සෘදාවාන නමි ගමෙ ගොවි පවුලක එකම දරුවා වු සිරිසේන, ආණ්ඩුවෙ පාඨශාලාවෙ ඉගෙන ගනියි. පාරමිපරික කලාකරුවෙකු වු අබිලිං සිංඤෝ ඔහුගේ ලොකු මාමා ය. යහපත් මිනිසෙකු වු ඔහු, ගැමියන්ගේ සියලු ඔනෑ එපාකමි වලට පිළිසරණ වන අතර, සිරිසේනට ද පණ මෙන් ආදරෙ ය. ඔහු පරාර්ථකාමියෙකි. අවිවාහකයෙකි. මාමා වු සේතං සිඤ්ඤෝ නමිබුවට හා මුදලට කෑදර ය. ලොකු මාමා මෙන් නොව සිරිසේනට උදවි උපකාර නො කරයි.
සෘදාවාන පාසලට ජීවයක් ලැබුණේ ජයසිංහ ඉස්කෝලේ මහතා ආ පසුව ය. ඔහු සිරිසේනට හිතවත් ය. ලොකු මාමාට ගරු කරයි. මණ්ඩාවල රාළහාමිගේ උපකාරයෙන්, ටීටර මඩුවක් පටන් ගත් ලොකු මාමා රා අරක්කු බීමට ඇබිබැහි වෙයි. ටීටර මඩුව ද අසාර්ථක වී, ලොකු මාමා අවලංගු කාසියක් බවට පත් වෙයි. මිනිසුන්ට ලොකු මාමා අවශ්‍ය නැත. ලොකු මාමාගේ කලා කුසලතා සිරිසේනට ද පිහිටයි. ඔහු ද ගමට අවැසි පුද්ගලයෙක් බවට පත් ව සිටියි. කිරිඳිවැල පාසලට ඇතුළත් ව චිත්‍ර අංශයෙන් දස්කමි පායි. වියදම් සඳහාත් සිරිසේනට උදවි උපකාර කිරීමටත් සිතා ලොකු මාමා මණ්ඩාවල රාළහාමිගේ වත්ත මුර කිරීමට ගොස් නොබෝ දිනකින් රෝගාතුර ව මිය යයි. සියල්ලන්ට ඔහු ව අමතක වුව ද සිරිසේන ලොකු මාමා සිහි වි කමිපා වෙයි.
@ජ්‍යෂ්ඨ විභාගයෙන් සමත් වු සිරිසේන ව ඉංග්‍රීසි උගතෙකු කිරිමට යෝජනා කළ පොඩි මාමා ඊට උපකාර නො කරයි. ලොකු මාමාගේ අපේක්ෂාව ඉටු කරමින් චිත්‍ර ශිල්පියෙකු වීම සඳහා සිරිසේන ටෙක්නිකල් කොලීජියට ඇතුළු වෙයි. තෙමංසලක් වු රදාවාන හන්දියේ මාගර්ය වැටී තිබුණේ කොළඹට ගම්පහට හා රදාවාන ගමට ය. සිරිසේන ලොකු මාමාගේ අරමුණ ඉටු කිරීමෙ අපේක්ෂාවෙන් කොළඹ යන බසයට නැගෙයි.