බැද්දේගම
 

'ලෙනාඩි වුල්ග්' නමැති ඉංග්‍රීසි ජාතික ලේඛකයා විසින්, ශ්‍රී ලංකාවෙ වනගත ගැමි ජන ජීවිතය පිළිබඳව ලියන ලද, "විලේජ් ඉන් ද ජංගල්" නමි නව කතාව, ඒ. පී. ගුණරත්න ශූරින් විසින් "බැද්දේගම" නමින් සිංහලයට පරිවර්තනය කරන ලදි. සිවිල් නිලධාරියෙකු වශයෙන්, ලංකාවෙ පිටිසරබද පළාත්වල දිගු කලක්‌ සේවය කළ 'ලෙනාඩි වුල්ෆ්' සිංහල ගැමි ජන ජීවිතය විනිවිද දැක, සිය අත්දැකීමි යථාර්ථය නො සිඳෙන සේ නවකතාවට නැඟුවෙ ය. මෙම නව කතාවෙහි වස්‌තු විෂය වූයේ කැලෑබද ගමක පරිහානිය හා අවසාන විනාශය යි.


කුරිරු මුලාදෑනියකගේ ද, ණය හිමියන්ගේ ද, යමි උගුල්වලට හසු වී විනාශ මුඛයට යන, සිලිදුගේ පවුල පිළිබඳ ශෝක වෘතාන්තය මෙහි දිග හැරේ. යුක්‌තියේ පිළිසරණ ද නො ලද ඔවුහු, වනයට ම බිලි වන අයුරු හද කකියවන සුළු ය. තත්කාලීන රදළ ක්‍රමය හා මුලාදෑනි ක්‍රමය සෘජු ලෙස ද, සෝපාහාසයෙන් ද මෙහි විවරණය වෙ.


පරිවර්ථනය කෘතියක්‌ වශයෙන් ද 'බැද්දේගම' අතිශයින් ම වැදගත් ය. මුල් කෘතියෙහි කලාත්මක බව නො සිඳ, රස සුන් නො කොට රසාලිප්ත බස්‌ වහරකින් කරන ලද පරිවර්තනයකි මෙය, සහෘද හද ඇද බැඳ ගන්නා, සජීවි සංවාද තුළින්, චරිත පණ ගැන්වෙයි. කෘතියෙහි මුල සිට අග දක්‌වා ම සහෘදයා තුළ මානව දයාව, සානුකමිපිත හැඟීමි උපදවයි. බැද්දේගම නව කතාව සහෘදයාගේ විශ්වාසනීයත්වය දිනා ගනී.

(c) Shilpa Sayura Foundation 2006-2017