
වීදිය තුරදි මනහර
උපන්නෙන් එතුමර
තැබූ නම විය වෙස්සන්තර
උපෝසත කුලයේ
ඇත් පැටියෙකුත් දු ලයේ
රජුගේ ඇත් හළ යේ
එදා දෙවියෙක් ගෙනත් හළයේ
එක දිනම ඉපදුන
සැටදහසක් කුමරගන
කැඳවා රජ බවන
වැඩූ එකලෙස සැපත් දීමෙන
අට අවුරුදු කුමරූ
නවවරෙක තම ගත දැරූ
රන් මිනි බරන සරූ
දිදී කිරි මව්වරුන් තුටු කෙරූ
මහෞෂද පඬිකල
වෙසතුරුව ඉපදුන කල
සිදුහත් කුමරු කල
උපන් විගසම දෙඩුවේ නොපැකිල
කිරි-මව්වනේ
කුම-රා ගැනේ
වි-දරු සෙනේ
කිරි-දෙනු දැනේ
දරු-වැඩුමටත්
යලි-නැසුමටත්
වග-කියනු යුත්
කිරි-මව්ම වෙත්
දරු-වැදුම යා
නොව-පුදුම යා
දරු-හැදුම යා
ලොකු-පුදුම යා
දරු-සුරතලේ
වැනි-නිකසලේ
සැප-තක් බොලේ
නැත-ලෝතුලේ
නැති-ගරු සරු
මහ-කතකි රූ
කිරි-මව්ව රූ
බිළි-ඳුගෙ ම රූ
