ශ්‍රී ලංකාව ආසියා මහද්වීපයට අයත් දූපතකි.
1.1 ශ්‍රී ලංකාවේ සාපේක්‌ෂ පිහිටීම
i. ආසියා මහාද්වීපයේ දකුණු ආසියානු රටකි.
ii. ඉන්දියානු අර්ධද්වීපයට ළංව පිහිටා ඇත.
iii. ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා ඇත.
iv. ඉන්දියානු අර්ධද්වීපය හා ශ්‍රී ලංකාව නිසා ඉන්දියන් සාගරය නැගෙනහිර හා බටහිර යයි කොටස් 2 ට බෙදේ.
v. ඉන්දියානු අර්ධද්වීපයට දකුණින් පිහිටා තිබේ.
1.2 ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාව් පිහිටීම
උතුරින් - ආසියා මහද්වීපය
දකුණින් - ඇන්ටාක්‌ටිකා මහාද්වීපය
බටහිරින් - අප්‍රිකා මහාද්වීපය
නැගෙනහිරින් - ඕස්‌ට්‍රේලියා මහාද්වීපය
සාපේක්‌ෂ පිහිටීම යනු :
රටක පිහිටීම එම රට අවට පිහිටා ඇති සාගර සහ ගොඩබීම් පදනම් කරගෙන දැක්‌විය හැකි ආකාරයයි.
නිරපේක්‌ෂ පිහිටීම යනු :
රටක පිහිටීම අක්‌ෂාංශ හා දේශාංශ අනුව දැක්‌වීම ය.
ශ්‍රී ලංකාවේ අක්‌ෂාංශ හා දේශාංශ අතර පිහිටීම
උතුරු අක්‌ෂාංශ අංශක 5 ත් අංශක 10 ත් අතර
නැගෙනහිර දේශාංශ අංශක 79 - අංශක 81 ත් අතර
අක්‌ෂාංශ යනු :
පෘථිවි ආදර්ශ ගෝලයක බටහිර සිට නැගෙනහිරට ඇඳ ඇති කල්පිත රේඛා ය.
දේශාංශ යනු :
පෘථිවි ආදර්ශ ගෝලයක උතුරේ සිට දකුණට ඇඳ ඇති කල්පිත රේඛා ය.
ශ්‍රී ලංකාවේ දකුණු මායිම
උතුරු අක්‌ෂාංශ අංශක 5 හා 6 ත් අතර
උතුරු සීමාව උතුරු අක්‌ෂාංශ අංශක 9 සහ අංශක 10 ත් අතර
බටහිර සීමාව නැගෙනහිර දේශාංශ අංශක 79 හා අංශක 80 ත් නැගෙනහිර සීමාව
නැගෙනහිර දේශාංශ අංශක 81-82 අතර පිහිටයි.
ශ්‍රී ලංකාවේ විශාලත්වය : වර්ග කි.මී. 65,525 පමණ
උපරිම දිග : පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්‌වා කි.මී. 432
උපරිම පළල : කොළඹ සිට සංගමන් කන්ද දක්‌වා කි.මී. 224
පෝක් සමුද්‍ර සන්ධිය
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පිහිටි, ශ්‍රී ලංකාව හා ඉන්දියාව වෙන් කරන පටු මුහුදු තීරය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පටුම දුර : කි.මී. 32 පමණ
ශ්‍රී ලංකාවේ පිහිටීම නිසා ඇති වු බලපෑම්
1. සමාජයීය බලපෑම් 2. ආර්ථික බලපෑම්
3. සංස්‌කෘතික බලපෑම් 4. දේශපාලන බලපෑම්
සමාජයීය බලපෑම් - උදා : -
* ආර්යයන්ගේ පැමිණීම
* විවිධ ජන කොටස් පැමිණ පදිංචි වීම (ඉන්දියානු, අරාබි, පෘතුගීසි, ඉංග්‍රීසි ආදීන්)
* මිශ්‍ර විවාහ සිදුවීම
* රෝම - ලන්දේසි නීතිය ලැබීම.
* ලාංකික රජවරු දකුණු ඉන්දියානු කුමාරිකාවන් විවාහ කර ගැනීම.
* ද්‍රවිඩයන් ශ්‍රී ලංකාවේ ස්‌ථීර ජන කොටස් බවට පත්වීම.
ආර්ථික බලපෑම් - උදා : -
* වෙළෙඳ සබඳතා ඇතිවීම.
* උතුරු ඉන්දියාවෙන් පැමිණි ආර්යයන්ගේ ප්‍රධාන ජීවනෝපාය වු කෘෂිකර්මය ලාංකිකයන්ගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්වීම.
* කෘෂිකර්මාන්තය හා බැදුණු කෘෂි ආර්ථික රටාවක් බිහිවීම.
* වතු ආර්ථික රටාවක් ඇතිවීම.
* විදේශීය ජාතීන්ට යටත් වීම නිසා ආනයන අපනයන ආර්ථිකයක් පසු කලෙක ඇතිවීම.
දේශපාලනික බලපෑම් :
* දකුණු ඉන්දියානු ආක්‍රමණ ඇතිවීම.
* ලාංකික රජවරු විදේශ රටවල් ආක්‍රමණය කිරීම.
* කුලී හමුදා ගෙන්වා ගැනීම.
* ලාංකික රජවරු දකුණු ඉන්දියානු රජවරුන්ට යුද්ධ සඳහා උදව් කිරීම.
* පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතිකයන්ට ලංකාව යටත්ව තිබීම.
* පාර්ලිමේන්තු ආණ්‌ඩු ක්‍රමය ලැබීම.
සංස්‌කෘතික බලපෑම් :
* ඉන්දියාවෙන් බුදු දහම ලැබීම හා ව්‍යාප්ත වීම.
* හින්දු ආගම ලැබීම.
* මෞර්ය සංස්‌කෘතික බලපෑම (ගෘහ නිර්මාණ - මූර්ති - කැටයම්)
* රෝමානු කතෝලික ආගම් හා රෙප්‍රමාදු ආගමික බලපෑම් ඇතිවීම.
* ඉස්‌ලාම් ආගම පැතිරීම.
* විදේශ සංස්‌කෘතිය, සිරිත් විරිත්වල බලපෑම.
* ද්‍රවිඩ භාෂාව ව්‍යාප්තවීම.
ශ්‍රී ලංකාව හදුන්වා ඇති විවිධ නම්
නම ජාතීන්
තම්බපණ්‌ණී ආර්යයන්
සෙරන්ඩීබ් අරාබීන්
තප්‍රොබේන් ග්‍රීකයන්
සීලයි ඉන්දියානුවන්
සීලන් චීන ජාතිකයන්
සෙයිලාම් පෘතුගීසීන්
සීලෑන් ලන්දේසීන්
සිලෝන් ඉංග්‍රීසින්
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රමුඛත්වය ගැනීමට හේතු
1. ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටීම.
2. පෙර අපර දෙදිග වෙළඳ මාර්ග සන්ධිස්‌ථානයක පිහිටා තිබීම.
3. දියවැල් මාර්ගයක පිහිටා තිබීම.
4. ග්‍රීක රෝම වෙළඳ මාර්ගයක පිහිටා තිබීම වැනි හේතු
ශ්‍රී ලංකාව විවිධ නම් වලින් හදුන්වා තිබීමේ විශේෂත්වය
ශ්‍රී ලංකාව ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය යොමු කර ගැනීමට අතීතයේ පටන් ම සමත් වී ඇති බව පැහැදිලි වීම.
ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු දක්‌වා ඇති ලේඛකයන්
* පාහියන් * ඉබන් බතුනා
* හියුන්සාන් * රොබට් නොක්‌ස්
* ජෝන් ඩී. මාර්ඤෝලි
ශ්‍රී ලංකාවේ අක්‌ෂාංශගත පිහිටීම නිසා ඇති බලපෑම්
* සමකාසන්නව පිහිටීම නිසා වසර පුරාම ඒකාකාර උෂ්නත්වයක් පැවතීම.
* රට දූපතක්‌ව පිහිටීම නිසා එම උෂ්නත්වය සමනය වීම.
* සමකාසන්නව පිහිටි නිසා සංවහන ක්‍රියාවලියේ බලපෑම් වලට ලක්‌වීම.
* මෝසම් සුළං බලපෑම ලැබීම.
* ඉන්දියන් සාගරයේ දියවැල්වල බලපෑම ලැබීම (උෂ්නත්වය සමනය වීමට මෙය හේතුවකි.)
3. ශ්‍රී ලංකාවේ දේශගුණය
කාලගුණය යනු : -
කෙටි කාලයක් තුළ යම් ස්‌ථානයක යම් මොහොතක පවත්නා වායුගෝලීය ස්‌වභාවය.
දේශගුණය යනු : -
කාලගුණික තත්ත්වයන් දිගු කලක් නිරීක්‌ෂණය කර ලබා ගන්නා පොදු නිගමනයන්.
කාලගුණය හා දේශගුණය අතර වෙනස
කාලගුණය ඉතා ඉක්‌මනින් වෙනස් වේ.
දේශගුණය වෙනස් වීමට දිගු කලක් ගතවේ.
කාලගුණික අංග (දේශගුණික මූල) දේශගුණික අංග
* උෂ්නත්වය * උෂ්නත්වය
* වර්ෂාපතනය * වර්ෂාපතනය
* ආර්ද්‍රතාව * ආර්ද්‍රතාව
* වලාකුළු * පීඩනය
* සූළඟේ වේගය * සුළං
* සුළං හමන දිශාව
දේශගුණික සාධක
* අක්‌ෂාංශගත පිහිටීම
* උන්නතාංශය
* දියවැල්
* මුහුදේ සිට ඇති දුර
* ගොඩබිම් හා ජලාශ
* කදු බාධක
කාලගුණික වෙනස්‌වීම් දැන ගැනීම වැදගත් වන අවස්‌ථා
1. ධීවරයන්ට - මුහුදු ගමන් සඳහා
2. නාවිකයන්ට - සමුද්‍ර යාත්‍රා කටයුතු සඳහා
3. ගුවන් නියමුවන්ට - ගුවන් ගමන් සඳහා
4. ගොවියාට - ගොවිතැන් කටයුතු සඳහා
5. දෛනික ජීවිතයේ විවිධ අවස්‌ථා සඳහා
උෂ්නත්ව අන්තරය යනු :
උපරිම උෂ්නත්වය හා අවම උෂ්නත්වය අතර වෙනස ය.
උෂ්නත්වය
දේශගුණය තීරණය කරන ප්‍රධානතම සාධකයයි.
උෂ්නත්වය ව්‍යාප්තිය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්‌වීමට හේතු :
* අක්‌ෂාංශ ගත පිහිටීම.
* උච්චත්වය (උන්නතාංශය)
* සාගරයේ සිට ඇති දුර
* සෘතුමය සුළං
අක්‌ෂාංශ ගත පිහිටීම
* සූර්ය කිරණ සමතාසන්න ප්‍රදේශවලට ලම්බව වැටෙන බැවින් හිරු රැස් කුඩා ප්‍රදේශයකට සීමාවීම නිසා සමකාසන්න ප්‍රදේශවල
උණුසුම වැඩිවීම.
* සූර්ය කිරණ ධ්‍රැවාසන්න ප්‍රදේශවලට ඇලව වැටෙන අතර ප්‍රදේශයක් පුරා විහිදෙන නිසා ධ්‍රැවාසන්න ප්‍රදේශවල උණුසුම වැඩිවීම.
* පිහිටි අක්‌ෂාංශ අනුව මෙය සිදුවේ.
ශ්‍රී ලංකාවට ඒකාකාරි උෂ්නත්වයක් වර්ෂය පුරාම ලැබීමට හේතු
ශ්‍රී ලංකාව සමකාසන්න වීම.
උතුරු අක්‌ෂාංශ අංශක 5 - 10 අතර පිහිටීම
සමෝෂ්ණ රේඛා
සමාන උෂ්නත්වය ඇති ප්‍රදේශ එකට සම්බන්ධ කර අඳින රේඛාව
උච්චත්වය (උන්නතාංශය)
මුහුදු මට්‌ටමේ ප්‍රදේශවල උෂ්නත්වය වැඩිවීම උස් ප්‍රදේශවල උෂ්නත්වය අඩුවීම.
හේතුව : පතන සීඝ්‍රතාව
පතන සීඝ්‍රතාව යනු :
මුහුදු මට්‌ටමේ සිට ඉහළට යන සෑම මීටර 100 කට ම උෂ්නත්වය 0.64 බැගින් අඩුවීම.
...............................................................
ප්‍රශ්න සහ පිළිතුරු
* නිවැරදි වරණය තෝරා යටින් ඉරක් අදින්න.
1. ඉන්දියානු අර්ධද්වීපය
1. ශ්‍රී ලංකාවට දකුණින් පිහිටා ඇත.
2. ශ්‍රී ලංකාවට උතුරින් පිහිටා ඇත.***
3. ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටා ඇත.
4. ශ්‍රී ලංකාවට බටහිරින් පිහිටා ඇත.
2. අප්‍රිකා මහාද්වීපය පිහිටා ඇත්තේ,
1. ශ්‍රී ලංකාවට බටහිරින් ය.***
2. ශ්‍රී ලංකාවට දකුණින් ය.
3. ශ්‍රී ලංකාවට නැගෙනහිරින් ය.
4. ශ්‍රී ලංකාවට උතුරින් ය.
3. ඉන්දියන් සාගරය කොටස් දෙකකට බෙදීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ,
1. ශ්‍රී ලංකාව හා මාලදිවයින ය.
2. ශ්‍රී ලංකාව හා අන්දමන් දූපත් ය.
3. ශ්‍රී ලංකාව හා ඉන්දියන් අර්ධද්වීපය ය.
4. ශ්‍රී ලංකාව හා සී ෂෙල්ස් දූපත් ය.
4. විදේශ සබඳතා පවත්වා ගැනීමේ දී ශ්‍රී ලංකාවට වාසිදායක වූ ප්‍රධානම සාධකය වූයේ,
1. ශ්‍රී ලංකාවේ සංස්‌කෘතියයි.
2. ශ්‍රී ලංකාවේ හැඩයයි.
3. ශ්‍රී ලංකාවේ දේශගුණයයි.
4. ශ්‍රී ලංකාවේ පිහිටීමයි.****
5. ආසියා මහාද්වීපයට අයත් රටවල් ඇත:ළත් නොවන පිළිතුර තෝරන්න.
1. ඉන්දියාව, නේපාලය, ටැන්සානියාව, ශ්‍රී ලංකාව.***
2. ශ්‍රී ලංකාව, නේපාලය, පාකිස්‌ථානය, ඉන්දියාව.
3. ඉන්දියාව, බංගලාදේශය, භුතානය, නේපාලය
4. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, පාකිස්‌ථානය.
6. රටක සාපේක්‌ෂ පිහිටීම යනුවෙන් හදුන්වනු ලබන්නේ,
1. කිසියම් රටක පිහිටීම අවට ඇති ගොඩබිම් පමණක් පදනම් කරගෙන පිහිටා ඇති ආකාරයයි.
2. කිසියම් රටක පිහිටීම එම රට අවට ඇති සාගර හා ගොඩබිම් පදනම් කරගෙන දැක්‌විය හැකි ආකාරයයි.***
3. කිසියම් රටක එම රට අවර ඇති සාගර පදනම් කරගෙන පිහිටා ඇති ආකාරයයි.
4. කිසියම් රටක පිහිටීම අවට මහාද්වීප පදනම් කරගෙන දැක්‌විය හැකි ආකාරයයි.
7. ශ්‍රී ලංකාවේ නිරපේක්‌ෂ පිහිටීම දක්‌වා ඇති නිවැරදි මං වරණය තෝරන්න.
1. උතුරු අක්‌ෂාංශ අංශක 5 හා අංශක 9ත් නැගෙනහිර දේශාංශ අංශක 79 හා 80ත් අතර ය.
2. උතුරු අක්‌ෂාංශ අංශක 5 හා අංශක 10ත් නැගෙනහිර දේශාංශ අංශක 79 හා 81ත් අතර ය.**
3. උතුරු අක්‌ෂාංශ අංශක 5 හා අංශක 6ත් නැගෙනහිර දේශාංශ අංශක 80 හා 82ත් අතර ය.
4. උතුරු අක්‌ෂාංශ අංශක 5 හා අංශක 8ත් නැගෙනහිර දේශාංශ අංශක 78 හා 79ත් අතර ය.
8. පෘථිවි ආදර්ශ ගෝලයක බටහිර සිට නැගෙනහිරට ඇඳ ඇති මනක්‌කල්පිත රේඛා හදුන්වන්නේ,
2. ග්‍රිනිච් දේශාංශය යනුවෙනි.
3. සමකය යනුවෙනි.
4. අක්‌ෂාංශ යනුවෙනි.
9. පෘථිවි ආදර්ශ ගෝලයක උතුරේ සිට දකුණට ඇඳ ඇති මනක්‌කල්පිත රේඛා හදුන්වනු ලබන්නේ,
1. සමකය යනුවෙනි.
2. ග්‍රිනිච් මධ්‍ය දේශාංශ යනුවෙනි.
3. අක්‌ෂාංශ යනුවෙනි.***
4. දේශාංශ යනුවෙනි.
10. ශ්‍රී ලංකාවේ උපරිම දිග ලෙස පිළිගත හැක්‌කේ කිනම් පිළිතුරේ දැක්‌වෙන ප්‍රමාණය ද?
1. කි.මී. 422 කි.
2. කි.මී. 462 කි.
3. කි.මී. 432 කි.***
4. කි.මී. 482 කි.
11. ශ්‍රී ලංකාවේ උපරිම පළල ලෙස පිළිගත හැක්‌කේ,
1. කි.මී. 242 කි.
2. කි.මී. 224 කි.***
3. කි.මී. 262 කි.
4. කි.මී. 226 කි.
12. ශ්‍රී ලංකාවේ විශාලත්වය වන්නේ,
1. ව.කි.මී. 65,325 කි.
2. ව.කි.මී. 65,525 කි.***
3. ව.කි.මී. 52,652 කි.
4. ව.කි.මී. 65,625 කි.
13. කොළඹ නගරය පිහිටා ඇති දේශාංශය වන්නේ,
1. දේශාංශ අංශක 76.6
2. දේශාංශ අංශක 82
3. දේශාංශ අංශක 81
4. දේශාංශ අංශක 80
14. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පටුම දුර ප්‍රමාණය ලෙස සැලකිය හැක්‌කේ,
1. කි.මී. 32 ක් පමණ දුරකි.
2. කි.මී. 35 ක් පමණ දුරකි.
3. කි.මී. 23 ක් පමණ දුරකි.
4. කි.මී. 28 ක් පමණ දුරකි.
15. දැනට ලෝකයේ පැරණිතම ලෝක සිතියම ලෙස පිළිගනු ලබන්නේ,
1. එරතොස්‌තනීස් විසින් අඳින ලද සිතියම ය.
2. ඇරිස්‌ටෝටල් විසින් අඳින ලද සිතියම ය.
3. හිපලොස් විසින් අඳින ලද සිතියම ය.
4. ටොලමි විසින් අඳින ලද සිතියම ය.***
16. එම ලෝක සිතියමේ ශ්‍රි ලංකාව හදුන්වා ඇත්තේ,
1. සීලෑන් යන නමිනි.
2. සිලයිදීප යන නමිනි.
3. තප්‍රොබානා යන නමිනි.
4. සීලන් යන නමිනි.
17. ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු ලියූ ලේඛකයන් පමණක් අයත් වන පිළිතුර තෝරන්න.
1. මාරිඤෝලි, පාහියන්, එරතොස්‌තනීස්
2. ඉබන් බතුතා, පාහියන්, රොබට් නොක්‌ස් ***
3. එච්.ජී.වේල්ස්, හියුන්සාන්, පාහියන්
4. හෙරඩෝටස්, මාරිඤෝලි, රොබට් නොක්‌ස්
18. ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඒකාකාරී උෂ්ණත්වයක් ලැබේ. එයට බලපාන ප්‍රධාන සාධකය කුමක් ද?
1. සමකාසන්න පිහිටීම.***
2. රට දූපතක්‌ව පිහිටීම.
3. දියවැල් මාර්ගයේ පිහිටීම.
4. ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටීම.
19. මධ්‍යධරණී මුහුද අවට රටවල හා අරාබිකරයේ වෙළෙදුන්ට ඉන්දියන් සාගරයට පිවිසීමට තිබූ ප්‍රධාන දොරටු ලෙස වැදගත් වන්නේ,
1. මලක්‌කා සමුද්‍ර සන්ධිය හා රතු මුහුද
2. රතු මුහුද හා පර්සියන් බොක්‌ක
3. පර්සියන් බොක්‌ක හා ඒජියන් මුහුද
4. රතු මුහුද හා ජපන් මුහුද
20. චීනය ඇතුළු පෙරදිග රටවල වෙළඳ නැව්වලට ඉන්දියන් සාගරයට පිවිසීමේ දී ප්‍රධානම දොරටුව වූයේ,
1. පෝක් සමුද්‍ර සන්ධිය
2. මලක්‌කා සමුද්‍ර සන්ධිය ***
3. බීරිං සමුද්‍ර සන්ධිය
4. මැගලන් සමිද්‍ර සන්ධිය
21. ලන්ඩන්, පැරිස්, කරච්චි යන නගර අයත් රටවල් අනුපිළිවෙළින් දැක්‌වෙන පිළිතුර තෝරන්න.
1. බ්‍රිතාන්‍යය, ඊජිප්තුව, ඉන්දියාව
2. බ්‍රිතාන්‍යය, ප්‍රංශය, පාකිස්‌ථානය ***
3. ප්‍රංශය, චීනය, ජපානය
4. බ්‍රිතාන්‍යය, ප්‍රංශය, කැනඩාව
22. ශ්‍රී ලංකාව නැව් මාර්ගවලින් සම්බන්ධ වන නගරයක් නොවන්නේ,
1. ෆ්‍ර]මැන්ටල්
2. කේප්ටවුන්
3. කල්කටාව ***
4. ටොරෙන්ටෝ
23. කොළඹ නගරයට සම්බන්ධ ගුවන් මාර්ගයක් නොවන්නේ,
1. බැංකොක්
2. සිංගප්පූරුව
3. කරච්චි
4. ලීමා ***
24. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් වෙන්වනු ලබන්නේ,
1. බීරිං සමුද්‍ර සන්ධියෙනි.
2. මැගලන් සමුද්‍ර සන්ධියෙනි.
3. පෝක් සමුද්‍ර සන්ධියෙනි ***
4. මලක්‌කා සමුද්‍ර සන්ධියෙනි.
25. රෝම ලන්දේසි නීතිය ශ්‍රී ලංකාවට අයත් කර දුන්නේ,
1. බ්‍රිතාන්‍ය ජාතිකයන් ය.
2. ලන්දේසි ජාතිකයන් ය.
3. පෘතුගීසි ජාතිකයන් ය.
4. ඉන්දියානු ජාතිකයන් ය.
දෙවන කොටස
26. ශ්‍රී ලංකාව අවට මහාද්වීප පිහිටා ඇති ආකාරය දක්‌වන්න.
1. උතුරින් ..............
2. දකුණින් .............
3. නැගෙනහිරින් ..........
4. බටහිරින් ..............
27. ශ්‍රී ලංකාව අයත් අක්‌ෂාංශ හා දේශාංශ නම් කරන්න.
.......................................................
28. ශ්‍රී ලංකාව, පහත සඳහන් නම් වලින් හදුන්වා ඇත්තේ කවර ජාතිකයන් ද?
සීලයි ............
සෙරන්ඩිබ් ..................(අරාබි)
තප්