිදුකරන ක්‍රමය එකිනෙකට වෙනස්‌ය. එනිසා මෙම එක් එක් අධිකරණයට අදාළ පත්කිරීම් සිදුවන ක්‍රමය ද විනය පාලනය සහ සේවයෙන් නෙරපීම පිළිබඳ කරුණු ද මෙයින් සාකච්ඡාවට ලක්‌කරනු ලැබේ.
٠ ප්‍රාථමික අධිකරණය සහ මහේස්‌ත්‍රාත් අධිකරණය :
මෙම අධිකරණ දෙකේ කටයුතු කිරීම සඳහා විනිශ්චයකරුවන් බඳවා ගැනීම සඳහා විටින් විට අධිකරණ සේවා කොමිසම විසින් අයැදුම්පත් කැඳවනු ලබයි. අවම වශයෙන් වසර 3ක වෘත්තීය අත්දැකීම් ලත් නීතිඥවරුන්ට සහ නීතිඥවරියන්ට එම ධූරයන් සඳහා අයැදුම් කළ හැකිය. තෝරා ගැනීමේ විභාගයක ප්‍රතිඵල මත සහ සම්මුඛ පරීක්‌ෂණයක දී ලබාගන්නා ලකුණු මත ප්‍රාථමික අධිකරණයට සහ මහේස්‌ත්‍රාත් අධිකරණයට විනිශ්චයකාරවරුන් බඳවා ගනු ලැබේ. එසේ බඳවා ගත් පසු ඔවුන් පිළිබඳ විනය පාලනය සහ සේවයෙන් නෙරපීමේ බලය අධිකරණ සේවා කොමිෂන් සභාව සතු වේ.
٠ දිසා අධිකරණය :
මහේස්‌ත්‍රාත්වරුන් වශයෙන් කටයුතු කරන විනිශ්චයකාරවරුන් අතරින් @ජ්‍යෂ්ඨත්වය මත අධිකරණ සේවා කොමිසම විසින් දිසා අධිකරණ විනිශ්චයකාරවරුන් පත්කිරීම සිදුකරයි. ඔවුන්ට එරෙහිව විනයානුකුල කටයුතු කිරීමේ බලය අධිකරණ සේවා කොමිෂන් සභාව සතුය.
٠ මහාධිකරණය :
මහාධිකරණ විනිශ්චයකාරවරුන් පත්කිරීමේ කාර්ය පටිපාටිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 111(2) (අ) ව්‍යවස්‌ථාවේ දක්‌වා ඇත. අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් මහාධිකරණ විනිශ්චයකාරවරුන් පත්කරනු ලබයි. අධිකරණ සේවා කොමිසම තම නිර්දේශ ජනාධිපතිවරයාට ලබා දීමේ දී ඊට ප්‍රථම නීතිපතිවරයාගෙන් ද අදහස් විමසනු ඇතැයි අපෙක්‌ෂා කරනු ලැබේ.
මහාධිකරණ විනිශ්චයකාර ධූරයන් සඳහා සාමාන්‍යයෙන් @ජ්‍යෂ්ඨ දිසා අධිකරණ විනිශ්චයකාරවරුන් පත් කරන නමුත්, නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන රජයේ නීතිඥවරුන් සහ ඇතැම්විට පෞද්ගලිකව නීතිඥ වෘත්තීයේ යෙදෙන @ජ්‍යෂ්ඨ නීතිඥවරුන්ව ද කෙළින්ම මහාධිකරණ විනිශ්චයකාරවරුන් පිළිබඳ විනය පාලනය ද සුදුසු අවස්‌ථාවල ධූරයෙන් පහ කිරීම ද ජනාධිපතිවරයා විසින් සිදු කළ හැකිය.
නමුත්, එම අවස්‌ථා දෙකේදීම ජනාධිපතිවරයා අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත කටයුතු කළ යුතුය. 2001 වසරේ දී සම්මත කරන ලද 17 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෙධනයට ප්‍රථමයෙන් ජනාධිපතිට තම තනි අභිමතයට මෙම පත්කිරීම සිදු කළ හැකිව තිබිණ. එසේ ක්‍රියා කිරීම අධිකරණයේ ස්‌වාධීනත්වය කෙරෙහි අගතිදායක ලෙස බලපෑ හැකි කරුණක් බැවින් පත්කිරීම සිදුකිරීමේ දී ස්‌වාධීන ආයතනයක් වන අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත ජනාධිපති කටයුතු කළ යුතු වන පරිදි නව ප්‍රතිපාදන එම සංශෝධන මගින් ඉදිරිපත් කරන ලදී.
٠ පළාත්බද අධිකරණ :
පළාත්බද මහාධිකරණය මේ වන විට ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‌ෂේත්‍රය තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. වාණිජ ආරවුල් පිළිබඳ නඩු විසදීම, ප්‍රාථමික, මහේස්‌ත්‍රාත් සහ දිසා අධිකරණවල අභියාචනා විසදීමත් එම අධිකරණයට බාර වී ඇත. ඊට අමතරව කම්කරු විනිශ්චය සභාවන්හි තීරණ පිළිබඳ අභියාචනා විභාග කරන්නේ ද පළාත්බද මහාධිකරණයයි. පළාත්බද මහාධිකරණවලට විනිශ්චයකාරවරුන් පත්කිරීමේ බලය ඇත්තේ අග්‍රවිනිශ්චයකාරවරයා වෙත ය. දැනට ධූර දරන මහාධිකරණ විනිශ්චයකාරවරුන් අතරින් තෝරා ගත් විනිශ්චයකාරවරුන් පළාත්බද මහාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස පත්කිරීමට අග්‍රවිනිශ්චයකාරවරයා අයිතිය ඇත. විනය පාලනය සහ ඉවත් කිරීම පිළිබඳ මහාධිකරණ විනිශ්චයකාරවරුන්ට අදාළ තත්ත්වයම පවතී.
٠ අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය :
අභියාචනාධිකරණය සභාපති, විනිශ්චයකාරවරයාගෙන් ද තවත් විනිශ්චයකාරවරුන් 11 දෙනෙක්‌ගෙන් ද සමන්විත වේ. එම විනිශ්චයකාරවරුන්ව පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරයි. නමුත් ජනාධිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයකු ලෙස පත්කිරීමට යෝජිත තැනැත්තාගේ නම ප්‍රථමයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවට ඉදිරිපත් කළ යුතු වන අතර ජනාධිපති විසින් අනුමත කළහොත් පමණක් ජනාධිපතිවරයාට එම පත්කිරීම සිදු කළ හැකිය. එහි අර්ථය නම් අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු පත්කිරීමේ දී එලෙස පත් කරන පුද්ගලයාගේ සුදුසුකම් පිළිබඳ ජනාධිපතිවරයා ද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව ද එකඟත්වයට පත්විය යුතුය.
ජනාධිපති විසින් නම නිර්දේශ කිරීම - ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව විසින් එම නිර්දේශය සලකා බලා අනුමත කිරීම - ජනාධිපති විසින් පත්කිරීම සිදු කිරීම @ජ්‍යෂ්ඨතම මහාධිකරණ විනිශ්චයකාරවරුන් මෙන්ම, නීතිපති දෙපාර්තමේන්තුවේ @ජ්‍යෂ්ඨ රජයේ අධිනීතිඥවරුන් ද, ඇතැම් විට පෞද්ගලිකව වෘත්තියේ යෙදෙන @ජ්‍යෂ්ඨ නීතිඥවරුන් ද අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් ලෙස පත්කිරීම කාලයක් තිස්‌සේ සිදුව ඇත.
17 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට පෙර මෙම පත්කිරීම ජනාධිපතිවරයාගේ තනි අභිමතයට සිදු වූ අතර එමගින් අධිකරණයේ ස්‌වාධීනත්වයට බලපෑමක් සිදු වූ බව පිළිගත් මතයකි. එම තත්ත්වයට ප්‍රතිකර්මයක් ලෙස අදාළ පත්කිරීම සිදුකිරීමේ දී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවේ ද අනුමැතිය අවශ්‍ය වන පරිදි කාර්ය පටිපාටි සංශෝධනය කරන ලදී. අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙකු පත්කිරීමේ ක්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු පත්කිරීමේ ක්‍රමය හා සමාන වේ. එමෙන්ම විවිධ හේතු මත අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට ධූරයෙන් ඉවත් කළ හැකිය.
٠ අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ව ධූරයෙන් නෙරපීම
රටේ අනාගතය හා සම්බන්ධ ඉතා බරපතළ තීරණ ගැනීමේ වගකීම පැවරී ඇති අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ ස්‌වාධීනත්වය ආරක්‌ෂා කිරීම අතිශයින් වැදගත් කරුනකි. ඔවුන්ගේ කටයුතු වලට විධායකය විසින් අයුතු බලපෑම් සිදුකිරීම වැළැක්‌විය යුතුවා මෙන්ම දූෂණ ක්‍රියා හා සම්බන්ධ නැතහොත් බරපතල අබලතාවකට පත්වී ඇති විනිශ්චයකාරවරුන්ව ධූරයෙන් නෙරපීම සඳහා ක්‍රියාදාමයක් ද තිබිය යුතුය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 107 වන ව්‍යවස්‌ථාව අනුව එවැනි අවස්‌ථාවක කටයුතු කළ යුතුය. උපරිමාධිකරණ විනිශ්චයකාරවරයෙකුව ධූරයෙන් නෙරපිය හැක්‌කේ එම විනිශ්චයකාරවරයාගේ විෂම පැවැත්ම හෝ අබලතාව ඔප්පු කිරීමෙන් පමණී.
එලෙස විනිශ්චයකාරවරයෙකු ධූරයෙන් නෙරපීම සඳහා පරීක්‌ෂණ පැවැත්වීමේ බලයක් ජනාධිපතිට නොමැති අතර එම බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව සතුවේ. අභියාචනාධිකරණ හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු ධූරයෙන් නෙරපීම සඳහා ප්‍රථමයෙන් එම චෝදනා සාක්‌ෂි මගින් පාර්ලිමේන්තුවේ කාරක සභාවක් ඉදිරියේ ඔප්පු කළ යුතුය. දෙවනුව එම චෝදනාව පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවක් විසින් සම්මත කළ යුතුය.
එනම් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත්‍රී ගණනින් (රැස්‌වීමට නොපැමිණි අය ද ඇතුළත්ව) 50% කට වඩා වැඩි පිරිසකගේ ඡන්දය එම යෝජනාවට පක්‌ෂව ලැබිය යුතුය. එවැනි අවස්‌ථාවක ජනාධිපතිවරයා විසින් අදාළ විනිශ්චයකාරවරයාව ධූරයෙන් ඉවත් කළ හැකිය. විනිශ්චයකාරවරයෙකු ධූරයෙන් පහ කිරීමේ බලය පාර්ලිමේන්තුවට පවරා දීමේ බලය ඇතැම් විචාරකයන්ගේ විවේචනයට ලක්‌වී ඇත. නමුත් ඊට වඩා යහපත් විකල්ප යෝජනාවක් ද තවමත් ඉදිරිපත් වී නැත.