සරල, සුගම, ගීතවත් බස් වහරක් මෙහි දක්‌නට ලැබෙ. ජාතක කතාව නිදහසේ ගලා යන්ට සලස්‌වමින්, කතා රසය මතු කරමින්, අථර්ය රසය උපදවමින් රස මතු කරයි. පොදු ජන රුචිය දිනූ ගුත්තිලය, රසවත්ම ජාතක කතා කාව්‍යය වෙ. කතාව වෙගයෙන් ගලා යන්නට සලස්‌වා ඇත ද, අවස්‌ථා නිරූපණය මැනවින් සිදුවෙ. සහෘදයා තුළ චිත්ත රූප මවයි.
අවස්‌ථානුකූල ව උචිත ලෙස විවිධ විරිත් වලින් කවි පබැදීම ගුත්තිලයේ බස් වහරෙහි විශිෂ්ට ලක්‌ෂණයකි. ජනකවිය ද ආභාස කොටගෙන, කතන්දර කීමෙ විලාසයෙන් ද, වෙග රිද්මයෙන් ද, මන්දගාමී රිද්මයෙන් ද, ලාලිත්‍ය ඉස්‌මතු වන අයුරින් ද පද මාලාව අමුණන්නේ සහෘද හද ප්‍රිණනය කරමිනි.
කවිවල අරුත් තේරුමි ගැනීමට ගැට පද අවශ්‍ය නැත. පුන පුනා කියවා රස විඳිය හැකි ය. සරල බසින් කතාව ගලා යන්ට සලස්‌වයි. අනවශ්‍ය වර්ණනා නැත. අවස්‌ථාවෝචිත ව යෙදූ වැණුමි තුළින් රස වෑහෙයි. සැණකෙළි වැනුම, වෙණ මිහිර, සුරවීන රැගුම එබදු ය.
අනවශ්‍ය ලෙස කාව්‍යාලංකාරවලට වහල් නො වූව ද, එළිසමය, අනුප්‍රාසය, උපමාලංකාර හා රූපකාලංකාර උචිත පරිදි යොදන්නේ රස තිව්‍ර කරමිනි. කවියාගේ මුවඟට නැගෙන, නිදහස් කවි සංකල්පනාවන්ගෙන් බිහිවන වදන් වැල්, මුතු මාලයක් සේ අලංකාර ව අමුණා ඇත. රසවත් කාවයෝක්‌ති මගින් චිත්ත රූප මැවීමට ද සමත් වෙ. ප්‍රතිභාපූර්ණය කවිත්වය ඉස්‌මතු කරවන සැණකෙළි වැනුම, උදේනි පුර සැණ කෙළියට අප ද කැඳවා ගෙන යයි.
කවියා තුළ සමාන රූපි පද ද, බහු අර්ථය පද ද යොදන කවියා, නිවැරදි වියරණය ද සිය කවිය තුළින් ඉස්‌මතු කරයි. ඔහුගේ වාග් පටුත්වය එයින් පිළිබිඹූ වෙ. වචන සුඟකින් විශාල අර්ථයක් මතු කිරීම ද තවත් ලක්‌ෂණයකි. ශබිද රසය ද අර්ථ රසය ද එකිනෙක බැඳී රස නිෂ්පත්තිය සිදු කරයි.
ජන කවි වහරට ද ලංවී, සහෘදයා හට වෙහෙසකින් තොර ව, කියවා හෝ අසා රස විදීමට සලස්‌වා තිබීම විශිෂ්ට ලක්‌ෂණයකි. සංවාද ස්‌වරූපය නිසා සජීවි බවක් දක්‌වන තැන් ද, නාට්‍යමය ලක්‌ෂණ මතු කරන තැන් ද බොහෝ ය. ගතානුගතික වැනුමි ක්‍රමයෙන් බැහැර නො වුව ද කතා රසයෙන්, ශබිද අර්ථය මාධූර්&යෙන් ඉමහත් ආස්‌වාදයක් අත් විඳිය හැකි කාව්‍යයකි.
ගුත්තිල කාව්‍යයෙන් ඉස්‌මතු වන සමාජ තොරතුරු
පැරණි දඹදිව සමාජ තාලය නිරූපණය වෙ. නගරාන්තර සංචාරක වෙළඳ ක්‍රමය හා බඩු හුවමාරුව පැවති බව හෙළි වෙ. සැණකෙළි වැනුමෙන් උත්සවයක ස්‌වභාවය හා සැරසිලි පෙන්වයි. එකල ගුරු ගෝල සමිබන්ධය, ගුරුවරයෙකුගේ දැනුමි සමිභාරය, සමාජයීය සාරධර්ම මතු කරයි. සමූහාණ්‌ඩු ක්‍රමය හා නිලතල පිළිබඳව වීණා වාදන මණ්‌ඩල වර්ණනාවෙන් පෙනේ. ඇදුමි පැළදුමි, අබරණ, උත්සව සැරසිලි ක්‍රම ගැන ද කියැ වෙ. ප්‍රශස්‌ති ගායනය, වාද්‍ය භාණ්‌ඩ භාවිතය පමණක් නො ව හසල බුද්ධිමතුන් ද සිටි බව පෙන්වයි. දඹදිව සමාජ ලක්‌ෂණ ද මෙහි ගැබි වන්නට ඇත.