අතීත කාල ක්‍රියා පද ස්වරූප පහත පරිදි වේ. උත්තම පුරුෂ අතීත මම ගී කීවෙමි. මම පාඩම් කළෙමි. අපි ගී කීවෙමු. අපි පාඩම් කළෙමු. මධ්‍යම පුරුෂ අතීත නුඹ ගී කීවෙහි. නුඹ පාඩම් කළෙහි. ඔබ ගී කීවෙහි. ඔබ ගී කීවෙහු. නුඹලා ගී කීවෙහු. නුඹලා පාඩම් කළෙහු. ප්‍රථම පුරුෂ අතීත ඕ ගී කීවා ය. ඕ පාඩම් කළා ය. ඈ ගී කීවා ය. ඕ තොමෝ ගී කීවාය. ඌ තුමූ ගී කීවේ ය. මිනිසා ගී කීවේය. මිනිස්‌සු ගී කීවෝය. මිනිස්‌සු පාඩම් කළෝය. දරුවෙක් ගී කීවේය. දරුවෝ ගී කීවෝය. ඔවුහු ගී කීවෝය. |