සිලිදු
'බැද්දේගම' නව කතාවෙ ප්‍රධෘන චරිතයයි. ඔහු නිශ්චල ය, මෝඩ ය, අලස ය, වන සතුන් හා ගහ කොළ සමග කතා කරයි. ගැමියන්ගේ අදහස ඔහු වැද්දෙක්, කටවහකාරයෙක් හා පිස්‌සෙක් බව ය. සොබා දහමෙ කර්කශ බව ද, බලවතුන්ගේ අසාධාරණකමි ද, ගැමියන්ගේ සැහැසිකමි ද සිලිදුගේ පවුලට වින කරයි. ඔහුගේ ජීවිතය වූයේ වනය හා දියණිවරුන් ය. පියාගේ කැලෑ ගතිය ඔවුන් තුළ ද පිහිටා තිබුණි. කමිකටොලුවලින් අගහිඟකමි වලින් පීඩිත වු සිළිදුට, ධාන්‍ය ඉල්ලා ආරචිචිලට බැගෑ වන්නට සිදු විය. ආරචිචිල නිතරම සිළිදුට පිටු පෑවෙය.
මොවුන්ගේ වනචාරි පැවතුමි නිසා, ගමිමුන්ගේ පිළිකුළට බදුන් වන්නට ද සිදු වු බව අංගොහාමිගේ ප්‍රකාශ වලින් හෙළි වෙ.
ගති සොබාව හා හැසිරීමි රටාව නිසා, සිලිදු අමුතු ම මිනිසෙක් විය. වන සතුන් මෙන් දෙනෙත් ඇර ගෙන නිදයි. බළලෙකු මෙන් නින්දෙන් බිරුලයි. වනයට ඇම් කළ ද වනයට බිය වෙයි. නිශ්චල පුද්ගලයෙකු වුව ද කෝප වු විට අති දරුණු ය. දියණිවරුන්ට පණ මෙන් ඇමි කළේ ය. පුංචිරාළගේ හදි හූනියමි යන්ත්‍ර මන්ත්‍ර, මිථ්‍යා විශ්වාස සිලිදුගේ විනාශය උදා කළේ ය. මෙ නිසා ඔහුගේ ආත්ම ශක්‌තිය දුබල ව ගිය ද, සිය පවුලට වින කළ ආරචිචිල හා ප්‍රනාන්දු මරා දමා නීතිය ඉදිරියට යාමට තරමි හේ එඩිතර විය.
සමාජ අසාධාරණය හමුවෙ අසරණ වු සිලිදුලා, තත්කාලීන සමාජයේ තවත් සිටින්නට ඇත. එවැනි අය දිළිදු ජීවිත ගත කළ ආකාරය පිළිබඳ ව ද, බලවතා විසින් දුබලයා පෙලීම ද, සිලිදුගේ චරිතයෙන් සංකේතවත් වෙයි.
බබෙහාමි ආරචිචිල
බැද්දේගම ගමිමුලාදෑණියා ය. දුබලයන් පෙලූ අධමයෙකි. ගැමියන් බිය වද්දා, ණය බර පටවා අස්‌වැන්න ගසා කෑවෙ ය. සා දුකින් පෙළුණූ සිලිදු ගේ පවුල ඉක්‌මනින් විනාශ මුඛයට ගියේ මොහුත්, ප්‍රනාන්දුත් එකතු වී කළ ද්‍රෝහිකමි නිසා ය.
ආරචිචිලගෙන් කුරහන් ණයට ගෙන වැපිරූ ගැමියෝ, අස්‌වැන්නේ දී දෙගුණයක් ඔහුට ණය ගෙවා සුළු ධාන්‍ය ප්‍රමාණයක් ඉතිරි කර ගත්හ. ණයට හිලවිවට ඔහුට මෙහෙවර කිරීමට ද, දඩයමින් හොඳම කොටස ඔහුට දීමට ද ගමිමුන්ට සිදු විය. ඔහුට විරුද්ධව ගිය කෙනෙකුගේ ජීවිතය වැනසී ගියේ ය. යුක්‌තිය විසදුනේ ඔහුට ඔනෑ හාටියට ය. සටකපටකමින් මඩිය තර කර ගත්, දුබලයා පෙළමින් බලවත් වු නිලධාරිවාදය සංකේතවත් කරන දුෂ්ටයෙකි ඔහු, අවසානයේ ඔහුට සිලිදුගේ වෙඩි පහරකින් මරණීය සංග්‍රහයක් ලැබුණි.
එහෙත් ආරචිචිල හා ප්‍රනාන්දුගේ සැහැසි වු ද දුෂ්ට වු ද කුමන්ත්‍රණය අනුව, අයථා චෝදනාවකට හසුව, නීතියේ අසාධාරණයට ද ලක් ව, සිරබත් කමින් සිට, සිපිරි ගෙය තුළ දී ම, ශෝචනීය ලෙස මිය ගියේ ය. මෙසේ බබුන්ගේ චරිතය ද සාර්ථක ව, නිරූපණය වෙ.
කලර්යිනා හාමි
සිලිදුගේ නැගණිය යි. සත් පුරුෂ කාන්තාවකි. සිලිදුගේ දෙ දරුවන් නිරෝගී ව, පිරිසිදු ව, පැහැපත් ව වැඩුවා ය. එ බදු සැලකිලි ලැබු වෙනත් දරුවෝ ගමෙහි නො වූ හ. පුංචි මැණිකාගේ විවාහයට සිලිදු කැමති කරවා ගත්තේ ද ඇය යි. යක්‌ෂ දිෂ්ටි ගැන විශ්වාස කළ ඇය සිය සහෝදරයාගේ ශාරීරික මානසික ව්‍යාධිය සුවපත් කිරීමට දැඩි ආත්ම පරිත්‍යාගයෙන් යුක්‌ත ව වෙහෙසුණා ය. දයාබර වු ඇයට ද, දරුවන්ට ද ගමිමු ඊර්ෂ්‍යා කළ හ. ඇය ඉතා රසවත් හා චතුර ලෙස කතන්දර කීමෙ හපනියකි. මෙ බදු හද්දා පිටිසර ගමක නූගත් සමාජයක, දැනුමි තේරුමි අති, මෙ බදු කාන්තාවක් සිටීම විස්‌මයානුකූල වුව ද, කතුවරයා ඉතා තාත්වික ව අගේ චරිතය නිරූපණය කර ඇත.
පුංචිරාළ (වෙදරාළ)
පස් වෙනි පරිචිඡේදයෙන් කතාවට පිවිස, ගැටළුව මතු කර, පාඨක අවධානය දිනා, ගැටළුව ද විසඳා, නව කතාවට අමුතු ප්‍රාණයක් ලබා දෙන චරිතයකි. ඔහු කළු ය, කෘශ ය, එකැස් කණ, අපුල වු මුහුණක් ඇති වියපත් මිනිසෙකි, පුංචිරාළ දයා විරහිත ය. සැහැසි ය, කෲර ය, කටිටඩියෙක් හා වෙදෙක් ලෙස, ගැමියන් බිය වද්දා ගෙන අවනත කර ගනි. යක්‌ෂ උපද්‍රාව, හදි හූනියමි, යන්ත්‍ර මන්ත්‍ර, දඩමීමා කරගෙන බය කරවා සිළිදුගේ ලද බොළද දියණිය හින්නිහාමි ව බිරිඳ කොට ගනි. පුංචිරාළගේ ගුරුකමි, කොඩිවින නිසා තමන්ට යක්‌ෂ බැල්ම හෙළන බව සිතූ සිළිදු, කායික මානසික රෝගියෙක් විය.
එහෙත් හින්නිහාමි පුංචිරාළට ද්වෙෂ කළා ය. බැණ වැදුනා ය. පිළිකුල් කළා ය. නින්දා කළා ය. ඇගේ ගැරහීම හා කෝප වෙගය හමුවෙ පුංචිරාළ පරාජය විය. ඔහුගේ චරිතය කතාවෙ ගැටළුව උපදවා, එය උචිචස්‌ථානයකට පත් කොට, නැවත නිරාකරණය කරමින්, නවකතාවට නව ජීවයක් දෙයි. රසයක් දෙයි.
වෙනත් චරිත
ප්‍රනාන්දු, අංගොහාමි, නැංචොහාමි, පුංචිමැණිකා, හින්නිහාමි වැනි චරිත ද බැද්දේගම නවකතාව ඔපවත් කරයි. ඊර්ෂ්‍යාව කුහකකම, මෝඩකම, බලපුළුවන්කාරකම, වංක, නිවට, නියාලු බව, වංචාව මෙන් ම, අසරණ බව හා අහිංසක බව යනාදි වශයෙන් මිනිස් සිත තුළ පවත්නා, පියවි ගති ඉස්‌මතු කොට දක්‌වන, බැද්දේගම නවකතාව, සාර්ථක චරිත නිරූපණයක යෙදෙන බව පෙනේ.
බස් වහර ඉතා කලාත්මක හා නිර්මාණශීලී බස් වහරකින් මෙම බැද්දේගම නවකතාව පුරා ම සැරසී ඇත්තේ ය. පරිසර වර්ණනාවලදී යෙදෙන අලංකෘත කියමන් නිර්මාණශීලි බස් වහරට කදිම නිදසුන් ය. සිලිදු වනයට ඇලුමි කරන බව දැක්‌වෙන තැන පරිසරය හා සතුන් ඈඳා ගෙන වර්ණනා කරයි. සිලිදුගේ නිවුන් දියණියන්ගේ සිරුරේ පැහැය විස්‌තර කෙරෙන තැන, පැරණි ගද්‍ය රීතිය සිහි ගන්වයි.
උපමාවන්ගෙන් අලංකාර වු බස් වහරත්. කෙටි වැකිත් සහෘද හද ඇද බැඳ ගනි. ව්‍යවහාර භාෂාව ද, සජීවී අයුරින් යොදා ගනී. ව්‍යවහාර භාෂාව හා, ගැමි වහර ඉස්‌මතු කරන, වාග් මාලාව හා සංවාද හැඟුමිබරය, අර්ථවත් ය, ජීවමාන චරිත නිරූපණයක් ආත්තේ සජීවී බස් වහර නිසා ය. කුරහන් ඉල්ලා සිලිදු ආරචිචිල හමුවෙ පින්සෙණ්‌ඩු වීම, බබුන් හා පුංචි මැණිකාගේ ප්‍රේමාන්විත හමු වීම, බබුන් ද පුංචිරාළ ද සිලිදුගෙන් දියණියන්ගේ අත පැතීමෙ අවස්‌ථා, වන්දනා ගමන, බබුන්ගේ නඩු විභාගය, සිලිදු සතුරන් මරා නීතියට භාරවීම ආදී අවස්‌ථා හා සිදුවීමි, සජීවී ලෙස නිරූපණය වන්නේ, බස් වහරෙහි ඖචිත්‍ය ගුණය නිසා ම ය. කතා වින්‍යාසය නිදහසේ ගලා යන්නේ, කුතුහලය, සංවෙගය හා මානව දයාව උතුරා හැලෙන පරිද්දෙන් ය. දුක්‌ඛිත වු ද, සත්‍ය වු ද කරුණූ අනාවරණය කරමින්, අධර්මිෂ්ට ජනතාවකගේ චිත්‍යාභ්‍යන්තරය, තත්වාකාරයෙන් හෙළිදරවි කිරීමට, කතුවරයා සමත් වී ඇත්තේ, සරල වූ ද, සෘජු වු ද, සජවී හා අලංකාර වු ද බස් වහර නිසා ය.
පරිසරයේ කර්කෂ බව, මැසි මදුරු වසංගත වලින් පීඩා විඳීම, මිනිසා විසින් මිනිසා ප්‍රතික්‌ෂේප කිරීම, ප්‍රබලයා විසින් දුබලයා පාගා තලා දැමීම, මෙන් ම, වනගත කැලෑ ගම අවසන වනයට ම ගිලී යන ආකාරය, යථාර්ථය නො සිඳෙන ලෙස නිරූපණය කිරීමට, කතුවරයා මෙන්ම පරිවර්තකයා ට ද හැකි වී ඇත්තේ, නිර්මාණාත්මක වු ත් කලාත්මක වු ත් බස් වහරක් යෙදීම හේතු කොට ගෙන ය.