හමිබන්තොට දිස්‌ත්‍රික්‌කයේ තැනිතලා පෙදෙසක, කැලයෙන් වට වු හද්දා පිටිසර ගමකි බැද්දේගම. කර්කශ වියලි දේශගුණය නිසා වැඩි කාලයක් පොළොව ඉරිතැලි, ගහ කොළ ද වියැකි මැල වී යයි. මෙහි වරිචිචි මැටියෙන් තැනු දිළිදු පැල්පත් දහයකි. වනයට යාබද පැල්පතෙ හි වසන සිලිදු අමුතුම මිනිසෙකි. අධර්& ශීලාචාරයෙකි, නිවුන් දවරුන් දෙ දෙනෙකු සිටින වැන්දඹුවෙකි, සොහොයුරිය ඔවුන් රැක බලා ගනී. නිරෝගී වු දැරියන්ට ගමිමු ඊර්ෂ්‍යයා කරති. වැදි පවුලක් ය යි නිග්‍රහ කරති. ගම බිය ගන්වා ගෙන වසන 'බබෙහාමි ආරචිචිල' ද සිලිදුට එදිරිවාදිකමි කරයි. ගමෙන් කොන් වන සිලිදු, වන සතුන්ට හා ගහ කොළවලට ළං වෙයි. ඔවුන් අමතා කතා කරයි. භූත බලවෙග නිසා සිය පවුලට අපල ගෙන දෙන බව සිතයි.
මෙ අතර 'බබෙ හාමි' ආරචිචිලගේ මස්‌සිනා වන බබුන් සිලිදුගේ බලවත් විරෝධය මැද සිලිදුගේ දෙටු දියණිය වු පුංචි මැණිකා අවාහ කොට ගනි. පියෙකුගේ දෘඨතර දාරක ස්‌නේහය ද, ගමිබද අවාහ ක්‍රමය ද මෙහි මැනවින් නිරූපිත ය.
පස් වැනි පරිචිඡේදය ශෝකාකූල සිදු වීමි ගහණ ය. වියපත් රළු මිනිසෙකු වු පුංචිරාළ, සිලිදුගේ දෙ වැනි දියණිය වු හින්නිහාමි අඹු කමට පතයි, සිලිදුගේ යක්‌ෂ දෝෂ, හදි හූනියමි, කරුමය වැනි විශ්වාස දඩමීමා කරගෙන, ඔවුන් අසරණ කර හින්නිහාමි ලබා ගනී. සිලිදු දැඩි ලෙස ගිලන් වෙයි. පුංචිරාළගේ උපදෙස් පිට ඔවුහු වන්දනා ගමන, දෙවියන් පිදීම හා සන්නාසියා මුණ ගැසීම ආදියෙන් අනතුරු ව හින්නිහාමි පුංචිරාළට ම භාර දෙති. නොබෝ දිනකින් ඇය ඉමහත් ද්වෙෂ සහගත ව පුංචිරාළ ව අත හරියි.
හය වැනි පරිචිඡේදයෙන් ශෝචනීය තත්වය තවත් උග්‍ර වෙයි. හින්නිහාමි පුංචි නෝනා තම දියණියට ද, පුංචි අප්පු නමි අනාථ මුව පැටියාට ද සිය තන පුඩුවෙන් කිරි පොවමින් එක සේ පතුරුවන දාරක ප්‍රේමය හද කකියවන සුළු ය. එහෙත් සිත් පිත් නැති ගම්මු, ඇයට අවඥා කළ හ. ඇගේ දරුවා වසංගතයෙන් මිය ගියා ය. තිරිසන් පැවතුමි ඇති මිනිසුන් විසින් හින්නිහාමිත්, මුව පැටියාත් ගල් මුල් වලින් ගසා මරා දමනු ලැබූ හ.
මෙ අතර ගමට පැමිණෙන 'ප්‍රනාන්දු' නමි කපටි පුද්ගලයා, බබෙහාමි ආරචිචිල ඇතුළු ගැමියන් සිය ණය ගැතියන් බවට පත් කර ගෙන, පුංචි මැණිකා හා සහවාසයට ද මාන බලයි. ඇගේ සැමියා වන බබුන් ව බොරු චෝදනාවකට පටලවා හිරේ යවයි. ආරචිචිලට හා ප්‍රනාන්දුට ඔනැ අන්දමින් සියල්ල සිදු වෙ. වියරු වැටුණූ සිලිදු, තම පවුලට වින කළ ආරචිචිලට හා ප්‍රනාන්දුට, වෙඩි තබා මරා දමා නීතියට භාර වෙයි. බබුන් ගැන විපරමි කළ පුංචි මැණිකාට, ඔහු හිරේ දී මිය ගිය බව අසන්නට ලැබෙ. ඇය බැද්දේගමට පැමිණ හුදකලා ව දිවි ගෙවයි.
ලෙඩ දුක් හා සාගතයෙන් ගැමියන් මිය ගිය අතර, ඉතිරි අය ද ගම අතහැර ගියෙන්, ඉතිරි වූයේ පුංචිරාළ හා පුංචි මැණීකා පමණි. පුංචිරාළ ද ලෙඩින් වැටී මිය යයි. පුංචි මැණිකා තනි වෙයි. බඩ සායෙන්, බියෙන්, අසරණ ව පීඩිත ව ඇය ද ශෝචනිය ලෙසක්‍රමයෙන් මියැදෙයි. බැද්දේගම වනයෙන් වැසි යයි.