දේශය එකලු කළ මිණි පහනක් මෙන් වු විශිෂ්ට කලාකරුවෙකුගේ නිර්මාණයකි. තුංමංහංදිය නවකතාව කාව්‍ය, නාට්‍ය, ගීත නාටක, ගුවන්විදුලි ගීත, දේශාභිමානි ගීත,නවකතා, කෙටිකතා, මනරමි චිත්‍ර ආදි විවිධ කලා නිර්මාණ එළි දක්‌වමින්, පවත්නා සමිප්‍රදායන් හා නව මං ඔස්‌සේ නිර්ව්‍යාජ හා ස්‌වාධීන ගමන් මගක යමින් සහජ කුසලතා පෙන් වු ප්‍රතිභාපූර්ණ කලා කරුවෙකි. ඔහු, විරන්තන ගද්‍ය පද්‍ය සාහිත්‍යයෙන් ද, බෙර පද, රබන් පද, සුරල් හා වන්නමි වලින් ද, ඔහුගේ නිසඟ කවිත්වය ඔප ගැන්විණි.
ඔහුගේ ප්‍රථම නවකතාව වු 'තුංමංහන්දිය' විදග්ධ ලේඛක පරපුරට අභියෝගයක් වැන්න. 'තුංමංහන්දිය' නව කතාව ද චිත්‍රපටය ද දෙස් විදෙස් සමිමානයෙන් පුද ලද්දේ ය. ගැමි සමාජයෙන් හා සිය ජීවිත සටනින් ලත් අත්දැකීමි පාදක කොට ගෙන, රදාවාන ප්‍රදේශය පසුබිමි කොටගෙන, රදාවාන ප්‍රදේශය පසුබිමි කොටගෙන, උත්තමපුරුෂ දෘෂ්ටිකෝණයකින් (මම නමැත්තා කතාව ඉදිරිපත් කිරීම) ලියන ලද මෙම නවකතාවෙන්, සතුට, ප්‍රීතිය, කණස්‌සල්ල, කලකිරීම හා දුක්‌ඛ දෝමනස්‌සයන් ද, හාස්‍ය හා උපහාසය ද ඉස්‌මතු කරයි. කටවහර ද, සරල බස ද මුසු වු අනායාසයෙන් ගලා යන වාග් මාලාවෙන් ස්‌වාධීන රීතියෙන්ම පහළ වෙයි.