සිරිසේන
'තුංමංහන්දිය' නවකතාවෙ කථකයා සිරිසේන ය. රණතුංග ආරචිචිලාගේ සිරිසේන ය. ඔහු සිය ලොකු මාමා වන අබිලිං සිංඤෝ පරමාදර්ශය කොටගෙන කටයුතු කරයි. ගමෙ කොල්ලන් සමග දුව පැන ඇවිදීමන්, ගඩාගෙඩි කඩමින් ඇළේ පිහිනමින් විනෝ ද වු[ ඔහුගේ ළමා කාලය මිහිරි ය. රදාවාන පිරිමි පාසලේ ඉගෙන ගන්නා ඔහුට අගහිඟකමි වලින් අඩුවක් නැත. කුඩා කල ඔහු අත් විඳි ජීවන ගැටළු ගැමි ජීවිතය පිළිබිඹු කරයි. ලොකු මාමාගේ කලා වැඩ වලට හවුල් වන ඔහු, ලොකු මාමාගේ චරිතය අගය කරයි. පරමාදර්ශය කර ගනී.
කිරිඳිවැල පාසලෙන් @ජ්‍යෂ්ඨ විභාගය සමත් ව කොළඹ ටෙක්‌නිකල් කොලිජියට ගොස්, චිත්‍ර ශිල්පය ඉගෙන ගන්නා ඔහුට, අගහිවීකමි හා ගැමිකම නිසා කොන් වන්නට සිදු වුව ද, ඔහු කුසලතා මගින් සියල්ලන් අභිබවා සිටියි. අභිමානයට පත් වෙයි. ලොකු මාමාගේ මරණය ඔහුගේ හදවත ප්‍රකමිපනය කරයි. මහත් උත්සාහයෙන් ඔහු ලොකු මාමාගේ අපේක්‌ෂාවෙන් ඉටු කරයි. අගහිඟකමි හා දුෂ්කරතාවලට බදුන් වු ගැමි දරුවෙකුගේ අව්‍යාජ ස්‌වරූපය සිරිසේනගේ චරිතයෙන් නිරූපණය වෙ.
ලොකු මාමා
'තුංමංහන්දිය' නවකතාවෙ තවත් ප්‍රධාන චරිතයකි. උපන්ගෙයි හපන්කමි එළි දක්‌වමින් ඔහු ගැමියන්ට ඉටු මිතුරෙක් වෙයි. කිවිවත් නො කිවිවත් ගමෙ මගුල් අවමගුල් ආදියේ දි සැරසිලි ද වෙනත් වෙනත් උදවි පදව් ද ලෙඩ දුකෙහි දි බෙත් හේත් සෙවීම ද, නො පිරිහෙලා ඉටු කළ ඔහු, ගැමියනට සම්පතක් විය. සාමකාමි සහජීවනයෙන් යුත් අව්‍යාජ ගැමියෙකු ලෙස ඔහුගේ චරිතය නිරූපණය වෙ. පංසලේ පිරිත් පිංකම ද පෙරහැර ද ඔහුගේ අතින් හැඩ වැඩ වී විසිතුරු වෙයි. ඔහු කපන කැටයමි විසිතුරු ය. කපා ඉවත ලන කඩදාසි ද විසිතුරු ය. ආමිපන්න පෙට්‌ටියෙහි නා නා ප්‍රකාර ආයුධ ය. කිසිදු වැඩක් සඳහා මුදල් අය නොකරයි. මුදලට තන්නා නැත. යුතු තමට කැමති ය.
සුදු මැණිකේට පෙමි කළ ඔහු එය සිතින් විඳ දරා ගත්තේ ය. ඇය වෙන දීගයක ගියා ය. ටීටර මඩුවක් පටන් ගෙන ඔහු රඟපෑවෙ ය. වෙෂ නිරූපණය කළේ ය. එයින් ඉතිරි වූයේ මුදල් හදල් නොව සතුට ය. ලොකු මාමා නිසඟ, පිරිපුන්, අදීන, ගැමි පාරමිපරික කලාකරුවෙක් විය.
නාගරික පන්නයෙහි රැස් වැටෙන්නට පටන් ගත් කල ගැමියන්ට ලොකු මාමා අමතක විය. මාමාගේ සැරසිලි අවශ්‍ය නොවී ය. ඔහු ක්‍රමයෙන් අවලංගු කාසියක් බවට පත් විය. සියලු නො සලකා හැරීමි විඳ දරාගත් ඔහු, අල්ගම වත්ත මුර කිරීමට ගියේ, කැටයම් ආයුධ පෙටිටිය ඇඳ යටට තල්ඣ කරමිනි. රැකියාවෙන් ලද මුදලින් සිරිසේනට ද උදවි කළ ඔහු, නුහුරු රැකියාව ඔරොත්තු නො දීමෙන් දෝ මි ඇදුණේ ය. කාලයක් තිස්‌සේ, සිත තුළ සිර කරගෙන සිටි ඔහුගේ දුක්‌ඛ වෙදනාවන්, ප්‍රාණ වායුව වියැකීමත් සමග ම අවසන් විය. ඔහුගේ මරණය, ලාංකීය ගැමි සමාජයේ, ඉපැරණි සංස්‌කෘතියේ කොදු නාරටිය බදු වු, ගැමි කලා කරුවන්ගේ වඳ වී යාම සංකේතවත් කරයි.
පොඩි මාමා
ඔහුගේ පුරුෂාර්ථය ගොඩ නැගුනේ මුදල් හදල් ගරු නමිබු කේන්ද්‍ර කොටගෙන ය. ගමේ කඩයෙන් ඇරඹී ව්‍යාපාරය කිරිඳිවැල දක්‌වා විහිද ගිය අතර ගරු නමිබු යාන වාහන ඔහු දැවටිණ. ලොකු මාමා සියලු දෙනාට පිහිට වෙයි. පොඩි මාමා මුදල් හඹා යයි. ධන තන්හාවෙන් තොර ලොකු මාමා ලෙන්ගතුය. දයා පරවශ ය. පරාර්ථ චර්යාවෙන් තෘප්තිමත් වෙයි. ධන තන්හාවෙන් යුතු පොඩි මාමා මුදලට ගිජු ය. මුදල් ඉපයීමෙන් ම තෘප්තියක් ලබයි. පොඩි මාමා සිරිසේනට උදවි කළේ උපදෙස් දීමෙන් පමණි. ඔහුගේ චරිතය ගැමි සංස්‌කෘතිය හා වටිනාකමි නොසලකා හරිමින්, ධනපති පැලැන්තියට කර එසවීමට තැත් කරන මිනිස් කොටිඨාසය සංකේතවත් කරයි.