ඉඳුරපති මහබඹුද නා ගුරුළුන්ගේ නන් වෙස් ගෙන සොදින්
අවට සැදි සිටි පිරිස් හට මම යසෝදරයයි පවසමින්
සුගත සමිඳුට නොයෙක් තුති දී පෑවේ එදවස පිරිවනින්
මෙබදු පාදේ උපන් සැම ඉතිරින්ගේ මස්‌තක පිට සැඳූ
කිරුළයක් බඳු යසෝදර දේවිගේ ලංකාරය සුදු
සවන කරමින් සියළු දිගැසින් මතු එමෙන් උපදින ලෙදු
කලක පින් කරනවූ අටියෙන් සිත් දරව් මේ බණ කඳු
මොක් සැප පතා අසනා ලෝ සතා සිතා
දුක් දැක සසර ආලය හල යුතා හොතා
දුක් ලැබ නෙදෙන රැස්‌කරණා සිතා ලුතා
දුක් කර කල් නොයිද පින් කල යුතා හොතා
අසමින මේ දහම් අඟනෝ ගෙන සිතට
යටැසිත රවාවත් නොබලා තම හිමිට
වසමින රන් රස සේ එකගින් අදර කොට
උපදින යසෝදර විලසින් අදර කොට
හිමිට ඇති පහසු අපහසු නොබලමිනි
අපට මෙනම් දෙය දය හෙනෙව කියමිනි
සිතට දුක් දෙවන බස් කිසි නොකියමිනි
සොඳට සිටිනු මැන සිය හිමි වෙත පෙමිනි
දුකක් වන කලට අතමිට හිඟ වෙමින
සෙතක් වන් කලට වැඩියෙන් දයාවෙන
ඇදක් නොව කතුනි හිමි සැළකුවොතින
කිමෙක් මොක් දකිනු බැරි යසෝදර මෙන
රැක පතිදම් යසෝදර බිසවුන් ලෙසට
දුක සැප දෙකෙහි වෙනසක් නොව එක ලෙසට
එක හිමි පතා සිටියොත් ලඳුනි බැති කොට
සැක නැත සඟ පවග සුව මතු ලැබෙනවට
ඉන්නිසා ලියනි හිමිහට යහතින්න
දොම්නසා නොලෙඩ දුකෙහි සත්තින්න
අන් දෙසා නොලා සිතු යසෝදර මෙන
පින්රැසා කරව් සඟ මොක් ලබන මෙන
සැමා සුරන් ගෙන පින් සිතයුරා පුරා
යොමා සුබ වැඩෙහි සිත නිරතුරා යුරා
පෙමා කර සතන් රැකදුන් දුරා හැරා
අමා මහ නිවන් ලබනුය තිරා සරා