ශ්‍රී ලංකාවේ භු විෂමතා කලාප
භු විෂමතා යනු :
භුමිය මතුපිට ඇති විවිධ වෙනස්‌කම්
* ප්‍රධාන භු විෂමතා කලාප 3
1. වෙරළබඩ තැනිතලාව මීටර 0-30 දක්‌වා
2. අභ්‍යන්තර තැනිතලාව මීටර 30-300 දක්‌වා
3. මධ්‍යම කදුකරය මීටර 300 න් ඉහළ
ශ්‍රී ලංකාවේ භු විෂමතාව දැක්‌වෙන හරස්‌කඩයක්
වෙරළබඩ තැනිතලාවේ භු විෂමතා ලක්‌ෂණ
වෙරළබඩ ලක්‌ෂණ (දූපත්) | හැඳින්වීම | උදාහරණ |
පුංකුඩුතිවු, | සෑම පැත්තෙන්ම ජලයෙන් වට වු ගොඩබිම් | කයිට්‌ස්, මන්නාරම, ඩෙල්ෆ්, කච්චතීව්, නයිනතිවු (නාගදීපය) |
ද්‍රෝණි මෝය | මුහුද සමඟ නිදහස් සම්බන්ධයක් ඇති, මුහුදට විවෘත පැත්ත බොකුවලට වඩා කුඩා, ගොඩබිමින් වට වු ජලාශයකි. ජලය කිවුල් ය. | මීගමුව, පුත්තලම, මඩකලපුව |
බොක්‌ක | ගොඩබිමට කා වැදුණ කරදිය පිරුණ සාගර ප්‍රදේශ. මුහුදට විවෘත පැත්ත විශාලයි | වැලිගම්බොක්‌ක, ආරුගම් බොක්‌ක, කොඩ්ඩියාර් බොක්‌ක |
කලපු | වසරේ එක කාලයක දී පමණක් මුහුදට සම්බන්ධ වන කරදිය ජලාශ | මුන්දල් විල, බොලේගොඩ විල, කොග්ගල, රැක්‌ව, කලමැටිය, ලුනාව |
තුඩු | මුහුද දෙසට නෙරා ගිය ගොඩබිම් කොටසකි | දෙවුන්දර තුඩුව, පේදුරු තුඩුව, ඇත් තුඩුව, රාක්‌ෂ තුඩුව |
ඩෙල්ටා | ගංඟා මගින් ගෙනෙන ද්‍රව්‍ය ගං මෝයෙහි ත්‍රිකෝණාකාර හැඩයට තැන්පත් වු ස්‌ථාන | මහවැලි ගඟ, කලා ඔය, මී ඔය ශ්‍රිත ඩෙල්ටා |
වගුරු | ගංඟා මගින් ගෙනෙන ද්‍රව්‍ය වැලි ඉවුරු ලෙස තැන්පත් වී මෝය ඇහිරීම නිසා හා ගංඟා පිටාර ගැලීම නිසා ඇති වූ තෙත් බිම් | මුතුරාජවෙල වගුරු බිම, දෙද්දූව වගුරු බිම |
ලේවා | සාගරයට සම්බන්ධ කරදිය පිරුණ ජලාශ | පුත්තලම, අලිමංකඩ, (එලිෆන්ට්‌පාස්) හම්බන්තොට |
ප්‍රශ්න හා පිළිතුරු
* නිවැරදි වරණය තෝරා ඉරක් අදින්න.
1. ශ්‍රී ලංකාව බෙදෙන භු විෂමතා කලාප සංඛ්‍යාව වන්නේ,
1. 4 කි. 2. 3 කි. 3. 5 කි. 4. 2 කි.
2. සමාන උස ඇති ස්‌ථාන සම්බන්ධ කරමින් අඳිනු ලැබූ රේඛා හැඳින්වෙන්නේ,
1. සමෝච්ච රේඛා නමිනි.
2. සමකාසන්න රේඛා නමිනි.
3. සමෝෂ්ණ රේඛා නමිනි.
4. සමාන්තර රේඛා නමිනි.
3. වෙරළබඩ තැනිතලාවට අයත් නගරයක් නොවන්නේ,
1. කොළඹ 2. පුත්තලම 3. කුරුණෑගල 4. හලාවත
4. වෙරළබඩ තැනිතලාවේ දක්‌නට ලැබෙන භු විෂමතා පමණක් ඇතුළත් වරණය තෝරන්න.
1. කලපු, තුඩු, සානු, මොහොර
2. සානු, කපොලු, ලේවා, ද්‍රෝණිමෝය
3. නිම්න, තුඩු, කලපු, ලේවා
4. බොකු, ද්‍රෝණිමෝය, ලේවා, තුඩු
5. වෙරළබඩ තැනිතලාව පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. වෙරළබඩ තැනිතලාව උතුරේ දී කි.මී. 32 පමණ පුළුල් වන අතර දකුණේ දී කි.මී. 3 පමණ පටු වෙමින් විහිදේ.
2. වෙරළබඩ තැනිතලාව උතුරේ දී කි.මී. 23 ක් පමණ පුළුල් වන අතර දකුණේ දී කි.මී. 3 ක් පමණ පටුව විහිදේ.
3. වෙරළබඩ තැනිතලාව දකුණේ දී කි.මී. 27 ක් පමණ පුළුල් වන අතර උතුරේ දී කි.මී. 27 ක් පමණ පටුව විහිදේ.
4. වෙරළබඩ තැනිතලාව දකුණේ දී කි.මී. 23 ක් පමණ පුළුල් වන අතර උතුරේ දී කි.මී. 3 පමණ පටුව විහිදේ.
6. නිලාවැලි ලේවාය දක්‌නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ
1. උතුරු වෙරළ තීරයේ ය.
2. දකුණු වෙරළ තීරයේ ය.
3. නැගෙනහිර වෙරළ තීරයේ ය.
4. බටහිර වෙරළ තීරයේ ය.
7. ආරුගම් හා කොඩ්ඩියාර් කුමන භු විෂමතා ලක්‌ෂණයකට උදාහරණ ද?
1. ඩෙල්ටා 2. වගුරු 3. බොකු 4. තුඩු
8. අභ්‍යන්තර තැනිතලාවේ පිහිටි ශේෂ කදු පමණක් ඇතුළත් වරණය කුමක් ද?
1. රිටිගල, දිඹුලාගල, සමනල කන්ද
2. මිහින්තලේ, කතරගම කන්ද, රිටිගල
3. සීගිරිය, පිදුරුතලාගල, මිහින්තලේ
4. වැද්දාකන්ද, කිරිගල්පොත්ත කන්ද, දිඹුලාගල
9. ශේෂ කදු හා වයඹ ගිනිකොණ දිශානුගත කුඩා හෙල්වැටි සමූහයක් දක්‌නට ලැබෙන්නේ,
1. වෙරළබඩ තැනිතලාවේ ය.
2. අභ්‍යන්තර තැනිතලාවේ ය.
3. මධ්‍යම කදුකරයේ ය.
4. සබරගමු කදු වැටි කලාපයේ ය.
10. මධ්‍යම කදුකරයට නැගෙනහිරින් ඊට ආසන්නව විහිදී ඇත්තේ හුදකලා කදුය. මෙම කදුවලට උදාහරණ ලෙස දැක්‌විය හැකි කදු පමණක් ඇතුළත් පිළිතුර කුමක් ද?
1. නුවරගල කන්ද, ආඳාගල, රිටිගල
2. දිඹුලාගල, මොනරාගල, ඉඟිනියාගල
3. ගෝවින්ද හෙල, නුවරගල් කන්ද, ඉඟිනියාගල
4. ඇතුගල, ඉඟිනියාගල, මිහින්තලේ
11. පිදුරුතලාගල කන්දේ නිවැරදි උස වන්නේ,
1. කි.මී 2036 2. කි.මී. 1836 3. කි.මී. 2357 4. කි.මී. 2524
12. මධ්‍යම කදුකරය නැංගුරම් හැඩය ගත් කදු පන්තියකි. එම නැංගුරමේ කදු ලෙස සැලකෙන කදු පන්තිය කුමක් ද?
1. පිදුරුතලාගල කදු පන්තිය
2. නකල්ස් කදු පන්තිය
3. සමනල කදු පන්තිය
4. නමුණුකුල කදු පන්තිය
14. වෙරළබඩ තැනිතලාවේ පිහිටි යාපන අර්ධද්වීපයේ කැපී පෙනෙන ලක්‌ෂණය කුමක් ද?
1. හුණුගල්වලින් නිර්මාණය වීම හා ආසියා ළිංවලින් හා පොම්ප මඟින් ගොවිතැන් කිරීම ය.
2. හුණුගල්වලින් නිර්මාණය වීම හා ශ්‍රී ලංකාවේ විශාල ම අර්ධද්වීපය වීම ය.
3. හුණුගල්වලින් නිර්මාණය වීම හා දැඩි වාෂ්පීභවනය දක්‌නට තිබීම ය.
4. දකුණු ඉන්දියාවේ භු විෂමතාවන්ට සමාන ලක්‌ෂණ යාපන අර්ධද්වීපයේ දක්‌නට තිබීම ය.
* පහත දැක්‌වෙන සිතියම ඇසුරින් 15-20 දක්‌වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
15. කොඩ්ඩියාර් බොක්‌ක දක්‌වා ඇති අක්‌ෂරය වන්නේ,
1. ඒ 2. බී 3. සී 4. ඩී
16. ෆවුල් තුඩුව දක්‌වා ඇති අක්‌ෂරය වන්නේ,
1. ඒ 2. බී 3. සී 4. ඩී
17. එක්‌ස් අක්‌ෂරයෙන් දැක්‌වෙන්නේ,
1. කුඩා රාවණා කොටුව
2. මුතුරාජවෙල වගුර
3. දේදූව වගුර
4. හම්බන්තොට ලේවාය
18. වයි අක්‌ෂරයෙන් දැක්‌වෙන අභ්‍යන්තර තැනිතලා ප්‍රදේශයේ පිහිටි වැදගත් ශේෂ කන්ද නම්,
1. සීගිරිය 2. දිඹුලාගල 3. යාපහුව 4. මිහින්තලය
19. එල් අක්‌ෂරයෙන් දැක්‌වෙන අභ්‍යන්තර භු විෂමතා ලක්‌ෂණය,
1. බොකු 2. ද්‍රෝණි මෝය 3. තුඩුව 4. ලේවාය
20. පහත සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ කදු කිහිපයක උස ය. එම කදු අනුපිළිවෙළට ගැළපු විට නිවැරදි පිළිතුර වන්නේ,
A B
B පිදුරුතලාගල F මීටර 1328
C ගොන්ගල G මීටර 2524
D සමනල H මීටර 661
1. AGFG 2. HEFG 3. GHEF 4. FG
21. සබරගමු කදු වැටි දක්‌නට ලැබෙන්නේ මධ්‍යම කදුකරයට,
1. උතුරින් ය. 2. නැගෙනහිරින් ය. 3. දකුණින් ය. 4. නිරිත දෙසින් ය.
22. බලන, ගලගෙදර, කඩුගන්නාව යන ප්‍රදේශවල පිහිටි වැදගත් ම භු විෂමතා ලක්‌ෂණය වනුයේ,
1. සානු ය. 2. උස් කදු ය. 3. දියඇළි ය. 4. කපොලු ය.
23. ශ්‍රී ලංකාවේ භු විෂමතාව අනුව පහත් ම කලාපය වන්නේ,
1. අඩතැන්න 2. මධ්‍ය කදුකරය 3. වෙරළබඩ තැන්න 4. ගල්ඔය කදු
24. ගංඟා හරස්‌කර වැව් තනා ගැනීමට බෙහෙවින් උපකාරි වු භු විෂමතා ලක්‌ෂණය වූයේ,
1. මධ්‍යම කදුකරයේ සානු හා දියඇළි ය.
2. අභ්‍යන්තර තැනිතලා ප්‍රදේශයේ පිහිටි පහත් හෙල්වැටි ය.
3. අභ්‍යන්තර තැනිතලා ප්‍රදේශයේ පිහිටි ශේෂ කදු ය.
4. අභ්‍යන්තර තැනිතලා ප්‍රදේශයේ පිහිටි රැළි බිම් ය.
25. බුළුතොට - රක්‌වාන කදු කලාපයේ විශේෂ ලක්‌ෂණය වන්නේ,
1. වයඹ - ගිනිකොණ දිශානුගතව විහිදෙන සමාන්තර කදු වැටි පන්තියකි.
2. උතුරු - නැගෙනහිර දිශානුගතව විහිදෙන සමාන්තර කදු වැටි පන්තියකි.
3. උතුරු - ඊසාන දිශානුගතව විහිදෙන සමාන්තර කදු වැටි පන්තියකි.
4. වයඹ - ඊශානුගතව විහිදෙන සමාන්තර කදු වැටි පන්තියකි.
* සුදුසු පිළිතුරු යොදා හිස්‌තැන් පුරවන්න
1. සමාන උස ....................කරමින් අඳින රේඛාව ...............රේඛා නම් වේ.
2. ශ්‍රී ලංකාව භු විෂමතා කලාප ...............ට බෙදෙයි.
3. වෙරළබඩ තැන්න .............. දී පමණ පළල් වන අතර දකුණේ දී ............ පමණ පටුව විහිදේ.
4. මීටර ........... සිට මීටර ........... දක්‌වා ප්‍රදේශ අභ්‍යන්තර තැනිතලා ප්‍රදේශයට අයත් ය.
5. ජාත්‍යන්තර චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු මධ්‍යස්‌ථානය පිහිටි ............... සාගරය ................ කලාපයට අයත් ය.
6. ................. සහ මඩකලපුව ද්‍රෝණි මෝයවලට නිදසුන් ය.
7. අභ්‍යන්තර තැනිතලාවේ කැපී පෙනෙන ලක්‌ෂණ දෙකක් වන්නේ .............. සහ .................. ය.
8. ශ්‍රී ලංකාවේ උසම කන්ද ...................... වේ.
9. මධ්‍යම කදුකරයේ කදු පන්ති ...................... හැඩයෙන් යුක්‌ත ය.
10. වැල්ලවාය - බදුල්ල මහා මාර්ගය ..................... කපොල්ල හරහා වැටී ඇත.
11. මධ්‍යම කදුකරයේ කැපී පෙනෙන භු ලක්‌ෂණ තුනක් දක්‌වා උදාහරණ දෙන්න.
1. ......................................
2. ......................................
3. .....................................
.........................................................................................................